(සුජිත් හේවාජුලිගේ)
රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයෙන් මෑතකදී හමුවූ විශාලතම ප්‍රමාණයේ මැණික ඇතුළු මැණික් ගල් රැසක් චීනයේ ෂැන්හයි නගරයේ ළඟදී පැවැත්වීමට නියමිත ලෝ ප්‍රකට මැණික් වෙන්දේසියේ අලෙවි කිරීම සඳහා රැගෙන යෑමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැණික් හා මැණික් ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.
මේ සඳහා වෙනම ගුවන් යානයක්ද සූදානම් කරන බවත් මෙරට මැණික් ව්‍යාපාරිකයන් විසිපස් දෙනෙකුද එම ගමනට සම්බන්ධ කර ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.
තමාද අදාළ රාජ්‍ය ඇමැතිවරයා විදිහට එම ගමනට සූදානමින් සිටින බවද රත්වත්තේ මහතා පැවසුවේය.
මෙරටින් මෑතකදී හමුවූ විශාලතම මැණික ඇතුළු මැණික් ගල් එම මැණික් ගල් හිමිකරුවන්ගේද එකගත්වය ඇතිව කඩිනමින් විකිණීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතාට පසුගියදා උපදෙස් දුන්නේය.
රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පෞද්ගලික පතලකින් හමුවූ එම මැණික ලෝකයෙන් මෙතෙක් හමුවූ විශාලතම ආරුනූල් සමූහය ලෙස සැලකේ.
එම මැණිකේ වටිනාකම තක්සේරු කිරීමටද මේ දිනවල කටයුතු කරගෙන යන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැඩිදුරටත් කීවේය.
එම විශාලතම මැණික සම්බන්ධයෙන් ලෝකයේ රටවල් ගණනාවකින් දැනටමත් විමසීම් කර ඇතැයි මැණික් හා මැණික් ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක විකුණලා ගුරු පඩිය හරියට දීපල්ලා
ඕකෙනුත් මේ අය කොමිස් ගහයි...
තමුන් වෙනුවට පවුල් පාලනේ කෙනෙක් ගියා නම් නේ වටින්නේ... ඩේසි ආච්චිගේ මැණික් මල්ලටත් හොඳයි...
ඒකටත් අබ සරණයි...!!!
අපේ පොළවේ කොච්චර දේවල් තියෙනවද? උනන්දු වුණොත් ලෝකයේ දියුණුම රට වෙන්න පුළුවන්. අපේ අවාසනාවට හරි දැක්මක් තියෙන රටට, දැයට, ජාතියට ආදරේ කරන කෙනෙක් කවදා පහළ වෙයිද?
ඇමැති උන්ගෙ හෙන්චයියන් ටික සැප අරගෙන එනකොට මැනික් ගලේ වටිනා කමක් නැහැ. ඕක තමයි වෙන්නේ
හොඳයි, එහෙනම් ඕකත් කරේ තියාගෙන බහින්නකෝ එලියට...!!!
මේක බහිරවයින්ට දුන්නා වගේ. ජැපනීස් ක්‍රෙඩිට් ලයින් එකේ සල්ලි V8 වලට දෙන්න කියලා සාධාරණීකරණය කරපු හැටි තවම මතකයි.
අනුන්ට අයිතිදේ ට හූල්ලන්න එපා. ඒ මැණිකට අයිත්කාරයෙක් ඉන්නවා. රජය කරන්නේ ඒක විකුණන්න පහසුකම් සපයන එක විතරයි. අයිතිකාරයට පිස්සු නැතුව ඇති කොහෙවත් ඉන්න එවුන්ට පූජා කරන්න .
"කොට්ටරයක්" ගිය උඩ
මැණිකේ පිහිටෙන් නිකන් පිට රට සවාරියක් මිස , නැතුව රටට වැඩක් කරන්නද
පැහැදිලිව කියනවා. මුන්ට පිස්සු. මෝඩයෝ රැලක් එකතුවෙලා රට කනවා. බයියෝ අන්දනවා.
මැණික් කාරයෝ ගිහින් මේක විකුණා ගනීවි. ඇමති මොකට යනවද?
චීනෙට ගියාට පස්සේ මැණික් ගල කලු ගලක් වෙයිදෝ?
කළු සල්ලි සුදු කරන විදි ගැන දන්නේ නැද්ද? වංචනික ගනුදෙනු වෙන විදිහ ගැනත් හිතන්න වෙනවා , වෙන්දේසියේදී කළු සල්ලි දීලා මැණික ගත්තොත් , අපේ රටට ගෙනෙන්නේ කළු සල්ලි නේද ? වංචනිකව උපයාගත් විදේශ මුදලක් ලංකාවට ගැනීමට කරන උපායක් වෙන්න බැරිද ? වටින්නේ නැති දෙයක් මැණිකක් , කලා කෘතියක් , පුරා වස්තුවක් වැනි දෙවල් තමයි මේවාට භාවිතා කරන්නේ ... කරුණාකරලා රජයට සම්බන්ද ආයතන මේවා ගැනත් හිතන්න ...
කළු ගල් ප්‍රවාහනයට ගුවන් යානා යොදාගන්න එකම රට .නැව් තියනවා ලොරි තියනවා ලෝකයේ
එහෙනම් ඔක්කෝටම ඉස්සරවෙලා රත්නපුරයට ගුවන් තොටුපළක් හදනවද? එතකොට ඒක හදන්නත් චීනෙටම දෙනවා. ඒකෙ කොමිස් එක ගන්න කට්ටිය යනවා. එතකොට අපිට අහන්න පුළුවනිනේ මැණික අරන් ගියේම නැද්ද? කියලා...
ජනාට සාමාන්‍ය දැනුම හෝ සාමාන්‍ය බුද්ධියක් හෝ නොමැති බව පෙනේ. එම මැණිකට හිමිකරුවකු ඇති බව නොදැනීමත්, එම හිමිකරු තම වාසනාවට ලද මැණික ඔහුගේ යහපතට විනා අනර්ථකාරී කාර්යයකට යොදවනු ඇතැයි සිතීම මුලාවකි. එක්කෝ මෙය රජයට අයත් යැයි ඔහු වැරදි අදහසක සිටියි. නැත්නම් වුවමනාවෙන්ම ඔහු එය රජයට අයත් බවට මහජනතාවට වැරදි මතයක් පැටවීමට උත්සාහ ගනිමින් සිටී. ඔහු ගුරුවරයකු නම් ඔහු වැනි ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින්ගේ දැනුම හා බුද්ධිය ගැන දෙවරක් අවධානයට ලක් විය යුතුයි.
කැළණි ගඟේ නාගයා වගේ මේකත් පුස්සක් වෙයිද ?
මේ වැඩෙන් ඔප්පු වෙන්නේ මුන් ඔක්කොම එකතු වෙලා අපේ රටේ පාලකයව කොහොමට ගොනාට අන්දවනවද කියල... රත්නපුරේම ඉන්න වෙලෙන්දො කියනවා මේක වටින්නෙ නෑ කියල..මේක හම්බ වෙලත් මාස ගානක්ලු. තියෙන්නෙත් පරන ටයර් එකක් උඩ. රත්නපුරේ ගල් කෑල්ලක් හම්බ උනොත් එවෙලෙම නිව්ස් එක පෑතිරිලා ගනන් කියනවා. මේක ගෑන කවදාවත් නිව්ස් ආවෙ නෑ..අපරාදෙ ගුවන් ගමන් වියදම...ඒකවත් පියව ගත්තොත් ඈති..
මෝඩයින්ව රවට්ටන බොරු මගඩියක් මේකත්...