(සුජිත් හේවාජුලිගේ )
රටේ ත්‍රස්ත ක්‍රියා සිදුවිය හැකි බවට පැතිර යන ප්‍රචාරවල පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගන්නැයිද ආරක්ෂක ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
රටේ ආරක්ෂාව මනා ලෙස ස්ථාපනය කර ඇති බවත් ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය ආරක්ෂක හමුදා සහ නීතිය සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන අනෙකුත් ආයතන දැඩි කැපවීමකින් කටයුතු කරමින් සිටින බවත් ගුණරත්න මහතා ප්‍රකාශ කරයි .
ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති හතරවෙනි මට්ටමේ සංචාරක සීමාවල ත්‍රස්ත තර්ජන ගැන සඳහන් වී තිබීම එම ක්‍රියාවලියේ සාමාන්‍ය දෙයක් බව ඔහු වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඇත්තමද? අපි නම් දන්නේ නැහැ.
මහජන අවධානය වෙනපැත්තකට ගන්න දරන උත්සාහයක්
රටේ ආරක්ෂාව කියන වචන දෙකේ තේරුමවත් නොදන්නා අය මේ ටිකත් දැනගත යුතුයි.රටේ ආරක්ෂාවට තර්ජන ඇතිවන්නේ බෙදුම්වාදී, ජාතිවාදී ආගමික ත්රස්තවාදීන්ගෙන් පමණක් නොව, අවුරුදු එකහමාරක් පමණ තිස්සේ රටේ ජනතාවට පහරදෙන " කොවිඩ් කොරෝනා " වසන්ගතයත් රටේ ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක්.
අනේ මොනවද මේ බහුබුත කතා තාම පාස්කු ඝාතනයෙ අය නිදැල්ලෙ මෙයා කියනව ජාතික ආරක්ෂාව සුරක්ෂිතයි කියල.මහත්තයො ඔවට අපි කියන්නෙ වැල් බයිල කියල.
තමුන්නාන්සේලාට බොරු බිල්ල ඉඳල හිටල හරි නැගිට්ටවන්න හිතෙනව වගේ, අපි නම් කිසිම වෙලාවක එහෙම ප්‍රවෘත්තියක් අහල නැහැ. රාජපක්ෂවරුනගෙ පැවැතිමට ඔය බොරු බිල්ල අවශ්‍යමයි
නෑ නෑ.එහෙම බයක් නම් නෑ.දැන් බය තියෙන්නෙ සර්ල එකතුවෙලා කොයි වෙලාවක හරි අපිවත් එක්කම රටම තව කොහෙ හරි රටකට විකුණල හරි උගස් කරල දායි කියල තමයි..
බයවෙන්න එපා කිව්වා විතරයි
මහ ජාතිය සතුටු කරන්න ප්‍රකාශ. මුළු ලංකාවම හාමතේ ඉන්න එක ගැන ගානක් නැහැ.
මේ හැම කොමෙන්ට් එකකටම වාගේ නෙගටිව් කොමෙන්ට්ස් දමන කෙනා කවුද.?
ගොඩ දවසකට පස්සේ කොහෙද හැංගිලා හිටියේ.?
කොරෝනා ගැන නම් අපි කිසිම බයක් නෑ.
ආරක්ෂාව නම් තියෙනවා හැබැයි කන්න නෑ...
එ්ක නම් තේරුණා... ලේකම්තුමා බලන්න කටාන දිවුලපිටිය කට්ටිය කප්පම් ගන්න හැටි. තනිකරම පාතාලය පාලනය කරන්නේ. වගකීමෙන් කියන්නේ බුද්ධි අංශ දාලා හොයන්න පුළුවන්...