මනුෂ්‍යයන්ට සමාන ආකාරයට, දත් පිහිටා ඇති අසාමාන්‍ය පෙනුමැති මාළුවකු ඇමෙරිකාවේ උතුරු කැලිෆෝනියාවේ ධීවරයකු විසින් අල්ලා ගනු ලැබ ඇති අතර, මෙම අමුතු මාළුවා මේ වනවිට පුවත් මැවීමට සමත් වී අවසන්ය.
මාළුවාගේ ඡායාරූප සහ වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය ඔස්සේ ද ජනප්‍රිය වී තිබේ. එම දසුන් සහ ඡායාරූප අනුව මාළුවාගේ දත් පැහැලිව දකින්න ලැබේ. බැලූ බැල්මට ඒවා පිහිටා ඇත්තේ මනුෂ්‍යයකුගේ දත් පිහිටා ඇති ආකාරයටය.
කෙසේ නමුත් මාළුවාගේ මෙම ඡායාරූප සහ වීඩියෝ දසුන් දුටු සාගර ජීව විද්‍යාඥයන් පවසා ඇත්තේ මෙම මාළුවා අමුතු අසාමාන්‍ය එකකු නොවන බවය
විද්‍යාඥයන් මාළුවා හැඳින්වන්නේ 'ෂීප්හෙඩ් ෆිච්' (බැටලු හිසැති මාළුවා) යන නමිනි. මාළුවා 'ෂීප්හෙඩ් ෆිච්' යන නමින් හැඳින්වෙන්නේ, උගේ මුහුණ සහ දත් බැටලුවකුගේ මුහුණ සිහි ගන්වන නිසා යැයි ද විද්‍යාඥයන් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.
(එන්.ඩී.ටීවී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාවේ ඉන්න බත් ගෙඩියෙකුට ඔය දත් සෙට් එක දුන්නා නම් කැන්ටිමේ තියෙන කෑම වලට දෙයියන්ගේ පිහිටයි...
අවුරුදු 10කට ඉස්සර බිලීබාන්න ගිහින් මැරුණු ආරෝන් මාමා තමයි අද ඇමෙරිකාවේ යළි මාලුවෙකුගේ ආත්මයක් ලබා තියෙන බව දත් සෙට් එකෙන් සනාථ වී ඇත්තේ...
මේක දැකපු ගමන් මට මතක් වුනේ අපේ රටේ එක්තරා දූෂිත දේසපාලුවෙක්ව...
හරියටම අර ද්විත්ව පුරවැසියා කට බලියලා හිනාවෙනවා වගේ.
මෙයාව දැක්ක ගමන් මට මතක් උනේ වන ජීවී ඇමති තමයි