හිරගෙදර ඉදලා පාතාලය මෙහෙයවන්න දැන් බෑ අතීතයේදී මෙන් සිර ගෙවල් වල සිට පාතාල ක්‍රියාකාරකම් සිදු කිරීමට වර්තමානයේ ඉඩක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය. 18 November 2020
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 325 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (18) පස්වරු 21.30 වනවිට තවත් ආසාදිතයන් 92 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 325 ක් දක්වා ඉහළ ගියේය. 18 November 2020
තවත් කොරෝනා මරණ 3 ක් කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද (18) දිනයේදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 18 November 2020
දීඝවාපි පුදබිමේ කැණීම්වලින් ඉපැරණි ගල් කරඬුවක් සොයාගනී ඵෙතිහාසික දීඝවාපී චෛත්‍ය පිහිටි මහ මළුවේ දකුණු වාහල්කඩ පරිශ්‍රයේ අද (18) කැණීමේදී ඉපැරණි ගල් කරඬුවක් හමුවී ඇති බව අම්පාර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි. 18 November 2020
ලේසර් කිරණ ආධාරයෙන් වකුගඩුවේ ගලක් ඉවත් කළ විස්මිත සැත්කමක් ලංකාවේ ප්‍රථම වරට වොට් 140 ක අධි බලැති ලේසර් කිරණ මාර්ගයෙන් පුද්ගලයෙකුගේ දකුණු පැත්තේ වකුගඩුවේ තිබූ සෙන්ටි මිටර් 4 ක් පමණ විශාල ගලක් මිලිමිටර් 4 ක පමණ ඉතා කුඩා සිදුරකින් ඉවත් කිරීම කළුතර නාගොඩ මහ රෝහලේ වකුගඩු හා මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍ය කලන පරන පල්ලියගුරුගේ මහතා ප්රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඊයේ (18) ඉතා සාර්ථකව සිදු කෙරිණි. 18 November 2020
කෝවිඩ් අර්බුදයෙන් රටට වුණු හානිය යුද්දෙන් වුණ හානියට වඩා විශාලයි කොවිඩ් -19 අර්බුදය හේතුවෙන් රටට වූ හානිය යුද්ධයෙන් වූ හානියට වඩා බරපතල බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) පැවසීය. 18 November 2020
හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද (18) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට පස් කන්දක් සමග ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට පැය දෙකක කාලයක් බාධා පැමිණියේය. 18 November 2020
කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇදන් වැඩිකරන්න උපදෙස් කොවිඩ් ප්‍රතිකාර ඇදන් සංඛ්‍යාව වැඩි කිරීම ඇතුළු කොරෝනා මැඩලීමට ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබදව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෛද්‍ය නිලධාරීන් සමඟ අද(18) සාකච්ඡා කළාය. 18 November 2020
පොලිසියේ ආසාදිතයන් ගණන 800 පනී කොවිඩ් -19 වයිරසය ආසාදිත පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා සමාජිකයින් සංඛ්‍යාව 825 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව කියයි. 18 November 2020
බෝගම්බරින් පැන ගිය රැඳවියා අල්ලයි මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලාගිය රැඳවියා අද (18) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට හැකි වු බව පොලිසිය පවසයි. 18 November 2020
සුවය ලැබූවෝ 377 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 377 දෙනෙකු සුවය ලබා අද (18) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 18 November 2020
භූ කම්පන වලට හේතු හොයන්න පෙර හුණුගල් හෑරීම නැවැත්විය යුතුයි දිගන ප්‍රදේශයේ සිදුවූ භූ කම්පනය වික්ටෝරියා ජලාශ නිම්නයේ දිගින් දිගටම සිදුවන හුණුගල් හෑරිමේ ප්‍රතිපලයක් විය හැකි යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල අබේරත්න මහතා පැවසීය. 18 November 2020
වැලිකඩ රැඳවියෝත් වහලයට නගිති වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මත නැග විරෝධතාවක් ආරම්භ කර ඇත 18 November 2020
අනිල් ජාසිංහ යළි සෞඛ්‍ය සේවයට කැඳවයි පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් මර්දනය පිළිබඳ කාර්ය සාධක බලකායේ කටයුතු සඳහා කැඳවීමට රජය තීරණය කර ඇත. 18 November 2020
මහනුවර ප්‍රදේශ කිහිපයකට භූ කම්පනයක් මහනුවර , හාරගම, අනුරගම ,දිගන සහ අඹකොටේ යන ප්‍රදේශවල අද (18) උදෑසන භූ චලනයක් සිදුවී තිබේ. 18 November 2020
පාසල් නැවත ආරම්භ කිරීම ගැන අද විශේෂ සාකච්ඡාවක් මීළඟ පාසල් වාරය ආරම්භ කරන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් අද(18) අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2020
