(ඩයනා උදයංගනී)
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (8) දිනයේදී විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රදේශයන්හි ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය
ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා පැවසීය,
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, දකුණු, වයඹ, උතුරුමැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd