(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින් දෛනිකව හමුවීමේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන අතර අද (7) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1762 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
එම කාලය තුල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් 15 ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම බියගම - 223 ක්, මහර - 202 ක්, වත්තල - 181 ක්, ගම්පහ - 151 ක්, අත්තනගල්ල - 140 ක්, මීරිගම - 131 ක්, මිනුවන්ගොඩ - 128 ක්, දොම්පෙ - 122 ක්, ජාඇල - 113 ක්, කැලණිය - 97 ක්, දිවුලපිටිය - 93 ක්, මීගමුව - 56 ක්, රාගම - 48 ක්, සීදූව - 40 ක් සහ කටාන - 35 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 තුල ආසාදිතයින් 78 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 51 දෙනෙකු සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 22 ක් වශයෙන් හමුව ඇති බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.
පැය 24 ක කාලය තුල ආසාදිතයින් අතුරින් දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත 527 දෙනෙකු යොමු කොට ඇති අතර රෝහල් ගත කොට ඇති සැක සහිත රෝගීන් සංඛ්‍යාව 63 දෙනෙකි. මින් ආසාදිතයින් 256 දෙනෙකු ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබති.
නිවාසවල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 19,260 දෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම පහුගිය සතිය පුරා මේ ගැන සෙවිල්ලෙන් සිටියා . මේ ඩේටා සම්පූර්ණයෙන් ජාතික ගණනය කිරීමේ වැඩ සටහනට එකතු වෙන්නේ නෑ. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනගහනය ,සාපේක්ෂව 10% කියල ගත්තොත් ලංකාවේ මුලු ආසාදිතයින් ගාන 17000 ක් විතර වෙන්න ඕනි.
ගම්පහ කොරෝනා පට්ට ගහන්නේ ගම්පහත් ඉවර කරන්නද? කොරෝනා ප්‍රවර්ධනය නොකර ඉවර කරන්න ක්‍රමයක් හිතන්න. ස්තුතියි..!