(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොවිඩ් ආසාදනය වූ මන්ත්‍රීවරුන්ගේ සමීපතමයන් සොයා ගැනීමට පාර්ලිමේන්තුවේ සීසීටීවී කැමරා පද්ධති පරික්ෂා කිරීම වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් අරඹනු ලැබ ඇත.
කෙසේ වෙතත් කොවිඩ් ආසාදනයවූ මන්ත්‍රීවරුන් සිවු දෙනාගෙන් පාර්ලිමේන්තුවට ලොකු අවදානමක් නැතැයි එම කැමරා පද්ධති පරික්ෂා කිරිමේදී පෙනී යන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
කොවිඩ් ආසාදනයවී සිටින්නේ ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි,මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි යන මහත්වරුන්ය.
ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සහ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි යන මහත්වරුන් පාර්ලිමේන්තුවේ එකම රැස්වීමකටවත් පැමිණ නොතිබූ අතර රෝහණ දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ පසුගිය අඟහරුවාදා දිනයේදී පමණක් යැයිද වේත්‍රධාරීවරයා කීවේය.
රෝහණ දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් සහ සේවකයන් සමග ලොකු සමීපවීමක් සිදුවූ ආකාරයක් පෙනෙන්නට නැතැයි සීසීටීවී කැමරා පද්ධති පරික්ෂා කිරීමේදී පෙනී ගිය බවද හෙතෙම සඳහන් කළේය.
දිලිප් වෙදආරච්චි මහතා මැතිසබේට දින දෙකක් පැමිණ තිබූ බවත් ඔහුද සැලකිය යුතු ගැටීමකට ලක්වූ ආකාරයක් මෙතෙක් පෙනෙන්නට නැති බවත් නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පසුගිය දිනවල කොවිඩ් ආසාදිතයන් කිහිපදෙනකු වරින් වර හමුවූ බවත් ඒ අවස්ථාවලදී ඔවුන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ඉතාම කඩිනමින් නිරෝධායනයට යොමුකර අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම නිසා කිසිදු අවදානම්සහගත තත්වයක් ඇති නොවූ බවත් ඔහු පැවසුවේය.
ඒ සෞඛ්‍ය ආරක්ෂක කටයුතු නිසි ලෙස කළමනාකරණය කර ගැනීම නිසා පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑමට ඉඩ ප්‍රස්ථාව සැලසී ඇතැයි පැවසූ හෙතෙම පාර්ලිමේන්තු රැස්වීම් පසුගිය දින හතරේදී සාමාන්‍ය පරිදි පැවැත්වීමට මේ නිසා හැකිවූ බවද පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ රෝහල් පිරිලා කියලා මිනිස්සු බලෙන්ම පුද්ගලික රෝහල්වලට යවනවා. මේ ක්‍රමය මීට ඉස්සර ඉඳලා තිබුණා... හැමදාම ආණ්ඩුවේ රෝහල්වල ලැයිස්තුවේ ඉන්නේ. මේ ඔක්කොම කරන්නේ පුද්ගලික රෝහල් වලට මිනිස්සු යවන්න. දෙකේම වැඩ කරන්නේ එකම කට්ටියනේ... එහෙම වෙලාවක cctv පරීක්ෂා කරලා කොරෝනා අසාධිතයන් හොයනවා. පුද්ගලික රෝහල් වල වැඩ වැඩිකරන්නද?
ඇයි මේවා ඒ අයගෙන් අහලා දැනගන්න බැරිවුණාද?