(සුජිත් හේවාජුලිගේ )
ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ රෝගීන් රට පුරා දහස් ගණනින් සිටිය හැකි යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
එම අවදානම කිසිසේත්ම බැහැර කළ නොහැකි බව කී විශේෂඥ වෛද්‍යවරයා මේ අවදානම තේරුම් ගැන ජනතාව කටයුතු කළ යුතු බවද ප්‍රකාශ කළේය.
ජනතාව හැකිතාක් නිවෙස්වලින් බැහැර වීම සීමා කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලදාරීයෙකු ලෙස ඔබ තුමත් පත්ව ඇති අසරණ බව රූපවාහිනී පුවත් විකාශයකින් දැක්කා.මාධ්‍ය වේදියෙකු අහපු ප්‍රශ්නයකට ඔබ තුමා කීවා ඒ ප්‍රශ්නයට පිලිතුරු දුන්නොත් අනික් දවසේ ඔබව දකින්න නොලැබෙයි කියලා.නිලදාරීන් මෙහෙම අසරණ වෙනකොට රට්ටු කොච්චර අසරණ ද කියලා හිතා ගන්න මහත්තයෝ.දැන් දෙන්නේ බිලි පුජාවක්.එපමණයි
කොරෝනා ප්‍රවර්ධනය අතින් ඔබ ඉහළින්ම ඉන්නවා. කොරෝනා ඉවර කරන්න ඔබතුමාගේ ප්ලෑන් එක මොකක්ද? අහිංසක එදාවේල හොයන් කන මිනිස්සුන්ගේ බඩේ පාර නොගහ.
මමත් මේ අාණ්ඩුවට ඡන්දෙ දුන්නා.. අද ගොඩක් පසුතැවෙනවා මේ වගේ අමන පාලකයින්ට දීපු ඡන්දය ගැන... හැම පැත්තකින්ම රට කඩා වැටිලා....
" හැකිතාක් ගෙවල් වලටම වෙලා ඉන්න" කිව්වට, පාරේ දහස් ගනන් රොක් වෙලා ඉන්න කොට ඒ ටික දෙනත් ඇති පොකුරු හදන්න..ඒ නිසා පාරේ තැනින් තැන ඉන්න ටික ගැන තීරණ ගන්න