තවත් රැඳවියන් 26කට කොරෝනා කොරෝනා වයිරසය ආසාදිත බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් ගණන අද (18) මේ වනවිට 532 දෙනෙකු ලෙස වාර්තා වී ඇති බව කෝවිඩ්-19 වැළැක්වීමේ මධ්‍යස්ථානය කියයි. 18 November 2020
බෝගම්බර සිරමැදිරිය කඩා 5 ක් පළායති - අයෙක් මරුට පැරණි බෝගම්බර බන්ධනාගාරයේ සිර මැදිරිය කඩා, රැඳවියන් 5දෙනෙකු පලායමින් සිටියදී, එක් අයකු මියගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය. 18 November 2020
තවත් කොරෝනා මරණ 5 ක් වාර්තා වෙයි කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් පස් දෙනකු අද (17) දිනයේදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 17 November 2020
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 398 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (17) පස්වරු 22.30 වනවිට තවත් ආසාදිතයන් 241 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 398 ක් දක්වා ඉහළ ගියේය. 17 November 2020
දකුණතේ ඇගිලි අහිමි වූවත් වමතින් ලියා ශිෂ්‍යත්වය ජයගත් පුත්තලමේ ෂෙවාන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වු දරුවකු තම දකුණු අත ඇගිලි, අල්ල කොටස අනතුරකින් නොසිතු මොහොතක අහිමිව තිබියදී නුහුරු වම් අතින්, පන්ති භාර ගුරුවරයාගේ උනන්දුව මග පෙන්වීම මත ලකුණු 170 ලබාගෙන ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලින් සමත් වීමේ පුවතක් පුත්තලම අනගාරික ධර්මපාල ප්‍රථමික විද්‍යාලයේ වාර්තාවේ. 17 November 2020
බූස්ස සතොසෙන් ලක්ෂ 50 ආහාර හොරකමක් බූස්ස සතොස ගබාඩාවෙන් කොළඹ සතොස අලෙවි හල් හතරකට බෙදා හැරීමට ලොරි රථයක පටවාගෙන ගිය ලක්ෂ 50 ක් පමණ වටිනා ආහාර ද්‍රව්‍ය තොගයක් වෙන්නප්පුවේ පෞද්ගලික වෙලද සලකට අලෙවි කොට භාණ්ඩ ප්‍රවාහනය කර ලොරි රථය මග දමා පලා ගිය ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා අද (17) පස්වරුවේදි අනුරාධපුර පදවිය ප්‍රදේශයේ සැගව සිටියදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව රත්ගම පොලීසිය කියයි. 17 November 2020
ජලගැලුම් නිම්නය දෙකඩ කිරීමට එරෙහිව අධිකරණයට යනවා පොලොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් ඉදිකිරීමට යෝජිත මහා මාර්ගයේ ඉදිකිරීම්වලට විරුද්ධව නඩු මගට බසින බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. 17 November 2020
බලන්ගොඩ රෝහලේ හෙද නිලධාරී වර්ජනය තාවකාලිකව නවතයි බලන්ගොඩ මුලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය විසින් දින දෙකක් පැවැත්වු වෘත්තීය ක්‍රියාමාර්ගය අද (17) සවස සිට ලබන සදුදා (23) දක්වා තාවකාලිකව නතර කළ බවත්, සියලු හෙද නිලධාරින් සේවය සදහා එක් වු බවත් රජයේ හෙඳ නිලධාරින්ගේ සංගමයේ සහ රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයෝ පැවැසුහ. 17 November 2020
හදිසියේ මියගිය අයගේ සිරුර පැය 8 ක් නිවසක දොරකඩ කහවත්ත කෙටේතැන්න සදසිළුගම නෑදෑ නිවසකට පෑලියගොඩ සිට පැමිණි අයෙකු එම නිවසේ මිදුලේ වැටී මියගිය පසු ඔහුගේ සිරුර රැගෙන යාමට පුද්ගලයින් නොමැති වීම නිසා සිරුර පැය 8ක කාලයක් නිවස ඉදිරිපිට තබාතිබුණි. 17 November 2020
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක් ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගම මුහුණ පා ඇති මූල්‍ය අර්බුදය හේතුවෙන් ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. 17 November 2020
රාමඤ්ඤ නිකායේ මහා නායක නාපානේ පේමසිරි හිමියෝ අපවත්වෙති රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නායක හිමිපාණන් වහන්සේ අපවත් වූහ. 17 November 2020
ආසාදිතයෝ 404 ක් සුවය ලබා යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 404 දෙනෙකු සුවය ලබා අද (17) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 17 November 2020
බලන්ගොඩ රෝහලේ හෙද වර්ජනය අඛණ්ඩව රෝහලේ සේවකයෙකු හෙද නිලධාරිනියකට පහරදීමේ සිද්ධියක් මුල් කරමින් බලන්ගොඩ මූලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය 16වැනිදා සේවයෙන් ඉවත්වූ අතර අද(17) ත් එම තීරණය වෙනස්කර නොමැති බව හෙද නිලධාරි සංගමයේසභාපති සුසන්ත කරුනාතිලක මහතා පැවසීය. 17 November 2020
ශ්‍රී ලංකාවේ මරණවලින් සියයට 83 ක් බෝ නොවන රෝගවලින් ශ්‍රී ලංකාවේ මරණවලින් 83% ක්ම බෝ නොවන රෝග පාදක කරගෙන සිදුවන මරණ යැයි ද බෝ නොවන රෝග නිසා අඩු වයසින් මරණ ඇති වීමේ අවදානම 17% ක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. 17 November 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026