බලන්ගොඩ රෝහලේ හෙද වර්ජනය අඛණ්ඩව රෝහලේ සේවකයෙකු හෙද නිලධාරිනියකට පහරදීමේ සිද්ධියක් මුල් කරමින් බලන්ගොඩ මූලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය 16වැනිදා සේවයෙන් ඉවත්වූ අතර අද(17) ත් එම තීරණය වෙනස්කර නොමැති බව හෙද නිලධාරි සංගමයේසභාපති සුසන්ත කරුනාතිලක මහතා පැවසීය. 17 November 2020
ශ්‍රී ලංකාවේ මරණවලින් සියයට 83 ක් බෝ නොවන රෝගවලින් ශ්‍රී ලංකාවේ මරණවලින් 83% ක්ම බෝ නොවන රෝග පාදක කරගෙන සිදුවන මරණ යැයි ද බෝ නොවන රෝග නිසා අඩු වයසින් මරණ ඇති වීමේ අවදානම 17% ක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. 17 November 2020
ඩ්‍රෝන කැමරාවලින් බලා 95 ක් අත්අඩංගුවට ගනී නිරෝධායන නීති උල්ලංඝනය කළ 95දෙනෙකු අද (17) ඩ්‍රෝන කැමරා උපයෝගීකරගනිමින් කළ නිරීක්ෂණ ඔස්සේ ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 17 November 2020
නිකවැරටිය තැපැල් කාර්යාලය වහයි මහව රෝහලෙන් වාර්ථා වූ කොරෝනා ආසාධිතයන් දෙදෙනා පැමිණීම හේතුවෙන් නිකවැරටිය තැපැල් කාර්යාලය අද (17) දහවල් වසා දැමීමට එහි පාලන අධිකාරිය සහ සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. 17 November 2020
ගාල්ල උසාවිය දින 3 ක් වහයි කොරෝනා අවදානම හේතුවෙන් සෞඛ්‍ය අංශවල නිර්දේශ මත ගාල්ල මහාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, දිසා හා සිවිල් අභියාචනා අධිකරණ හා කම්කරු විනිශ්චය සභාව හෙට (18) සිට දින තුනක කාලයකට වසා දැමීමට තීරණය කර ඇති බැව් ගාල්ල නිතිඥ සංගමයේ ලේකම් සමිත් තුෂාර ගාල්ලගේ මහතා පවසයි. 17 November 2020
පී.සී.ආර්. පරීක්ෂණය කළොත් දෙසතියක නිරෝධායනය අනිවාර්යයි පී.සී.ආර්. පරීක්ෂණයට මුහුණ දුන් අය කෝවිඩ් -19 ආසාදිතයන් ලෙස තහවුරු නොවූවද ඔවුන් සති දෙකක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදාත් සමරවීර මහතා පැවසීය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ කොවිඩ් -19 රෝගීන්ගේ පළමු හා සමීප සම්බන්ධතා මත පී.සී.ආර් පරීක්ෂණ පවත්වන බවත් පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය වූවන්ට වෛරසය ආසාදනය වීමේ වැඩි ඉඩක් පවතින බවත්ය. 17 November 2020
දිලිප් වෙදආරච්චි මාළු අමුවෙන් කයි මහජනයා මාළු මිලදීගැනීම සහ පරිභෝජනයට බියවීම වළකමින් ඒ කෙරෙහි උනන්දුව ඇති කිරීම සඳහා ධීවර හා ජලජ සම්පත් හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අමු මාළු අනුභව කළේය. 17 November 2020
ආසාදිත රැඳවියන් ගණන 500 පනී කොරෝනා වයිරසය ආසාදිත බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් ගණන අද (17) මේ වනවිට 506 දෙනෙකු ලෙස වාර්තා වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය. 17 November 2020
හෙදියට පහර දුන් සේවකයාට ඇප හෙද නිලධාරිනියකට පහර දීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි බලන්ගොඩ මුලික රෝහලේ සුළු සේවකයා රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (17) නියෝග කළේය. 17 November 2020
ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ප්‍රියත් ලියනගේ සමුගනී ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වූ ප්‍රියත් ලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 17 November 2020
