සංචරණ නීති කැඩු 416 අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 416 අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 21 May 2021
කාලගුණයෙන් ධිවරයන්ට දැනුම් දීමක් උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්වයක් වර්ධනය වෙමින් පවතින නිසා එම මුහුදු ප්‍රදේශය තුළ අද (21) සිට නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම්දීමක් කරයි. 21 May 2021
ඊශ්‍රායලයත් පලස්තීනයත් සටන් විරාමයකට එකඟවෙයි ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර දින 11 ක් තිස්සේ පැවැති ගැයුම් අවසන් විය. ඒ, දෙපාර්ශ්වයම සටන් විරාමයකයට කැමැත්ත පළ කළ බැවිනි. 21 May 2021
රටබීම නිෂ්පාදනයට තවත් සමාගම් දෙකක් අවසර ඉල්ලයි මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා අලුතින් බලපත්‍ර කීපයක් නිකුත් කිරීමට කටයුතු කරමින් තිබෙන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. 20 May 2021
සති දෙකකට රට වහන්න ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ උච්ඡතම අවස්ථාවට පත්ව ඇති බවත්, එය පාලනය කිරීමට නම් දින 14ක් දැඩි සංචරණ සීමා හෝ නිරෝධායන ඇඳිරි නීතිය පැනවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 20 May 2021
කොරෝනා ආසාදිතයෝ හයක් රෝහලෙන් පනිති නාගොඩ මහ රෝහලේ කොරෝනා සැකසහිත වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවන් තිදෙනකු ඇතුළු හය දෙදෙනකු අද රාත්‍රි නාගොඩ රෝහලෙන් පැනගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 20 May 2021
නව නීතිපති සංජය රාජරත්නම් වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා නව නීතිපතිවරයා ලෙස පත්කිරීමට පාර්ලිමේන්තු සභාව අද (20)අනුමැතිය ලබා දුන්නේය. 20 May 2021
කොරෝනා නසන්න ප්‍රතිවයිරසයක් හදලා ලොවට වසංගතයක් වූ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය නැසීමට ප්‍රතිවයිරසයක් පර්යේෂණාගාරයක් තුළ නිපදවීමට ඕස්ට්‍රේලියානු විද්‍යායන් සමත් වී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. 20 May 2021
‘‘වරාය කොමිෂන් සභා පනතෙන් රටේ ස්වාධිපත්‍යය පවරා දීමක් සිදුවෙනවා‘‘ කොළඹ වරාය කොමිෂන් සභා පනතෙන් රටේ ස්වාධිපත්‍යය පවරා දීමක් සිදුවන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 May 2021
පොදු ප්‍රවාහනය ගැනත් සොයයි බස්රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන් වල නිරෝධායන නීති රීති පිළිපදින්නේ ද යන්න සොයා බැලීම සඳහා අද සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි . 20 May 2021
රටේ ආරක්ෂාව ත්‍රිවිද හමුදාව කඳවයි ජනාධිපතිවරයා විසින් රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ. 20 May 2021
රියදුරු බලපත්‍ර ගැනීමේදී අලුත් පරික්ෂණයක් බස්රථ ඇතුළු බරවාහන රියදුරන් සදහා රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ දී හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණය මත්ද්‍රව්‍ය ලබා ගන්නවාදැයි දැනගැනීම සඳහා සිදු කරන පරික්ෂණයට (DrugTest) අද සිට අනිවාර්ය කිරීමට ප්‍රවාහන වෛද්‍ය ආයතනය පියවර ගෙන තිබේ. 20 May 2021
එන්නත් අපනයනය ඔක්තෝබරයේ - ඉන්දියාව ඔක්තෝබර් මාසය වනතුරු ඉන්දියාවට ‘කොවිඩ්-19’ එන්නත් අපනයනය ආරම්භ කිරීමට නොහැකි වනු ඇතැයි එරට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 20 May 2021
රිමාන්ඩ් සිරකරුවන් ගැන නීතිපතිගෙන් රෙගුලාසි මාලාවක් ඇතැම් වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින සැකකරුවන්ට ඇප ලබා ගැනීමේ පහසුව සඳහා නීතිපතිවරයා විසින් නව රෙගුලාසි මාලාවක් නිකුත් කර ඇත. 20 May 2021
වරාය නගර කෙටුම්පත වැඩි ඡන්ද 89කින් සම්මතවේ කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (20) වැඩි ඡන්ද 89කින් සම්මත විය. 20 May 2021
