(ඉන්දිකා රාමනායක)
ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරු තුනක් අද සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක විවාහක කාන්තාවක්,ඇගේ දස හැවිරිදි පුත්‍රයා සහ ඇගේ 28 හැවිරිදි අනියම් සැමියා බව කියන පුද්ගලයා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
නිවස තුළ ඇති වූ කිසියම් ආරවුලක් හේතුවෙන් කාන්තාවගේ අනියම් සැමියා කාන්තාව සහ දරුවා ඝාතනය කර ඔහු ද සිය දිවි හානි කරගෙන ඇති බවට සැකකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd