(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධකරුවන් නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාගේ  මුදල් භාරකාරිය ලෙස කටයුතු කළ  කාන්තාවක් දෙහිවල නැදිමාලේ නිවසකදී  මුදල් තොගයක් සහ සිම් කාඩ්පත් රැසක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි. 

මෙම සැකකාරිය සමඟ  රුපියල් 27 ලක්ෂ අනූ අට දහස් පන්සියයක් ,ජංගම දුරකථන සිම්පත් විසි හයක් ,ජංගම දුරකථන දෙකක් ,හා බැංකු පොත් දෙකක් ද පොලිස් බාරයට ගෙන ඇත 

හරක් කටා නැමැත්තා සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරමින් සිටියදී  බස්නාහිර  පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාට ලද තොරතුරක් අනුව  සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසිනි 

සැකකාරිය වයස අවුරුදු 29ක තැනැත්තියකි .