(විනීතා එම් ගමගේ)
ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ දී ප්‍රථම වරට අක්මා බද්ධ සැත්කමක් සාර්ථකව සිදුකළ බව එම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මහතා ප්‍රකාශ කළේය.
37 හැවිරිදි තරුණයකුට මෙම සැත්කම සිදුකළ බවත් සිරෝසිස් රෝගයෙන් පෙළුණු මෙම තැනැත්තාට ඉක්මණින් අක්මා බද්ධයක් සිදුකළ යුතුව තිබු බවත් කී වෛද්‍ය හේවගේ ඉකුත් 30 වැනිදා කළ සැත්කම සියයට සියයක් සාර්ථක බව අද තහවුරු කරගත් බව ද සදහන් කළේය.
මොළය මියගිය 62 හැවිරිදි පුද්ගලයකුගේ අක්මාව රාගම රෝහලේ දී ලබාගත් බවත් එය පැය 12කට ආසන්න වේලාවක් ගතවූ සැත්කමක් මගින් බද්ධ කළ බවත් අධ්‍යක්ෂවරයා කීය.
ජයවර්ධනපුර රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරු පිරිසක් මෙම සැත්කම සිදු කළහ.
අක්මා බද්ධය අධික වියදම් සහිත සැත්කමක් වන අතර එය ඉන්දියාවේ දී සිදුකිරීමට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 120 ක් පමණ වැය වන සැත්කමකි. ජයවර්ධනපුර රෝහලේ දී මෙම පළමු සැත්කම කිසිදු අයකිරීමකින් තොරව නොමිලයේ සිදුකර තිබීම ද විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත් වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලය යට අනේක වාරයක් ස්තුති වේවා .. !!! රෝගී තත්වයට පත්ව සිටි කෙනාට රුපියල් ලක්ෂ 120 ක් ඉතිරි වුණා.මේ උගත් වෛද්‍යවරුන් බිහිවුණේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙන් බව පැහැදිලියි.උසස් පෙළ විභාගය ඉහළින් සමත්ව වෛද්‍ය විද්‍යාව හැදැරීම තුළින් ලත්,විශිෂ්ඨ හා විශාරද දැනීම මේ පර්යේෂණය සාර්ථක කරගැනීමේ මූලික හේතුව වූවා සේ හැඟේ. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ආරක්ෂා කර ගැනීමට හා විශ්ව විද්‍යාල පද්ධතිය මිලිටරි කරණය නොවීමට දේශපාලනයෙන් හා අනුවණකමෙන් මිදී රටේ ජනතාව වටහාගන්නේ නම් මැනවි.
මෙය ඉතා හොඳ රැකියාවකි. මෙය සියලු පුරවැසියන් විසින් අගය කළ යුතුය. අධ්යක්ෂවරුන් ඇතුළු සියලුම වෛද්‍යවරුන් සැබෑ දෙවිවරුන් ය.
වැඩේ 100% ක් සාර්ථකයි කියන්න පුළුවන් වෙන්නේ ලෙඩාගේ දීර්ගායුෂ අනුව නෙමෙයිද ?
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට කළ නොහැක්කක් නොමැත, ඔවුන් විශ්මිත දස්කම් කළහැකි සැබෑ දක්ෂයෝය. අගයමු. ඔබතුමන්ලාට තෙරුවන්ගේ සරණයි. දෙවිපිහිටයි.