(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුව ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපනයට වෙන්කළ මුදලට වඩා සියයට 50 කට වැඩි මුදලක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වෙන්කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ 10500 ක් වන රාජ්‍ය පාසල්වලට සහ 15 කට අධික රාජ්‍ය විශ්වවිද්‍යාල ඇතු`ඵ සමස්ත අධ්‍යාපන පද්ධතියටම රුපියල් බිලියන 21 ක් (කෝටි 2100) වෙන්කරද්දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට පමණක් රුපියල් බිලියන 36 ක් (කෝටි 3600) වෙන්කර ඇතැයි ද පුබුදු ජාගොඩ මහතා කීය.
‘කොවිඩ්’ වසංගතය මධ්‍යයේ උද්ඝෝෂණ කිරීම සුදුසු නොවේ නම් වසංගත මධ්‍යයේ ජනතාවට හොරෙන් වඩාත් සංවේදී පනත් සම්මත කිරීමට උත්සහ කිරීම ද සුදුසු නොවන බව ජාගොඩ මහතා පැවසීය.
නුගේගොඩ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ මූලස්ථානයේදී අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු ජෙප්පන්ට බැන බැන නිවටයින් වගේ ඉන්නවා. දැන් කව්ද පිනට ඉගෙන ගන්නේ... බිලියන 21 ක්...
මේ හාදයා හීනෙන් නැගිටලාද මේ දොඩවන්නේ? සිසුන් නොමග යවමින් සමස්ත රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය විනාශ කළ මේ පුද්ගලයා මේ රටට පිළිලයක්. මෙවැනි සමාජ පිළිල තුරන් වුණුදාට සමස්ත අධ්‍යාපනයට මෙන්ම රටටත් සෙතක් වේවි...!
බොරුවෙන්ම ජීවිත ගෙවන කොට්ඨාශයක්.. මේ බුදුදහමට අනුව ලබන ආත්මයේ මොවුන්ට ජීවිතයක් නැත. අවුරුදු කල්ප ගාණක් නිරයේ දුක් විඳීවි.
විශ්ව විද්‍යාලය ඇතුළේ අවුරුදු ගාණක් ලැගලා රටේ සල්ලි කාලා මේ මනුස්සයා දැන් රටට කිසිම වැඩක් කරනවද? විශ්ව විද්‍යාල කොමිෂන් සභාව යටතේ තව කොතලාවල විද්‍යාල රට පුරාම බිහි විය යුතුයි...
කොතලාවල සරසවිය අපේ රට දරුවන්ට විතරක් නෙවෙයි. විදේශ දරුවන්ට විවෘතයි. ඒ නිසා රටට විදේශ විනිමය ලැබෙන්න පුළුවන්... වියදම් කළාට කමක් නෑ...
පුබුදු ජාගොඩ ගේ ලොක්කා වන රංජිත් ගුණරත්නම්ගේ දරුවන් නම් ඉගෙනගන්නේ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවල. ඒවායේ නිදහස් අධ්‍යාපනයක් නැහැ රටේ පුරවැසියන් වුණත්. රංජිත්ට හොඳයි තමන්ගේ දරුවන්ට ඕස්ට්‍රේලියාවේ වියදම් කරලා උගන්වන්න. අපේ ලංකාවේ දරුවන්ට ඒ අවස්ථාව ලංකාව ඇතුළේ ගන්න ඉඩ දෙන්නේ නෑ. පුදුම මිනිස්සු. මේ අයට ඕනෑ අපේ දරුවන් ලවා සල්ලි එකතු කරවලා ඒ සල්ලිවලින් තමන්ගේ දරුවන්ට වියදම් කරන්න වෙන්න ඇති...
මගේ අදහස නම් දැඩි නියාමනයන් යටතේ මෙවැනි විශ්වවිද්‍යාල වැඩිපුර පිහිටුවල රටේ සල්ලි රට ඇතුලෙම ඉතුරු කරලා එම මුදල් වලින් තවත් රජයේ විශ්වවිද්‍යාල ඇති කිරීම සඳහා ගිවිසුමකට ආණ්ඩුව තල්ලු කළා නම් සැමට යහපතක් සිදු වේවි. එසේ උපයන අදායම වෙනත් කටයුතු වලට යෙදවීම වළක්වාලමින් පනත් සම්මත කිරීමටද ආණ්ඩුව තල්ලු කල යුතුයි. එවිට නිදහස් අධ්‍යාපනයත් සුරැකී සැමට උසස් අධ්‍යාපනය තියන අයිතියත් තහවුරු වේවි. ඇයි මේ විරුද්ධ වාදීන් එසේ නොකරන්නේ? නිකන්ම එපා කියන්නේ නැතුව මේවගේ දෙයක් කලොත් හොඳ නැද්ද? නැත්නම් රට වැසියා තමුන්ගේ දියුණුව තමුන් සලසා ගැනීමට තරම් මනස දියුණු උනොත් දේශපාලන හා ශිෂ්‍ය ව්‍යාපාර බංකොලොත් වෙයි කියා බයද?
ශිෂ්‍ය ණය පහසුකම් ලබාදී තමුන්ගේ උසස් අධ්‍යාපනය රටට බරක් නොවී ලබාගන්නා බොහෝ රටවල දරුවන් වගකීම් දැරීමට හා තීරණ ගැනීමේ හැකියාව ඒ සමගම දියුණු කරගනී.
කියන්න දෙයක්යැ මිනිස්සු සල්ලි යොදවන්නේ ලාභ ලබන බිස්නස් එකකට. ළමයි මුදල් ගෙවලා ඉගෙන ගන්නකොට ඔය මුදල තුන්ගුණයක් වෙලා රජයට එනවා. මොඩයි කියලා මරන්නයැ?
මෙයත් රටේ ජනාධිපති වෙන්න හදන කෙනෙක්ද? රජයේ වැඩ කඩාකප්පල් කරන කෙනෙක්ද?