සමෘද්ධි හා කෘෂිකර්ම සංවර්ධන නිලධාරීහු කොරෝනා එන්නත ඉල්ලති සමෘද්ධි හා කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්ට ඉදිරි දෙසතිය තුළ කොවිඩ් මර්දන එන්නත් ලබානොදුන්නොත් ජනතාව හා සමීපව සිදුකරන රාජකාරීවලින් ඉවත්වීමට ඔවුන්ට සිදුවන බව සමස්ත ලංකා සමෘද්ධි හා කෘෂි නිලධාරීන්ගේ සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය. 19 May 2021
සංචාරණ සීමා සමයේ ආර්ථික මාධ්‍යස්ථානත් වසයි සංචාරණ සීමා ක්‍රියාත්මක වන ලබන 21 වැනිදා රාත්‍රී 11.00 සිට දින හයක් සියලුම විශේෂ ආර්ථික මාධ්‍යස්ථාන වසා තැබීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසීයි. 19 May 2021
තුල්හිරියේ ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් ආසාදිතයෝ 398ක් කෑගල්ල තුල්හිරිය ප්‍රධාන කර්මාන්ත ශාලාවකට අයත් ඵක් අංශයකින් කොරෝනා ආසාදිතයන් 398 හඳුනාගත් බව හඳුනාගත් බව සෞඛ්‍ය අංශ කියයි. 19 May 2021
දොඩම්පහල චන්ද්‍රසිරි මහා නා හිමියෝ සේරුවිල රජමහා විහාරාධිපති ධූරයට සේරුවිල මංගල රජමහා විහාරයට ස්ථිර විහාරාධිපති නමක් පත් කර ගන්නා තෙක් එහි විහාරාධිපති ලෙස රාජගිරිය කලපාලුව ගෝතම තපෝවනාරාමාධිපති දොඩම්පහල චන්ද්‍රසිරි අමරපුර කල්‍යණ වංශ පාර්ශවයේ මහා නායක හිමියෝ පත් කර සිටිති. 19 May 2021
‘‘ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රාජපක්ෂලාගේ ආණ්ඩුවට දරුණු පරාජයක්‘‘ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව රාජපක්ෂ රජයේ දරුණු පරාජයක් පෙන්නුම් කරතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 19 May 2021
මුලතිව් ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් ආසාදිතයෝ 266ක් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොරෝණා ආසාදිතයන් 266 ක් දක්වා වර්ධනය වී ඇති බවට මුලතිව් සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි. 19 May 2021
ගම්පහින් කොරෝනා ආසාදිතයෝ 753ක් හඳුනා ගැනෙති ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයන් 753 දෙනකු හඳුනාගෙන ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කරයි. 19 May 2021
වරාය නගර පනත මුදල් සභාවට ඉදිරිපත් නොකිරීම වරදක් කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් නොකිරීම බරපතළ වරදක් යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවැසීය . 19 May 2021
වරාය නගර කොමිසමට පත් කරන්නේ ශ්‍රී ලාංකිකයන් පමණයි කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සභාපති ඇතුළු එහි සාමාජිකයන් ලෙස පත්කරන්නේ ශ්‍රී ලාංකිකයන් පමණකැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය . 19 May 2021
වරාය පනතේ සංශෝධන යෝජනා කල්තියා ලබාදෙන්න කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළව රජය ඉදිරිපත් කර ඇති සංශෝධන යෝජනා කල්තියා ලබාදෙන්නැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (19)ඉල්ලීමක් කළේය. 19 May 2021
නඩු පැවරීම ප්‍රමාද වන්නේ විමර්ශන සූක්ෂමව කළ යුතු නිසයි පාස්කු ඉරුදින ප්‍රහාරයේ චූදිතයන් තිස් දෙනෙකුට එරෙහිව නඩු නවයක් පවරා ඇති බවත් අනෙකුත් චූදිතයන්ට ද කඩිනමින් නඩු පැවරීමට කටයුතු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය . 19 May 2021
