(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1298ක් දක්වා ඉහළ ගියේය.
මෙම මරණ අතරින් 2 ක් අද (25) දිනයේත් සෙසු ඒවා මැයි 20 සිට 25 වැනිදා දක්වාත් සිදුවූ ඒවා වේ.
20 හැවිරිදි තරිණියකගේ මරණයක් ද මේ අතර වේ.
මින් සිවු දෙනකු නිවසේදී මියගොස් ඇති අතර තිදෙනෙක් රෝහලට ඇතුළත් කරන අසස්ථාවේ මියගොස් ඇත.
කළුතර උතුර ප්‍රදේශයේ 73 හැවිරිදි පිරිමි අයෙක්, හාලිඇල ප්‍රදේශයේ 20 සහ 75 වයස්වල කාන්තාවන් දෙදෙනෙක්,මාවතගම ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි අයෙක්, කුරුණෑගල පදිංචි 62 හැවිරිදි කාන්තාවක් සහ 64 හැවිරිදි පිරිමි අයෙක්, ගල්ගමුව ප්‍රදේශයේ 78 හැවිරිදි පිරිමි අයෙක්, මිනුවන්ගොඩ ප්‍රදේශයේ 55 හැවිරිදි පිරිමි අයෙක්, මාස්පොත ප්‍රදේශයේ 71 වියැති කාන්තාවක්, කැකුණගොල්ල ප්‍රදේශයේ 52 හැවිරිදි පිරිමි අයෙක්, පොල්ගහවෙල ප්‍රදේශයේ 84 හැවිරිදි කාන්තාවක්, අඟුරුවාතොට ප්‍රදේශයේ 94 හැවිරිදි පිරිමි අයෙක්, ගෝනපොල ප්‍රදේශයේ 86 හැවිරිදි පිරිමි අයෙක්, බුලත්සිංහල ප්‍රදේශයේ 72 හැවිරිදි පිරිමි අයෙක්, නයිනමඩම ප්‍රදේශයේ 67 හැවිරිදි කාන්තාවක්, හපුගස්තලාව ප්‍රදේශයේ 83 හැවිරිදි කාන්තාවක්, නාවලපිටිය ප්‍රදේශයේ 65 හැවිරිදි කාන්තාවක් සහ 75 හැවිරිදි පිරිමි අයෙක්, රත්තොට ප්‍රදේශයේ 86 හැවිරිදි කාන්තාවක් සහ 60 හැවිරිදි පිරිමි අයෙක්, කොස්වත්ත ප්‍රදේශයේ 84 හැවිරිදි පිරිමි අයෙක්, මල්වාන ප්‍රදේශයේ 55 හැවිරිදි පිරිමි අයෙක්, මට්ටක්කුලිය ප්‍රදේශයේ 63 හැවිරිදි පිරිමි අයෙක් සහ 67 හැවිරිදි කාන්තාවක්, කොළඹ 15 ප්‍රදේශයේ 59 සහ 70 හැවිරිදි වියේ පසුවන පිරිමි අය දෙදෙනෙක්, කොළඹ 14 ප්‍රදේශයේ 46 හැවිරිදි කාන්තාවක්, වාලච්චේන ප්‍රදේශයේ 64 හැවිරිදි කාන්තාවක් සහ කටුනේරියේ 88 හැවිරිදි කාන්තාවක් මියගිය අය අතර වෙති.
මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර මරණ වෙද්දී ඇයි ඉක්මනින් වයස හැටට වැඩි අයට එන්නත් දෙන්න බැරි ඉස්සෙල්ලා . දැන් ඒකත් කාටද දුන්නේ කොහේට ද දීලා ඉවර කලේ කියලා හොයාගන්න බෑ දැන් වත් පිලිවෙලකට කලොත් හොඳ යි .