
(නිමන්ති රණසිංහ)
අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිව් අවුරුදු සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර ආරක්ෂාව මධ්‍යයේ ඔහුගේ ඥාතී නැන්දනියගේ අවමංගල්‍යයට සහභාගී කළ බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.
රන්ජන් රාමනායක මහතාගේ නැන්දණියගේ වියෝව හේතුවෙන් කනගාටුව පළ කර අවසන් ගෞරවය දැක්වීම සඳහා ඔහු මීගමුවේ පිහිටි අදාල මල් ශාලාවට රැගෙනවිත් අවස්ථාව සලසා දෙන ලෙසට රාමනායක මහතාගේ ඥාතීන් කළ ඉල්ලීමකට අනුව මෙම අවස්ථාව ලබාදුන් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය .
ඒ අනුව රන්ජන් රාමනායක මහතාව බන්ධනාගාර ආරක්ෂාව මධ්‍යයේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට බන්ධනාගාර බස් රථයකින් පැමිණ මීගමුවේ පිහිටි මල් ශාලාවක පැවැති අවමඟුලට සහභාගි කරවා ඇත.
සුදු සරමකින් සහ කමිසයකින් සැරසි ආරක්ෂිත කබායක් සහිතව අත් විලංගු ලා සිටි රන්ජන් රාමනායක මහතා, සුළු වේලාවක් දේහයට ගෞරව කිරීමෙන් පසු නැවතත් බන්ධනාගාර නිලධාරීන් භාරයේ බන්ධනාගාර බස් රථයෙන් අගුණකොලපැලැස්ස බන්ධනාගාරය බන්ධනාගාරයට පිටත්ව ගියේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට මහජන මුදලක් වැයකොට ඉතා සුළු වෙලාවකට මීගමුවට නොපැමිණ, මෙවැනි තාක්ෂණය දියුණු යුගයක අවමංගල්‍යයට සහභාගි වීමට හැකියාව තිබිණි.
නළුවෙකුට කල හදියක් .මෝඩ වැඩ නොකර රඟපෑම් විතරක් කලානම් අද මෙහෙම වෙන්නේ නැහැ
මේ ප්රවෘත්ති වලින් අපිට ඇති ප්‍රයෝජනය මොකක්ද?