(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ගය ඉදිරිපිට දී පැවැත් වූ විරෝධතාවයේදී කකලහකාරී ලෙස හැසිරී රජයේ දේපළ වලට සහ රජයේ නිලධාරියෙකුට බරපතළ තුවාල සිදු සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 11 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ පෙරටුගාමී පක්ෂයේ පාලන ලේකම් ලෙස කටයුතු කළ වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි කොස්වත්තගේ චමීර නිරෝෂණ පෙරේරා හා නිදහස අධ්‍යාපන උදෙසා සිසු ජන ව්‍යාපාරයේ සාමාජිකාවක වන පාදුක්ක ප්‍රදේශයේ පදිංචි කෝෂිලා හංසිමාලි පෙරේරා යන දෙදෙනාය.
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය හා නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය ඒකාබද්ධව පිරිලා පාර්ලිමේන්තු පිවිසෙන ප්‍රධාන මාර්ගයේ ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේදී එම සැකකරුවන් දෙදෙනා ඇතුළු තවත් පුද්ගලයන් කීපදෙනකු සමඟ එක්ව කලහාකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය අධිකරණයට චෝදනා පහළොවකට ආසන්න ප්‍රමාණයක් සහිත බී වාර්තාවක් ඉදිරිපත් කෙරිණි.
මෙහිදී මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ අතේ ඇඟිලි තුනකට බරපතළ තුවාල සිදුවී තිබූ අතර මිනී පෙට්ටියක් අයුරින් තැනූ අනුරුවක් මාර්ගයේ පිලිස්සීමේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයට ද බරපතළ අලාභ සිදුවිය.
තවත් පුද්ගලයන් 13 දෙනෙකු පමණ හඳුනාගෙන ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් දිල්රුක් මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණිල්ල ඉදිරිපත් කළහ.
විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් නීතිඥ නීතීඥවරු විස්සකට අධික ප්‍රමාණයක් පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට බොරුවට නීතිඥවරු පෙනී හිටියාට වැඩක් නැහැ. දේපල විනාශ කිරීම, තුවාල සිදු කිරීම වගේ ඒවාට උත්තර දෙන්න වෙනවා. උද්ඝෝෂණයෙදී ඒවා කරන අය ප්‍රවේශම් වීම වැදගත්. නීතිය කාටත් එ්ක වෙන්න ඕනෑ කියලා තමන්ට ඕනෑ විදියට කටයුතු කරන්න බැහැ.
ඉල ඇට කඩලා යවන්න
ඇතුලට දාලා කාලයක් වහන්න .ගෙදර යවන්න එපා