74 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි කොරෝනා ආසාදිත තවත් පුද්ගලයකු අද (20) දිනයේදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. මෙම මරණයත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 73 කි. 20 November 2020
අද දිනයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 435 ක් දක්වා ඉහළට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (20) පස්වරු 22.15 වනවිට තවත් ආසාදිතයන් 215 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 435 ක් දක්වා ඉහළ ගියේය. 20 November 2020
කෝටි 100 ක කුඩු අල්ලයි රුපියල් කෝටි සියයකට අධික වටිනාකමකින් යුත් හොරෙයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයන් තිදෙනෙක් අද (20) වැලිගම, මෝදර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 20 November 2020
වාසුදේව - ෆොන්සේකා කොවිඞ් එන්නතට ගැටෙති ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේ ‘කොවිඞ් 19’ මර්දන එන්නත ගෙන්වීමේ අවශ්‍යතාවක් නොමැති බවට වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට එරෙහිව සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා අදහස් දැක්වීමට යෑමෙන් අද (20) පාර්ලිමේන්තුව විනාඩි හයක පමණ කාලයක් උණුසුම් තත්ත්වයක් ගත්තේය. 20 November 2020
කංසා වවලා ණය බරින් මිදෙමු ශ්‍රී ලංකාව තුළ ඖෂධයක් ලෙස කංසා වගාකර අපනයන ආදායමින් ණය බරින් නිදහස් වන ලෙස රජයට යෝජනා කරන බව සමඟි ජනබලවේගයේ මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය අද (20) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. ඩයනා ගමගේ මහත්මිය මේ වන විට රජයට සහය පළකරන මන්ත්රීවරුයක් ලෙස පිළිගැනේ. 20 November 2020
මද්රාසා පාසල්වල උගන්වන විදේශිකයන් ගැන මම හොයා බලනවා මද්රාසා පාසල්වල උගැන්වීමට වීසා ඉල්ලමින් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන් පිළිබඳව දැඩිව අධීක්ෂණය කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (20) පැවසීය. 20 November 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුරට අද 220 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (20) පස්වරු 6.30 වන විට කොරෝනා ආසාදිතයන් 220 දෙනෙකු එක් වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 20 November 2020
පාර්ලිමේන්තුවට ආ බස් රියක් පොකුණට වැටෙයි අද සවස පාර්ලිමේන්තුව අවසන් වීමෙන් පසු පාර්ලිමේන්තු කාර්ය මණ්ලය රැගෙන යාමට පැමිණි ලංගම බස්රියක් පාර්ලිමේන්තුව ඉදිරිපිට පොකුණට වැටී තිබේ. 20 November 2020
ආචාර්ය රංග කලංසූරිය ලොව හොඳම 5 අතරට කැනඩාව සහ එක්සත් රාජධානිය ප්‍රථම වරට පිරිනැමූ මාධ්‍ය නිදහස සඳහා වන සම්මානයේ නිර්දේශිත නාම පහ අතරට එක්වීමට ආචාර්ය රංග කලන්සූරිය මහතා සමත්විය. 20 November 2020
දුරගමන් සේවා බස් සති අන්තයේදි සාමන්‍ය පරිදි වැඩ දුර ගමන් සේවා බස් රථ සති අන්තයේ හෙට(21) සහ අනිද්දා(22) දිනයේ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ධාවන එච්. පණ්ඩුක මහතා ලංකාදීපයට පැවැසීය. 20 November 2020
සුවය ලැබූ 368 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 368 දෙනෙකු සුවය ලබා අද (20) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 20 November 2020
කළුතර උතුර රතුකුරුස නිවාස සංකීර්ණය හුදෙකලා කරයි කළුතර උතුර රතුකුරුස නිවාස සංකීර්ණයෙන් කොරෝනා වයිරසය ආසාදිත කාන්තාවක් හමු වීමත් සමඟම එම නිවාස සංකීර්ණය හුදෙකලා කළ බව කළුතර-උතුරු පොලිසිය කියයි 20 November 2020
වයඹ පාසල් ඇරැඹීම සතියකින් කල් දමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පවතින කොරෝනා වසංගත අවදානම සැළකිල්ලට ගෙන අවදානමට ලක්ව ඇති ප්‍රදේශ රැසක පාසල් ආරම්භ කිරීම ලබන 23 වන දින සිදු නොකර තවත් සතියකින් කල් දැමීමට තීරණය කළ බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ප්‍රකාශ කළේය. 20 November 2020
කොරෝනා තියෙද්දී එල්.පී.එල්. සංවිධානය ක්‍රීඩකයන් අනතුරේ හෙලීමක් කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ එල්. පී. එල් තරගාවලිය සංවිධානය කිරීම ක්‍රීඩකයන් අනතුරේ හෙලීමක් බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා කොළඹදී පැවසීය. 20 November 2020
