
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ කොරෝනා මළ සිරුරු 22 ක් ඇතුලු මළසිරුරු 45 ක් ගොඩගැසී තිබීමෙන් දැඩි දුර්ගන්ධයක් සමග සෞඛ්‍ය තර්ජනයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
මෘත ශරීරාගාරයේ තිබෙන අධි ශීතකරණ දෙකෙහි තැම්පත් කර තැබිය හැකි මළ සිරුර ප්‍රමාණය 12 ක් පමණක් බවත් අනෙක් සියලුම මළසිරුරු මෘත ශරීරාගාරය තුළ සහ ඉන් පිටත ට්‍රොලි මත තැන්පත් කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
කොරෝනා වයිරසයෙන් මිය ගිය මළ සිරුරු 22 ක් ,නාඳුනන මළ සිරුරු 5 ක් අනෙකුත් මළසිරුරු 19 එලෙස තැන්පත්ව ඇති බව එම ආරංචි මාර්ග පවසයි .
එලෙස තැන්පත් කර තිබෙන බහුතරයක් මළසිරුරු නරක් වීමෙන් මෙම දුර්ගන්ධය හටගන්නා බව දැනගන්නට ඇත.
කොරෝනා වෛරසයෙන් මියගොස් සිටින පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුවද ඔහුන්ගේ සමීප ඥාතීන් ද නිරෝධායන ට ලක් කර ඇති බැවින් එම දේහයන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ආදාහන කටයුතු සිදු කිරීම සඳහා සමීප ඥාතීන් දෙදෙනකු සහභාගී කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වීමෙන් මෙම තදබදය හට ගැනීමට ප්‍රධානම හේතුව බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි .
මේ පිළිබඳ පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩ ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය ගෙන් විමසීමේ දී මෙසේ පැවසුවාය
කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා දැනුම් දී තිබෙනවා .ආදාහනාගාර පැය 24 පුරාම විවෘත කර ඇති බැවින් මෘත ශරීරාගාරවල තැන්පත් කර තිබෙන මළසිරුරු ආදාහනය කිරීමට කටයුතු සිදු කරන්න කියලා .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පළාතේ පාර්ලිමේන්තු නියෝජිතයෙක් නැද්ද? මේ වගේ ප්‍රශ්නවලදී අසරණ වෙච්ච මිනිස්සුන්ට උදව් කරන්නවත්...
ඒ වුණාට අපි තමයි හොඳටම කළේ... ඉතියෝපියාව ලංකාවට වඩා දැන් දියුණුයි.
මේවා දැකලාවත් අඩුම ගානේ පාරවල් දිගේ හරක් ලෙස රංචු ගැසෙමින් පෙළපාලි යාම නැවැත්වූවොත් හොඳයි.
ඔක්කොම ඡන්දෙ කාලෙට විතරයි. කයිවාරු විතරයි. වැඩ නෑ. රට අවදානමේ.
කෝ මේ සෞඛ්‍ය ඇමතිතුමිය? කෝ කටින් බතල හිටවන තරමට වැඩ නැහැනේ...
එහෙම වෙන්නේ කොහොමද ?කොරෝනා හැදිලා මරුනාම එදාම ආධාහනය කරනවනේ .හැමෝටම ඕනේ කොරෝනා වැඩිකරලා පෙන්වීම මිසක් ඉවර කර ගන්නේ කොහොමද කියලා කියන එක නෙමෙයි .මාධ්‍ය සංදර්ශන
ඉතාලිය වගේ වේගෙන එන්නේ...!!!