(නිමල කොඩිතුවක්කු)
දිනපතා සිදුවන කොරෝනා මරණවල වගකීම ආණ්ඩුව භාර ගතයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කොරෝනා ව්‍යාප්තිය මෙතරම් බරපතල වූයේ ආණ්ඩුවේ නොහික්මුනු වැඩපිළිවෙළ නිසා මිස ජනතා උද්ඝෝෂණ හෝ අරගල නිසා නොවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මොහොතින් මොහොත ආණ්ඩුව සිය අමානුෂික මුහුණුවර ප්‍රකට කරමින් සිටින බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසීය.
ජනතාව උද්ඝෝෂණය කරන්නේ ආණ්ඩුවේ ජනතාද්‍රෝහී ක්‍රියාපිලිවෙත නිසා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කියන වෙලාව එනකම් තමයි මෙයත් මග බලන් හිටියේ .දේශපාලනය විතරයි .ජනතාව ගැන බලන එකේවත් නෑ
ආණ්ඩුව මිනිස්සුන්ට බෝ කළාද. නිකං පිස්සු කෙලින්නන එපා. තමුන්ට බෝ කලේ ආණ්ඩුව ද. දිලිප් ට බෝ කලේ ආණ්ඩුව ද. හැම එකකටම මොකේ හරි එල්ලෙන්න යනවා. ගොංකම තිබුණට ප්‍රසිද්ධ කරන්න එපා.
මුනට ඕන මිනිස්සු මැරිල හරි ආණ්ඩු පෙරලන්න.
අනේ මෙහෙමත් දේශපාලනයක්..! ඇමෙරිකාව, ඉන්දියාව, ඉතාලිය කියන රටවල මැරෙන ගණන් වලට ඒ ආණ්ඩු වගකියන්න ඕනෑද? අනික ඔබතුමාට කොරෝනා හැදුණු එකටත් ආණ්ඩුව වගකියන්න ඕනෑ.
කොරෝනාවෙන් ජනතාව මැරි මැරි දහදුක් විඳිද්දී, හැමදාම ප්‍රායෝගික නොවන දේවල් රජය කිය කියා හිටියා මිසක්... දැන් සැබෑ යථාර්ථයට මුහුණ දෙන්නට වෙලා. දැන්වත් තමුන්ගේ අසාර්ථක බව රජය තේරුම් ගතයුතුයි. කොරෝනා ව්‍යාප්තිය මේ තරම් බරපතල බව විපක්ෂ නායකතුමා කියන කතාව ඇත්ත...
මෙයාට අගයක් තියෙන්න දරුවෙක් ඉන්න ඕනේ. නැති නිසා මිනිස්සු උසිගන්නලා බලාගෙන ඉන්නවා..
දිනපතා සිදුවන කොරෝනා මරණවල වගකීම ආණ්ඩුව මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද සමානව බාරගත යුතුවේ. කොරෝනා ව්‍යාප්තිය මෙතරම් බරපතල වූයේ කොරෝනා පාලනයට ආණ්ඩුවේ නිසි වැඩපිළිවෙළක් සහ විපක්ෂය මූලික වී රජය පෙරලීමේ කුමන්ත්‍රණයක් උදෙසා ජනතා උද්ඝෝෂණ සහ අරගල කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. රටතුළ කොරෝනා සීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන අවස්ථාවක උද්ඝෝෂණ සහ අරගල කිරීම කොරෝනා පාලනය කරන තුරු අත්හිටුවීමට ප්‍රකාශයක් කිරීමට තරම්වත් වගකීමක් හෝ වගවීමක් ගැනීමට නොහැකි සජිත් විපක්ෂනායක තනතුරේ වගකිම පවා මේ වනවිට පැහැර හැර තිබේ. බුද්ධියක්, පළපුරුද්දක් තිබෙන නායකයකු පාලනය කළ නොහැකි වෛරසයක් සෞඛ්‍ය පාලනයෙන් තොරව රට පුරා පැතිර යමින් තිබියදී රජයට සහයෝගය ලබාදෙනවා මිස මාධ්‍යට පැමිණ මෙවැනි වගකීම් රහිත ප්‍රකාශ කිරීමෙන්ම ඔහුගේ බුද්ධිය සහ දේශපාලන නොහැකියාව රටට පෙන්නුම් කර ඇත...
අපෝ උද්ඝෝෂණ නිසා නෙමේ. මෝඩ කතා අහලා තිබුණට මෙහෙම මෝඩ කතා ඇහුවාමයි. රනිල් හොඳයි මෙයාට වඩා නම්... ඊළඟට මැරෙන්නේ අසරණ වෙන්නේ ඔය උද්ඝෝෂණ වලට ගියපු මිනිස්සු. ඒ සේරම විපක්ෂ ක්‍රියාකාරින්, ගුරුවරුනුයි, ගුරුවරුන්ගේ පවුල්වල අයයි සේරම අවදානමේ... අන්තිමට ගහපු පදේකුත් නෑ. බෙරෙත් නෑ.
උත්සාහයන් නම් අපමණයි. එහෙත් කිසිම දේකට දේශපාලන වාසි ගැන්මට මෙතෙක් නොහැකි විය...
