අඟුණකොළපැලැස්ස බන්ධනාගාර වර්ජනය අවසන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජනය මේ වන විට අවසන් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 23 November 2020
කුරුණෑගල මහවීදිය තාවකාලිකව වසා දමයි කුරුණෑගල නගරයේ පිහිටි ප්‍රධානම වීදිය ලෙස සැලකෙන මහ වීදියේ ව්‍යාපාරික ස්ථාන රැසකින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගෙන එම වීදියට සංචරණ සීමා පනවා තාවකාලිකව වසා දැමීමට කුරුණෑගල මහ නගර සභාව පියවර ගෙන ඇත. 23 November 2020
දඹුල්ල තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමයි කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සිට දඹුල්ල තැපැල් කාර්යාලය වෙත තැපැල් මලු ප්‍රවාහනය කළ සේවකයෙකු කෝවිඩ්-19 ආසාදිත බවට හදුනා ගැනීම නිසා දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවා කටයුතු තාවකාලිකව නවතා දමාතිබේ. 23 November 2020
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් ආහාර වර්ජනයක අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් අද(23) උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 23 November 2020
තවත් කොරෝනා මරණ 4 ක් කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් සිවුදෙනකු අද (22) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 22 November 2020
කොවිඩ් මරණ ආදාහනය කිරීම නවත්වන්න එපා කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් සිදුවන මරණ බැහැර කිරීමේ ක්‍රම අධ්‍යනය කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව අවසන් වාර්තාවක් ඉදිරිපත් කර තෙක් ආදාහනය කිරීම දිගටම කරගෙන යන ලෙස එම කමිටුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත. 22 November 2020
නව අමාත්‍යංශ දෙකක් නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවීම සහ අමාත්‍යාංශ කිහිපයක විෂයයන් සංශෝධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ජනාධිපතිවරයා ඉතුක් සිකුරාදා (20) මෙම අතිවිශේ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. 22 November 2020
පාසල්වල සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් බිලියන 105 ක් ශිෂ්‍ය සංඛ්‍යාව පාදක කරගනිමින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා රුපියල් බිලියන 105.812 ක් පාසල් වෙත ලබාදීමට දැනටමත් පියවර ගෙන ඇති බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. 22 November 2020
විෂබීජනාශක දියර බී රුසියාවේ 7 ක් මරු දකිති කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතා කරන විෂබීජ නාශක දියර වර්ගයක් පානය කිරීමෙන් රුසියාවේ යකුටියා කලාපයේ 7දෙනෙකු මියගොස් තිබේ. 22 November 2020
ගැසට් එකේ මිලට හාල් ගන්න කරල කැපෙනකල් ඉන්න සහල් සඳහා උපරිම මිල ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදන යටතේ පාරිභෝගිකයින්ට සහල් මිලදී ගැනීමට හැකිවන්නේ ඉදිරි වී අස්වැන්න ලැබෙන විට දී බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ( 22) දඹුල්ලේ දී පැවසීය. 22 November 2020
කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා තාවකාලිකව නවත්වයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් හා උප තැපැල් කාර්යාල නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව වසා දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 22 November 2020
’ සියලුම රණවිරුවන්ට ඉඩම් ලබා දෙනවා’ සියලුම රණවිරුවන්ට පදිංචියට, කෘෂිකාර්මික කටයුතු කරගන්නට,වාණිජ කටයුත්තක් කර ගන්නට ඉඩමක් ලබාදිමට කටයුතු කරන බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසිය. 22 November 2020
ශ්‍රී ලාංකික කාන්තාවන් ක්වේටයේ රෝහල්වල අසරණව ක්වේට් හි රෝහල් ගතව සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සේවය කළ නිවෙස්වලින් ආපසු භාර නොගැනීම නිසා මාස 10 තිස්සේ කසූර් නගරයේ සභා ටීබී දෙරන් රෝහලේ රැඳී සිටිති. මේ අතර සභා ටී බී දෙරන් රෝහලේ තවත් ශ්‍රී ලාංකිකයන් සිටින බවත් දැඩිසත්කාර ඒකකයේ සිටි කාන්තාවක් මිය ගිය බවත්, කොළඹ පදිංචිකාරියක වන තවත් කාන්තාවක් මේ වනවිටි දැඩි සත්කාර ඒකකයේ සිටින බවත් ඔවුන් බලන්න්ට කිසිවෙකු නොඑන බවත් කීවාය. 22 November 2020
පුත්තලමේ පාසල් විවෘත කිරිමට විරෝධය මේ වන විට පුත්තලම දිසාව තුළ කොරෝනා වසංගත තත්ත්වයේ දෙවෙනි රැල්ල විශාල වශයෙන් වාර්තාවන බව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී තිබිය දි දිසාවේ රජයේ පාසල් යළි හෙට ( 23 දා ) සිට විවෘත කිරිම දරුවන් ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයන්හි ජිවිත අනතුරේ හෙළි මක් විය හැකි නිසා සෞඛ්‍ය තත්ත්වය යහපත් වන තෙක් මෙම පාසල් යලි විවෘත කිරිමට විරෝධය පල කරන බව ලංකා විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 22 November 2020
අටලුගමට පොලිස් මුරකාපොලු 10 ක් බණ්ඩාරගම අටුලුගම ග්‍රාම සේවා වසම අටක් හුදකලා කිරීමත් සමගම එම ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි යුද හමුදා සහ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත පොලිස් මුර කපොලු 10 ක් ස්ථාපිත කළ බව පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා පැවසීය. 22 November 2020