නිරෝධායන නීති කැඩූ 117 ක් අත්අඩංගුවට පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව ක්‍රියාවට නංවන ලද ඩ්‍රෝන මෙහෙයුම් වලින් නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 117 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. 20 November 2020
සොහේල් තන්වීර්ට කොරෝනා ලංකන් ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක සොහේල් තන්වීර්ට කෙරෝනා වයිරසයි ආසාදන වී ඇතැයි වාර්තා වේ. 20 November 2020
හලාවත මාළු පොදු වෙළෙඳපොළ සතියකට වසා දමයි කොරෝනා වසංගතයෙන් හලාවත ජනතාව මුදා ගැනීම අරමුණු කර ගනිමින් මේ මස 21 වන දින ( හෙට) සිට සතියක කාලයකට හලාවත පොදු මාළු වෙළද වස සියළු වෙළද කටයුතු නවතා වසා දෑමිට තීරණය කළ බව එහි ලේකම් කේ.පී.චන්දන කුමාර මහතා කීය. 20 November 2020
මහව ව්‍යාපාරික ස්ථාන දින තුනකට වසා දමයි මහව, මඩපොකුණ ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල මියගොස් සිටි පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් මහව නගරයේ ව්‍යාපාරික ස්ථාන අද(20) සිට දින තුනක් වසා දැමීමට එහි වෙළඳ සංගමය පියවර ගෙන ඇත. 20 November 2020
වැල්ලම්පිටිය-කටුනායක සිවිල් ආරක්ෂක කඳවුරු හුදකලා කරයි වැල්ලම්පිටිය ,වෙන්නවත්ත හා කටුනානායක සිවිල් ආරක්ෂ බලකා කඳවුරු දෙක හුදකලා කිරීමට පියවර ගෙන ඇත. 20 November 2020
බැසිල්ගේ මල්වාන ඉඩම් නඩුව මාර්තුවට කල්යයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන දෙදෙනාට විරුද්ධව ඇති නඩුව ලබන වසරේ මාර් තු මස 12 වෙනිදාට නැවත විභාගයට ගැනිමට ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (20) නියම කලේය. 20 November 2020
අමාත්‍ය ජනක බණ්ඩාරට එරෙහි අධිචෝදනා පත අභියාචනාධිකරණය අහෝසි කරයි 1999 වසරේ සිදුවූ මිනිස් ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍රයක් නීතියට පටහැනි යැයි තීන්දු කළ අභියාචනාධිකරණය එය බල රහිත කරමින් අද(20) රිට් ආඥාවක් නිකුත් කළේය. 20 November 2020
ශ්‍රී ලංකාව එංගලන්තයේ ආරක්ෂිත රටවල් ලැයිස්තුවට ඊශ්‍රායලය, උරුගුවේ සහ ශ්‍රී ලංකාව ඊයේ (19) එංගලන්තයේ ආරක්ෂිත සංචාරක ලැයිස්තුවට ඇතුළත් කරන ඇතැයි රොයිටර් පුවත් සේවයි පවසයි. 20 November 2020
නිරෝධායන නීති කැඩු රංගන ශිල්පියකු අත්අඩංගුවට නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් ප්‍රවීන රංගන ශිල්පීයකු කිරුලපන පොලිසිය විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 20 November 2020
පාර්ලිමේන්තු විවාදය සජීව නොදීම ගැන විපක්ෂය ප්‍රශ්න කරයි පාර්ලිමේන්තුව මාධ්‍යවේදීන්ට විවෘත නොවන පසුබිමක සජීවී විකාශය ලබාදීමට අපොහොසත්වීම මෙන්ම අදාළ පටිගත කළ පාර්ලිමේන්තුවේ විවාද ඊයේ(19) දිනයේ මාධ්‍යයට නිකුත් නොකිරීම පිළිබඳවත් විපක්ෂය අද(20) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. 20 November 2020
සති අන්තයේ කිසිදු දුම්රියක් නෑ සති අන්තයේ නොවැම්බර් 21 සහ 22 යන දෙදින තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී.ප්‍රනාන්දු මහතා පැවසීය. 20 November 2020
ගල් පෙරැළීමේ අවදානමකින් පවුල් 36ක් ඉවත් කෙරේ පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ බෙරගල කොස්ලන්ද මාර්ගයේ පහළ ගල් කන්ද ප්‍රදේශයට විශාල ගල් පෙරැළීමේ හා පස්කඳු කඩා වැටීමේ අවදානමක් මතු වීමත් සමඟ ඒ අවට පදිංචි පවුල් 36ක පුද්ගලයන් 153 දෙනෙකු ඉවත් කළ බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා අද ( 20 ) පැවසීය. 20 November 2020
අවුරුදු දෙකහමාරේ පුතාත් රැගෙන මව අයි.ඩී.එච්. රෝහලෙන් පළායයි කොළඹ අයි.ඩී.එච් මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 20 November 2020
තවත් කොරෝනා මරණ 4 ක් කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් සිවු දෙනකු අද (19) දිනයේදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 19 November 2020
කෝටි 9 ක වංචාවකට පොහොර සමාගමේ හිටපු සභාපති අත්තඩංගුවට රුපියල් මිලියන 90 ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සීමාසහිත ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා අද (19) අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 19 November 2020
තවත් දුර්ලභ වයිරස රෝගයක් බොලීවියාවෙන් මිනිසුන් අතර ව්‍යාප්ත වියහැකි තවත් දුර්ලභ වයිරසයක් බොලීවියාවෙන් හඳුනාගෙන තිබෙන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි. 19 November 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026