ආණ්ඩුව හැමදේකම වගකීම ගන්න ඕනෑ තමයි. හැබැයි මුළුමහත් ජනතාව තමන්ගේ වගකීම ඉටුකළානම්, මෙහෙම වෙන්නේ නැහැ. මොකද මාස්ක් එක දාන එක වගේ පොඩි දෙයක් හරියට කරන්නේ නැතිව.. අපි කොහොමද රටක් විදිහට ඉස්සරහට යන්නේ. දැන්වත් ඔය එක එක්කෙනාට ඇඟිල්ල දික්කරගන්න එක නවත්තලා... රටක් විදිහට වැඩකරමු.
යහපාලනය අද තිබුණා නම්...!!!
තාත්ත වගේමයි 12%ක් තිබ්බ එක බලේට කෑදරකම හින්දා 5%ට බස්සලා පක්ෂ බුරුතු ගණන් පර්ලිමේන්තුවට ගෙනැල්ලා පාර්ලිමේන්තුව අස්ථාවර කළා දැන් මෙතන එනවා බයිලා කෙලින්න. බෙහෙත විදගත්ත නම රජයට සහාය දීලා, මිනිස්සුන්ට සෞඛ්‍යා රක්ෂිතව ජීවත්වෙන්න කියන්න. රජයට විතරක් මේ වැඩේ කරන්න පුළුවනි නම් ලෝකෙම මේ ප්‍රශ්නේ මේ වෙනකොට විසඳිලා. ජපානේ 5 වෙනි රැල්ල ඇවිත් රෝහල් ඉඩ නැතිවෙලා, ඉන්දියාවේ රෝහල් ඉඩ නැතිවෙලා, ඕස්ට්‍රේලියාවේ වෙන දරුණු ව්‍යාප්තිය ඔක්කොම බලලද මේ කුහක කමෙන්ට් දෙන්නේ. ඇත්තටම බලය ගන්න විතරක් මිනිස්සුන්ට කතා කරන අමන අම්බරුවන් නිසා මේ රට තවතවත් වලපල්ලට යනවා...
ඕං ඉඳලා ඉඳලා කිව්වා තවත් එක්තරා තෘණ සම්බන්ධ කතාවක්. කොරෝනා කියන්නේ ලෝකෙටම බලපාන වසංගතයක්. අහෝ මෙහෙමත් බුද්ධිමතෙක්...
කිව්වේ හරිම බුද්ධිමත් කතාවක්...
ආණ්ඩු මෙහෙමත් පිස්සු නැටුවේ විපක්ෂය දුර්වල නිසා ප්‍රජාතන්ත්‍රවාදයේදී සැබෑ ලෙසම ආණ්ඩුව මෙහෙය වන්නේ විපක්ෂය.. නමුත් විපක්ෂය හීනෙන් අවදි වෙලා මොනවා හරි කිව්වට ආණ්ඩුවට දැනෙන යමක් කරන්නේ නෑ. ඒ නිසයි ආණ්ඩුවත් ඔය විදිහට යන්නේ... ජනතාව තමයි දෙගොල්ලන්ම යැපෙන්නේ.
මෙන්න ගොන් වැඩක්...
ඔබතුමා දිනුවා නම් මේ වෙනකොට ඉන්දුනීසියාව වගේ දියුණුව බලන්න තිබුණා.
කට ඇරියොත් කියන්නෙම ගොන් කතාවක්නේ අප්පා..!
මාස හයක් විතර දීලා බැලුවා නම් කාටත් තේරෙයි..
එතකොට ස්ට්‍රයික් කරලා පොකුරු හැදුවේ කවුද දන්නේ නැහැ. බලාගෙන ඉන්න රටට කෙළවෙනකල්... රනිල්ටම ගැලපෙනවා. ඇයි මේ කාලකණ්ණි වැඩ කරන්නේ...?
මොන වෙලාවක ඉපදිලාද මන්දා .මොනවා කියනවාද කියලා මේ මනුස්සයවත් දන්නේ නැහැ .රටක පාලන බලය ගන්න නේද ඉන්නේ .මෙයා අවොත් ඉතින් .අනික් හරිය සිතා ගැනීම ඔබලාට භාරයි
වෙලාවට ප්‍රේමදාස ලොක්කා එක කොල්ලගෙන් නැවැත්තුවෙ........
ඇත්තටම මේ වගේ විපක්ශ නායකයෙක් මේ ලෝකෙම නැතුව ඇති. මිනිස්සුන්ව කුලප්පු කරලා කොරෝනා පතුරවල දැන් කියනවා ආණ්ඩුව වැරදිලු
මෙයා එංගලන්තෙත් යැව්වා කියනවා නේද ඉගෙනගන්න? බලපුවාම දඹානේ ඉස්කෝලෙට ගිය කෙනෙකුටත් වැඩිය අන්තයිනේ...?
ලංකාවේ දේශපාලන මොඩලයේ ඉන්න එකා නරක නිසා තව කෙනෙක් ගේනවා. නමුත් කාටවත් නොපෙනෙන්නේ හැම එකාම යන්නේ එකම පාරේ බව...
කිරි පුතාගේ කට ඇරියොත් ගොන් කතාවක්මයි එළියට පනින්නේ...
මිනිස්සු ස්ට්‍රයික් කරන්න උසි ගන්වලා. දැන් මගුලක් කියවනවා...
ඔව් අපි එක පුද්ගලයාට එක පී එච් අයි ගානේ පත් කරමු.
මහත්තයෝ ඕවට කියන්නේ බොර දියේ මාළු බානවා කියලා