(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 98 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5,017 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 47 දෙනෙක් සහ කාන්තාවෝ 51 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 78 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 20 දෙනෙක් ද වෙති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෛනික මරණ ගණන 100 පැන්නුවා කියලා කියනවාට සර් පොඩ්ඩක්වත් කැමති නෑ වගේ. ඊයෙයි අදයි දවස් දෙකේම ළඟින් නැව්වා. ඉතින් කොහෙද කොරෝනා පාලනය කරන්නේ..? ඔය වගේ මනස්ගාත ඔළුවේ තියාගෙන! කොහොම හරි මම තමයි හොඳටම කළේ.
මේ වටිනා ජීවිත 5000 වටිනාකම කාටද තේරෙන්නේ..?
මෙහෙමත් පාලනයක්? මෙහෙමත් අවාසනාවන්ත ජීවිත බිලිදීමක්....
අර හොඳටම කරපු මිනිහා හොයලා දෙන්නකෝ පුළුවන් නම්.
මැරෙන හැමෝටම කොරෝනා කොරෝනා කියලනේ ලේබල් ගහන්නේ .කොරෝන එන්න කලින් දිනකට කී දෙනෙක් මැරිලා තියෙනවාද ?හැබැයි රුපියලක්වත් ආණ්ඩුව වියදම් කරලා නෑ .කොටි 7500 ක් වියදම් කරලත් මිනිස්සු 5000 ක් මැරිලා
රට වහන්න එපා...ආර්ථිකයට බලපායි... ඉස්සෙල්ලම මිනිස්සු ජීවත් කරවලා ඉන්න. මේ අයට ගාණක් නැහැ... 300 ගාණක් බිලිදීලානේ ඉන්නේ..