පොඩි ලැසීගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි, පොලිස්පතිට දැනුම් දෙන බව නීතිපති කියයි දැනට බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව පවසන ජනිත් මධුසංඛ හෙවත් ’’පොඩි ලැසී ’’ නමැත්තාගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට දැනුම් දෙන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 20 May 2021
ගම්පහින් පමණක් ආසාදිතයෝ 1000 සීමාව පන්නයි ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොවිඩ් ආසාදිතයින් 1065 දෙනකු හමුව ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 20 May 2021
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ගන්න උත්සාහයක ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (J&J) කොවිඩ් මර්දන එන්නත් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට උත්සාහ කරන බව ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය. 20 May 2021
ගිලන් රථවලට අධිවේගය නොමිලේ අධිවේගී මාර්ගවල ධාවනය කරන සියළුම ගිලන් රථ අද (20) සිට නැවත දැනුම් දෙනතුරු ගාස්තුවලින් නිදහස් කිරීමට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ. 20 May 2021
ඡන්ද නීති වෙනස් කරන්න යෝජනා ඉල්ලයි මැතිවරණ හා ඡන්ද විමසීම් නීති රීතිවල යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා යෝජනා ලබන 19 වැනිදා හෝ ඊට පෙර ලබාදෙන්නැයි මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 20 May 2021
‘‘වරාය නගර ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක කළොත් රටම ගොඩ‘‘ වරාය නගරය ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක වුවහොත් මේ රට ගොඩ යන එක ස්ථිර යයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. 20 May 2021
‘‘අක්ෂි රෝහලට එන්න පෙර දිනයක් වෙන් කර ගන්න‘‘ කොළඹ ජාතික අක්ෂි රෝහලට පැමිණීමට පෙර දිනයක් හා වේලාවක් වෙන්කර ගන්නැයි එම රෝහලේ අධ්යක්ෂවරයා රොගීන්ගෙන් ඉල්ලීමක් කරයි. 20 May 2021
‘‘එන්නත් සෙවීමට පෙර රෝගය පාලනයට පියවර ගන්න‘‘ කොරෝනා වසංගත තත්ත්වය අතිශය උග්‍ර වී තිබෙන මේ අවස්ථාවේ කළ යුතු වන්නේ එන්නත් සෙවීම සඳහා කාලය වැය කිරීම නොව රෝග ව්‍යපෘතිය පාලනයට පියවර ගැනීම යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 20 May 2021
‘‘සජබ‘‘ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු දොරටුවේ විරොධතාවක වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට දී අද(20) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ. 20 May 2021
එන්නතට පෙර ලියාපදිංචි වන පෝරමයත් විකුණලා කොරෝනා එන්නත දීමට පෙර පිරවිය යුතු පෝරමය මතුගම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන දෙකක් රුපියල් 20 කට අලෙවි කිරීමේ පුවතක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 20 May 2021
මුජිබර් රහුමාන්ටත් කොවිඩ් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති . 20 May 2021
වරාය නගර පනතේ ඡන්දය අද සවස කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී අද (20)පස්වරු 4:30 ට පැවැත්වීමට නියමිතය . 20 May 2021
ශම්මි සිල්වා නැවතත් ක්‍රිකට් සභාපතිධූරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා නිතරඟයෙන් පත්විය. ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිධූරයට පත්වූ දෙවැනි අවස්ථාව මෙය වේ. 20 May 2021
රට ගැන හිතා වරාය පනතට සහාය දෙන්න කොරෝනා වසංගතය හමුවේ වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීමට ඇති ප්‍රධාන තුරුම්පුව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යයි සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවැසී ය . 20 May 2021
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026