(යොහාන් භාසුර)
කිරිපිටි මිල රුපියල් 200 කින් පමණ ඉහළ දැමුවහොත් දැන් පවතින කිරිපිටි හිඟයක් නැති වන බවත් එසේ මිල ඉහළට දැමීමට අවසර නොදෙන බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
කොරෝනා වසංගතත් සමඟ සමස්ත ලෝකයේම සැපයුම් ජාලය කඩාවැටීමෙන් ප්‍රවාහන සහ නැව් ගාස්තු ඉහළ ගොස් ඇති බව කී අමාත්‍යවරයා පැවසුවේ මිල වැඩිකිරීමට අවසර නොදීම හේතුවෙන් කිරිපිටි ආනයනය නොකිරීම මෙම තත්වයට හේතුව බවයි.
කිරිපිටි කුඩා පැකට්ටුවක් හෝ මිලදී ගැනීමට නොමැති තත්වයට වෙළෙඳපොල තුළ දැඩි ලිරිපිටි හිඟයක් මේ වන විට ඇති වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගෙ නිවේදනත් හරියට කාලගුණ නිවේදන වගේමයි.
පොල් සහ එල්පී ගෑස් වලට අනුව !!!!!
ඇයි බොරැ කියන්නෙ. ඩොලර් නැති නිසා ගෙන්වන් බැහැ.ඒකයි ඇත්ත. එහෙනං රජයෙන් ගෙන්වන්න.ඒත් බැහැ නේද!
මේ තකතීරුවා අන්තිමටම කිරිපිටි හිඟ වෙලා මිනිස්සු කෑ ගහන්න ඇරල වීරයා වගේ අන්තිමට ඔයිට වැඩිය මිල ඉහල දමලා සාක්කුවට ගානක් දමාගන්නවා. මේ පුද්ගලයාට මහජනතාව ගැන කිසිම හැඟීමක් නැහැ. මහ ජරා පුද්ගලයෙක්.
ඩොලර් නෑ කිව්වනම් ඉවරයිනේ. වැල් බයිලා ගහන්නේ නැතිව.මෙයා හිතන් ඉන්නේ රටේ මිනිස්සු බබ්බු කියලා .ඕව කියන්න ඔය ගොල්ලොන්ගේ බයියන්ට
අපිට මතකයි ගෑස් වැඩි කරන්න ගිය වෙලාවේ ඔබතුමන්ගේ කතාව .කිරි පිටි කිලෝ ග්‍රෑම් වෙනුවට ලීටර් කරයිද දැන් නෑ
මෙය සුපුරුදු පරිදිම විකාර දොඩවනවා .ජනතාව විශේෂයෙන්ම කුඩා දරුවෝ කිරි පිටි හිඟයෙන් දුක් විඳිනවා .ආර්ථික න්‍යායට මුවා වුවන් බොරු දෙඩවිල්ල විතරයි අවශ්‍ය දේ කරන්නේ නෑ
කොහොමද වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා ගේ සෞභාග්‍යයේ කෙරුවාව... ඔක්කොම වැඩ කිඩ කටින් විතරයි.අපි තමයි හොඳටම කරේ.මේ ප්‍රශ්න විසඳන එක අමාරු නැහැ.හරි ලේසියි.මොළෙන් කල්පනා කරලයි කරන්නට තියෙන්නේ. හහ් හහ් හා ...
ගරු ඇදුරුතුමනි, සියලුම ගෞරව සහිතව ඔබතුමා ඇතුලු බුද්ධිමතුන්ට පවසන්නේ, විවෘත ආර්ථික ක්‍රමයක් ඇති ලංකාවේ, වෙළඳපල පාලනයට රජයේ මැදිහත්වීම තුළ ආර්ථිකය තවතවත් කඩවැටීම වේවි. උදහරණයක් ලෙස ගෑස්, කිරිපිටි, කහ, සීනි අවුල... රජය කළයුතුව ඇත්තේ, සහන ක්‍රමයක් යම් අවශ්‍ය කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමයි. උදහරණයක් ලෙස තිරිඟු පිටි සඳහා 2004 තෙක් දුන් සහනය....
මේ මොනවද කියවන්නේ? මේ මිනිහා කොහෙද ඉන්නේ පිටසක්වලද? මිනිස්සුන්ගේ ලේ උරාබොන්නේ නැතිව යන්න වෙළෙඳපළට... බලන්න කිරිපිටි තියෙනවද කියලා...
සහල් මිල වගෙ වෙන්න ඇති
ආන්ඩුවේ ඉන්න තවත් බයිලා චක්‍රවර්තී කෙනෙක්
69 ලක්ෂයට දැන් සැපද?
පිටිකිරි රටින් ගෙන්නන්නේ නැතිනම් කොහොමද මිල ඉහළ දාන්නේ?
මෙයා කියන දේවල් ගෙදර උන්දැවත් විශ්වාස කරන්නේ නෑ කියලා කියන කතාව ඇත්ත වගේ...
විපක්ෂයේ හිටපු කාලේ නම් අමු මිරිස් කරලකුයි, ලොකු ළූණු ගෙඩියකුයි නැතිව පාර්ලිමේන්තු ගියේම නැහැ.