(සුජිත් හේවාජුලිගේ)
පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
රැකියා සඳහා පැමිණීමට පළාත් අතර සංචරණ සීමා කිසියම් ලිහිල් කිරීමක් කර ඇතත් එම සහනය අවභාවිතා නොකරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.
පවතින තත්වය අනුව සෞඛ්‍ය ආරක්ෂක ලෙස කටයුතු කිරීමට පොලිසිය කියන තුරු සිටීමට අවශ්‍ය නැතැයිද යුද හමුදාපතිවරයා කීවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රායෝගික දෙයක් කතා කරන්න මහත්තයෝ. හත් පොලේ ගාගෙන මිනිසුන්ටම හැම මගුලම පටවන්න එපා. බිලි පූජාව තව මදි නේද?
ඔබතුමාගේ දූරදර්ශි ක්‍රියාමාර්ග නිසා තමයි ලංකාවේ කෝවිඩ් හොඳට පාලනය වෙලා තියෙන්නේ ඔබතුමාට ගොඩක් පින්..., ඔබතුමා දෙවියෙකි.
කොරෝන වෙනුවෙන් මොනාද නොකළේ ,අලුතින් නීති හැදුවා ,රට වහලා මිනිසුන් හිඟා කන තැනටම පත් කළා .තවම කවුරුවත් තේරුම් අරන් නෑ කොරෝනා කියන්නේ මොකද්ද කියලා .කොරෝන කියන්නේ සෙම ,උන ඇතුළු ලෙඩ වලට .ඔය ලෙඩ එදත් තිබුනා .මේක කවදාවත් ඉවර වෙන්නේනෑ ස්තුතියි
මහත්තයෝ පළාත් සීමා නෙවෙයි... ගෙදරින් එළියට ගියත් මේ අවදානම දැන් තියෙනවා. සමහර පළාත්වල කොරෝනා නැතිනම් මේක හරි... මේ කතා කියන එක තේරුමක් තියේද කියලා හිතලා බලන්න...
හමුදා ක්‍රියාකාරීත්වය අගයනවා වගේම ඔබගේ සීමාව පසුකර නොයන ලෙස ගරුත්වයෙන් ඉල්ලනවා. මෙය සෞඛ්‍ය අංශ සහ රජය එකතුව විසඳන්න ඕන. ඔබට කල හැක්කේ එයට උදව් දීම. එය දැනටම මහ ඉහලින් කරනවා.
මේ ලංකාවට පමණක් නෙවේ..සෙම, උණ ("කොරෝනා නමින් වසංගතයක් ") බවට ලොවම ගිල ගෙන දැන් අවසන්.. උණ සෙම්ප්‍රතිශ්‍යාව සැදීමට ඉඩ නොදී, හැකි අයුරින් උනු වතුරම, ඉඟුරු කොත්ත මල්ලි උනුවට පානය, (centigrade 70° උෂ්ණත්වයෙන් ) දිනකට දෙවරක්වත් වාෂ්ප අල්ලා පරිස්සම් වෙන්න.. කරුණාකර කිසිම කෙනෙකුට වැරැද්ද පටවන්න එපා..පපුවෙ සෙම වැඩි වූවාය කියා බය වෙන්න අවශ්‍ය නැහැ..සෙම්ප්‍රතිශ්‍යාව හැදුනය..කියල පුලුවන් තරම් ගෙදරම ඉන්න..සති 2ක් 3ක් එසේ හිටියොත් තමන් ඇතුළු පවුලේ අයත්, ගමේ අයත්, තව තවත් හැමෝම ගොඩ..මුළු ලෝකයේ සියලුම දෙනා සුවපත් වේවා! බුදුසරණයි!
මොන පළාත් සීමාද සර් .ඒවා අස්කරලා දින කීපයක් වෙනවා .ෆ්‍රෙඩී සිල්වා හිටියනම් උඩ පැන පැන හිනා වෙනවා
නන්දසේනත් එක්ක එකතුවෙලා මෙතුමත් අනාගන්නවා.