(තිළිණි ද සිල්වා)
සීගිරිය සංචාරක කලාපය හා යාල ජාතික වනඋද්‍යානය ප්ලාස්ටික් භාවිතයෙන් තොර පළමු පරිසර හිතකාමි සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඒ අනුව සීගිරිය හා ඒ අවට හදුනාගත් බිම් ප්‍ර දේශ ප්ලාස්ටික් භාවිතයෙන් තොර පරිසර හිතකාමී සංචාරක කළාපයක් ලෙසත්, යාල සංචාරක කළාපය ප්ලාස්ටික් භාවිතයෙන් තොර පරිසර හිතකාමී ආරක්ෂිත හා සංරක්ෂිත පෙදෙසක් ලෙසත් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ වැඩක්... සුබ පැතුම්..!!!
මේ මනුස්සයට පිස්සු ,මොන සංචාරද හැම තැනම මිනිස්සු මැරෙනව සීමාවක් නැ.මොලේ පහලට බැහැල වගේ.අර ටෙලිෆොන් එකෙන් ඉල්ලපු සල්ලි ලැබුනද ඔය ලමයට.
අර ගම්පහ රෝහලේ මෘත ශරීරගාරේ ඉඩ මදිකම නිසා ගොඩ ගැහිලා තියන මළ සිරුරු ටික අයිතිකාරයෝ එනකං මෙයාගේ ගෙදර වායු සමීකරණ කරලා තියන කාමර වලට දාන්න
කෝ සංචාරකයෝ ?
ඡන්ද ලැබෙන්නේ නැහැ ආයෙ මොනවා කළත් කොරෝනාවලින් බේරෙන්න මොනවා හරි කළා නම් හොඳ නැද්ද?
මේ වෙලාවේ කරන්න තියෙන්නේ වසංගතයෙන් රට මුදවාගන්න යමක් කරන එක. ගම්පහ දිස්ත්‍රික්කයේ මොනතරම් කොරෝනා ආසාධිතයින් ඉන්නවා කියලද? මෙයාගේ තාත්තා ඉන්න කාලේ කෙරුවෙත් කළදුටු කළ වල ඉහගන්න ජාතියේ වැඩ. සමූපේ නැති බඩු ගෙදර ගොඩගහලා.... ඇඟේ තරමට මොලේ නැතිකම ගැන කියන්න දෙයක්ද?
මේ මනුස්සයාගේ නම් අවුලක් තියෙනවා වගේ... දැනට අපේ රටේ 5000ක් මැරිලා තව පිටරට තිබෙන කොරෝනා ප්‍රභේද ගේන්නද හදන්නේ? මේ අය නම් ඉතිහාස ගත වෙනවා මේ ව්‍යවසනයට...
මේක තමන්ට ලැබෙන අන්තිම මන්ත්‍රී කම. ඒ හින්ද දැන්වත් රටට ගමට මොනවා හරි සේවයක් කරන එක හොඳයි මිනිස්සුන්ගේ සාපයෙන් ගැලවෙන්නවත්.
සීගිරියේ සහ යාලේ තිබෙන ප්ලාස්ටික් සහ පොලිතින් දැන් අපට තිබෙන ලොකුම ප්‍රශ්නේ .ඔය සයිට් වල මුදල් ගෙවලා සේවකයන් ඉන්නේ ඕවා පිරිසිදු කරන්න .දැන් ඕවා වහලා,ඕවා බලන්න කිසිම සංචාරකයෙක් යන්නේ නැහැ ,අර රෝහල් වල ගොඩගහලා තිබෙන මල මිනී ටිකට විසදුමක් දෙන්න
පොලිතීන් මලු, ප්ලාස්ටික් බෝතල් සම්පූර්ණයෙන් තහනම් කළ යුතුයි.