හෙදියට පහරදුන් සේවකයා අත්අඩංගුවට බලන්ගොඩ මුලික රෝහලේ හෙද නිලධාරිනියකට පහර දුන් එම රෝහලේම සේවය කරන සෞඛ්‍ය කාර්ය සහයකයා අද (17) අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි. 17 November 2020
ඇප ලැබූ රැඳවියන් සෞඛ්‍ය පරීක්ෂකට දැනුම්දෙන්න පසුගිය සති දෙකක කාලය තුලදි බන්ධනාගාරවලින් ඇප ලබා නිදහස්ව ගොස් ඇති රැදවියන් තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් වෙත දුරකථන ඇමතුමක් මගින් ඒ ගැන දැනුම් දෙන්නැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. 17 November 2020
හම්බන්තොට ඉඩම් කොල්ලයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ,වනජීවී දෙපාර්තමේන්තුව හා මහවැලි විශේෂ බල ප්‍රදේශය සතු ඉඩම් අක්කර සිය ගණනක් මේ වන විට විවිධ පුද්ගලයින් විසින් අනවසරයෙන් අත්පත් කරගනිමින් සිටින බව ප්‍රදේශයේ ජනතාව පවසති. 17 November 2020
පෑලියගොඩ මාළු වෙළෙඳපොළ අරින්නැයි ඇමති කියයි පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය නැවත කඩිනමින් සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගත වෙමින් විවෘත කරන බවත් එහි දී තොග වෙළදාම පමණක් පළමුව සිදුකරන්නට අවශ්‍ය කටයුතු සිදු කෙකෙරමින් පවතින බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්රාකාශ කළේය. 17 November 2020
කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලයෙන් තවත් ආසාදිතයෝ 6ක් කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වී ඇත. 17 November 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 14,000 පසුකරයි මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (16) පස්වරු 22.05 වනවිට තවත් ආසාදිතයන් 153 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 382 ක් දක්වා ඉහළ ගියේය. 16 November 2020
තවත් කොරෝනා මරණ 3 ක් කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද (16) දිනයේදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 16 November 2020
වැසිකිලි වලේ විෂ වායුව ආග්‍රහණය වී දෙදරු පියා ජීවිතක්ෂයට බණ්ඩාරවෙල හම්රාපව ප්‍රදේශයේ පැරණි වැසිකිළි වලක් පිළිසකර කරමින් සිටි පුද්ගලයෙකු අද (16) සවස විස වායුවක් ආඝ්‍රාහණය වී ජීවිතක්ෂයට පත්වී ඇතැයි බණ්ඩාරවෙලට මූලස්ථාන පොලීසිය කියයි. 16 November 2020
සබරගමු පළාතේ හෙද නිලධාරීහු වර්ජනයකට සැරසෙති බලන්ගොඩ මුලික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිණියකට පහර දුන් සෞඛ්‍ය කාර්ය සහයකයාට මෙතෙක් විනයානුකූල පියවරක් නොගෙන ඇති බවත්, ඒ හේතුවෙන් සබරගමු පළාතේ සියලු හෙද නිලධාරින් එක්ව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ හෙඳ නිලධාරින්ගේ සංගමය සහ රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමය අද (16) දා සවස පැවසීය. 16 November 2020
පොලිසියේ කොරෝනා ආසාදිතයන් 785 ට නගී පොලිස් දෙපාර්තමේන්තුවේ කොරෝනා ආසාදිතයන් ගණන අද (16) වන විට 785 දෙනෙකු ලෙස වාර්තා වී තිබේ. 16 November 2020
හිඟ පොලිය - භාණ්ඩාගාර ණය රජයේ ආයෝජන ලෙස කපාහරින්නැයි ඉල්ලයි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් ඇති වූ හිඟ ණය පොලිය සහ භාණ්ඩාගාර ණය මුදල් රාජ්‍ය ආයෝජන ලෙස සලකා කපාහරින්නැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත. 16 November 2020
