(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේ නවතා තිබියදී ගිනිගැනීමකට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු රසායනික සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය හේතුවෙන් බස්නාහිර සහ වයඹ පළාත්වලට අයත් මුහුදු තීරයේ කිලෝමීටර 10 ක් පමණ දැඩි පරිසර හානායකට ලක්ව ඇතැයි සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති නීතිඥා දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.
දික්ඕවිට සිට කොච්චිකඩේ දක්වා මුහුදු තීරයට මෙහිදී දැඩි හානියක් සිදුව ඇති බවත් එම හානිය පිළිබඳව වාර්තාවක් මේ වන විටත් සකස් කර ඇති බවත් දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.
ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය හරහා ත්‍රිවිධ හමුදාව යොදාගෙන එම මුහුදු තීරණයෙන් අපද්‍රව්‍ය සම්පූර්ණයෙන් ඉවත්කිරීමට නියමිත බවත් හැකි පමණ වෙරළ තීරය යථා තත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය පැවසුවාය.
ස්ලාස්ටික් නිෂ්පාදනය සඳහා ගන්නා ‘පබළු’ වැනි අමුද්‍රව්‍යයක් මෙම වෙරළ තීරයේ විසිරී තිබෙන බවත් ඇතැම් විට එම ද්‍රව්‍ය වැලිත් සමඟම ඉවත්කිරීමට සිදුවිය හැකි බවත් සභාපතිනිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට රටක ඔහොම දෙයක් වුණාම හිතාගන්න බැරිතරමේ වන්දියක් ඒ රටට ගෙවන්න වෙනවා. නමුත් මෙතැනදී මේ වන්දි වැඩේ බහිරවයෙක් අතට ගිහින් නැව් සමාගම බේරෙන වැඩක් තමයි වෙන්නේ.
මේ මහත්මිය පසුගිය දිනවලදී කිව්වේ ... ඕනෑම ආපදාවකට ලැහැස්ති වෙලයි ඉන්නේ කියලා.. ඒත් දැන් කියනවා වෙනස් වෙලාලු.. හොඳ සිහි කල්පනාවෙන් රාජකාරිය කරන බවක් පේන්න නැහැ..
මේකට කොමිෂන් එකක් දාල විසි වෙනිද ඉදල අද වෙනකන් කලේ කුමක්ද යන්නත්, මෙවන් හානියක් වෙන බව පූර්ව නිගමනයක් නොතිබුනේද , ගින්න පාලනය අසාර්ථක වන බව පෙනීයද්දී නැව ඈත ගැඹුරු දියඔට ගෙනයාමට කටයුතු නොකලේ ඇයිද යන්න, අපගේ මුහුද තීරයේ සහ ජාත්‍යන්තර මුහුදේ යන දෙකෙන් අනතුරකදී නැව් සමාගමට වාසි කුමක්ද යන්නත් සෙවිය යුතුය. බස්නාහිර පලාතේ වැඩිම ධිවර ප්‍රජාවක් සිටින මෙම මුහුදු තීරයට වූ හානිය වන්දි වලින් මැනිය හැකිද? මුහුදේ ගිලුනු බහාලුම් කොපමණ කලක් රසායන ද්‍රව්‍ය මුදා හරීද යන්න කවුද දන්නෙ, මෙය සහරාන් කලාට වඩා හානියක් ඔය ප්‍රදේශයට කලා යන්න මගේ හැඟීමයි