රාමඤ්ඤ නිකායේ නව මහානායක නාහිමි මකුලෑවේ විමල නාහිමි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වැඩ බලන මහානායක මාහිමි ධූරයට මීරිගම මිනිඔලූව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති මකුලෑවේ විමල නාහිමිපානන් තේරී පත්වූ බව එම නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ සාසනරතන නාහිමියෝ එම නිකායේ විශේෂ කාරක සංඝ සභා රැස්වීමේදී ප්‍රකාශයට පත් කරනු ලැබූහ. 22 November 2020
කොළඹ-ගම්පහ-කළුතර පෙදෙස් කිහිපයක හෙට අගුලු අරී කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල හුදෙකලා කර ඇති පොලිස් වසම් කිහිපයක් හෙට(23) අලුයම 5.00 සිට අගුලු ඉවත් කරන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ධානය දැනුම් දෙයි. 22 November 2020
අද දිනයේදී කොරෝනා මරණ 9 ක් කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් නම දෙනකු අද (21) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 21 November 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 16,000 ඉක්මවයි මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (21) පස්වරු 10.40 වනවිට තවත් ආසාදිතයන් 230 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 487 ක් දක්වා ඉහළ ගියේය. 21 November 2020
හිටපු ඇමැති පුතා අත්අඩංගුවට කොළඹ 7 කුරුඳුවත්ත දිසා විනිසුරුවරයෙකුගේ නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට බැණ තර්ජනය කිරීමේ සිද්ධියකට හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 21 November 2020
මහ බැංකුවේ සේවකයකුට කොරෝනා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් ඔහු මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබන බවත් එම බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 21 November 2020
අරලගංවිල පොලිසිය වසාදමයි අරලගංවිල පොලිසියේ රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු එම පොලිසියේ සේවය කරන 136 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවත් එම වාර්තා ලැබෙන තෙක් අරලගංවිල පොලිසිය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා (21) ප්‍රකාශ කළේය. 21 November 2020
එජාප ප්රතිසංවිධාන කටයුතු අනුරාධපුරයෙන් එජාප පාක්ෂිකයන්ගේ විශ්වාසය දිනා ගෙන පක්ෂයේ අභිමානයද ආරක්ෂා කර ගනිමින් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අනුරාධපුරයේදි පැවසීය. 21 November 2020
අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99 කින් සම්මතයි අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99කින් අද(21) පාර්ලිමේන්තුවේදී සම්මත විය. 21 November 2020
ගජේන්ද්‍රකුමාර්ගේ කතාවට පාර්ලිමේන්තුවේ විරෝධය ශ්‍රී ලංකා රජය දෙමළ ජනයාට නොසලකන බවත් යුද අපරාධ කළ බවත් කියමින් ඕල් සිලෝන් ටැමිල් කොංග්‍රසයේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අද(21) පාර්ලිමේන්තුවේදී සිදුකළ කථාවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දැඩි විරෝධය පළ කිරීමත් සමග සභාව උණුසුම් ස්වභාවයක් ගත්තේය. 21 November 2020
විපක්ෂයට ප්‍රශ්න ඇසීම සීමා කිරීමෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි විපක්ෂයට ප්‍රශ්න ඇසීමේ අවස්ථාව සීමා කිරීම හේතුවෙන් අද(21) පාර්ලිමේන්තුව ආරම්භයේදීම උණුසුම් තත්ත්වයක් ඇතිවිය. කොවිඩ් 19 වෛරසය මැඩපවත්වන එන්නත සම්බන්ධයෙන් ප්‍රශ්නයක් විපක්ෂය ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේ මෙම තත්ත්වය ඇතිවූ අතර ප්‍රශ්න 8ක් පමණක් ඇසීමට සීමා කර තිබීම පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරු දිගින් දිගටම විමසා සිටි අතර සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ කථානායකවරයාගේ තීන්දුවට ගරු කළ යුතු බවත් එය අවසන් තීන්දුව බවත්ය. 21 November 2020
අටුළුගම අගුලු දමයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් අටුලුගම ප්‍රදේශයෙන් එකවර කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 17 දෙනෙකු හමුවීමත් සමඟම එම ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර හුදෙකලා කිරීමට පියවර ගත් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. 21 November 2020
නාපානේ නාහිමියන් වෙනුවෙන් නිශ්ශබ්දතාව පළකිරීම කතානායකවරයා ප්‍රතික්ෂේප කරයි අයවැය විවාදය අද (21) දිනට ආරම්භ කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ අපවත්වී වදාළ නාපානේ පෙමසිරි රාමඤ්ඤ නිකායේ මහ නාහිමියන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන ලෙසයි. නමුත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඒ සඳහා වෙනම යෝජනාවක් සම්මත කළ යුතු බවයි. 21 November 2020
නොරෝච්චෝලෙන් යලි විදුලිය නඩත්තු කටයුතු වෙනුවෙන් නවතා තිබු නොරෝච්චෝල ලක් විජය බලාගාරයෙන් නැවත ජාතික පද්ධතියට විදුලිය ලබා දිම ඊයේ (20) රාත්‍රියේ සිට ආරම්භ වූ බව විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය. 21 November 2020
හලාවත පොදු මාළු වෙළඳපල වසා දමයි කොරෝනා වසංගතයේ දෙවෙනි රැල්ලෙන් හලාවත ජනතාව බේරා ගැනීමේ අරමුණින් අද (21) උදෑසන සිට සතියක කාලයකට හලාවත පොදු මාළු වෙළඳපල වසා දැමේ. 21 November 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026