(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 98 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය.
මෙය දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වේ.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,919 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 54 දෙනෙක් සහ කාන්තාවෝ 44 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 70 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 27 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු එක් අයෙක්ද වෙති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ අමූලික බොරු... දෙතුන් සීයක් මැරෙනවා දවසකට...
ඉතින් සීයක් වෙන්න තවත් දෙකක් අඩුයිනේ...
රෝගය පැතිරෙන්න බොහෝවිට බලපාන සාධකයක් තමයි මේ සමහර මිනිසුන්ගේ මාස්ක් නොදැමීම. දැම්මත් දාන්නේ නිකටට හෝ බෙල්ලට... මෙන්න මේ රෝග වාහකයින්ට මේ වසංගත කාලය අවසන් වෙනතෙක් හෝ කිසියම් දඬුවම් ක්‍රමයක් වහා ක්‍රියාත්මක කළ යුතුයි. එය පොදු මහජන සුබසිද්ධිය උදෙසායි.