ගමනාගමන කොමිෂන් සභාව මාසයකට කෝටි දෙක හමාරක් ඉල්ලයි ‘කොවිඩ්-19’ වයිරසය ලබන වසරේ ජූලි මාසය වන තෙක් පැවැතිය හොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැටුප් හා අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට ජූලි මාසයේ සිට මසකට රුපියල් දෙකෝටි හතළිස් ලක්ෂය බැගින් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන්නැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා රජයට යෝජනා කර ඇත. 16 November 2020
කොරෝනා කාර්යසාධන රැස්වීම්වලට ට්‍රම්ප් පොල්ල තියයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසන් වරට නව කොරෝනා වයිරස කාර්යසාධක බලකායේ රැස්වීමකට සහභාගී වී ඇත්තේ මාස ගණනකට පෙර යැයි එරට වසංගත රෝග පිළිබඳ ප්‍රධානම වෛද්‍යවරයා වන වෛද්‍ය ඇන්තනි ෆවුචි පවසයි. 16 November 2020
ජල ගැලුම් නිම්නයේ වනෝද්‍යානය මැදිනුත් පාරක් කපන්න යයි මනම්පිටිය පාලමේ සිට මහවැලි ගඟට සමාන්තරව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යාණය මැදින් කිලෝ මීටර් 13ක් දුරැති මාර්ගයක් ඉදිකිරීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී. එහෙත් මෙම මාර්ගය ඉදිකිරීම නිසා ප්‍රදේශයේ දැනට පවතින අලි මිනිස් ගැටුමට අමතරව තවත් බරපතල පාරිසරික හා සමාජීය ගැටළු රාශියකට ඉදිරියේදී මුහුණපෑමටට සිදුවනු ඇතැයි වනජීවී අඩවි සහකාරවරුන්ගේ සංගමය කියා සිටී. 16 November 2020
බණ්ඩාරගම හිනිදු සස්මිතටත් ශිෂ්‍යත්වයෙන් ලකුණු 200 ක් හොරණ අධ්‍යාපන කලාපයේ බණ්ඩාරගම අධ්‍යාපන කොට්ඨාසයට අයත් බණ්ඩාරගම ජාතික පාසලේ හිනිදු සස්මිත ගුණතිලක සිසුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ලබා ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලබාගෙන තිබේ. 16 November 2020
කොරෝනා අසාදිතයින් 229 ක් හඳුනාගනී කොරෝනා අසාදිත තවත් 229 දෙනකු අද (16) පස්වරු 7.05 වන විට හඳුනාගෙන තිබේ. 16 November 2020
සහිරා විද්‍යාලයේ අමර්ටත් ශිෂ්‍යත්වයෙන් ලකුණු 200ක් “හොඳ ප්‍රතිඵලයක් ලැබුණේ ගොඩක් දේවල් කැපකර උත්සාහයෙන් කටයුතු කළ නිසයි. උත්සාහවන්තයා අනිවාර්යයෙන් ජය ගන්නවා” යැයි මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සම්පූර්ණ ලකුණු සංඛ්‍යාවම එනම් ලකුණු 200න් 200ක් ලබාගත් මරදාන සහිරා විද්‍යාලයේ මොහොමඞ් ෆර්සාන් මොහොමඞ් අමර් ශිෂ්‍යයා පැවසීය. 16 November 2020
ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිදුත් ශිෂ්‍යත්වයෙන් 200 ගනී ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලබන පෙරමුණේ කංකානම්ලාගේ දොවිදු චිරන්දිත් ශිෂ්‍යයා ද මෙවර පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ලබා ගැනීමට සමත්ව සිටී. 16 November 2020
කොරෝනාවෙන් ආරක්ෂාවට බ්‍රිතාන්‍යයෙනුත් එන්නතක් කොවිඩ් - 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා සකස් කළ නව එන්නතක අත්හදා බැලීම් මේ දිනවල බ්‍රිතාන්‍යයේ සිදුකෙරේ. 16 November 2020
තුන්වන වාරයේ පාසල් අරඹන දිනය සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවයි රට පුරා පාසල්වල තුන්වන වාරය දැනට තීරණය කර ඇති පරිදි ලබන 23 වැනිදා ආරම්භ කරන්නේද යන්න ගැන අවසන් තීරණය ගනු ලබන්නේ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව යැයි අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 16 November 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026