වරාය නගර කෙටුම්පත විවාදයට මැති ඇමතිවරුන් අනිවාර්යයි කොළඹ වරාය නගර පනත් කෙටුම්පත විවාදයට ගැනෙන අද (19) සහ හෙට (20)ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්ය කර ඇත. 19 May 2021
බෝගම්බර රැඳවියෝ 104කට කොරෝනා බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් 104 දෙනකුට කොරෝනා වයිසරය ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි . 19 May 2021
මුහුණු ආවරණය නැතිව ගිය 340ක් අල්ලයි මුහුණු ආවරණය නොමැති වීම සහ නිරෝධන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 340 ක් ඉකුත් 24 පැයෙ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 19 May 2021
නාවික - ගුවන් නිල දරුවෝ උසස් වීම් ලබති 12 වැනි ජාතික යුධ විරුවන් සැමරීමේ දිනයට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාවික හමුදා නිලධාරීන් 64 දෙනකු සහ සෙසු නිලයන් 1904 දෙනකුට සහ ගුවන් හමුදාවේ නිලධාරින් 35 දෙනකුට උසස් වීම් ලබාදෙනු ලැබ තිබේ. 19 May 2021
වරාය පනතට ජවිපෙ විරෝධය අද පාර්ලිමේන්තුව ළඟ කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන විරෝධතා ව්‍යාපාරයක් පාර්ලිමේන්තු වටරවුම අසලදී අද(19) උදේ 10.00ට පැවැත්වීමට නියමිතය. 19 May 2021
කෝවිඩ් - 19 මර්දන එන්නත මෙරටදීම නිෂ්පාදනයට කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත. 19 May 2021
මෙරට කොරෝනා මරණ දහසේ සීමාව පසුකරයි දිනක වාර්තා වූ වැඩි මරණ ගණන අද වාර්තා විය. අද වාර්තා වූ මුළු මරණ ගණන 34කි. ඒ අනුව ලංකාවේ කොරෝනා මරණ ගණන දහසේ සිමාව ද පසු කළේය. ඒ අනුව මුළු මරණ ගණන 1015කි. 18 May 2021
ලංකා සළුසල හා ලක්සල හිටපු සභාපති වෙනුවෙන් ආගමික වතාවත් කොවිඩ්-19 වෛරසය ආසාධනය වී මියගිය ලංකා සළුසල හා ලක්සල ආයතයේ හිටපු සභාපති,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ප්‍රධාන විධායක නිළධාරී, මහරගම ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රදීප් ගුණවර්ධන මහතා වෙනුවෙන් හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත් සිදු කෙරිණි. 18 May 2021
විදෙස්ගත ශ්‍රමිකයින්ටත් නව රක්ෂණ ක්‍රමයක් කොවිඩ් අවදානම හේතුවෙන් රැකියා අහිමිවීමේදීත් අවස්ථාවලදීත් රක්ෂණ හිමිකම් ලැබෙන අයුරින් විදේශගත ශ්‍රමිකයින්ට යෝග්‍ය නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 18 May 2021
ආසාදිතයෝ තවත් 744ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 744 දෙනෙක් අද (18) දිනයේ වාර්තාවූහ.ඒ අනුව අද දිනයේ වාර්තා වූ මුළු ආසාදිත සංඛ්‍යාව 2478කි. 18 May 2021
TNA මන්ත්‍රීවරු කළු ඇඳගෙන පාර්ලිමේන්තුවේදී ඉටිපන්දම් දල්වති දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අට දෙනෙක් යුද්ධයේදී මියගිය උතුරේ පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉටිපන්දම් දල්වා අද (18) පෙරවරුවේ සැමරූහ. 18 May 2021
සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනාධිපති නීරික්ෂණයට සීදුව ප්‍රදේශයේ ගොඩනැගිල්ලක යුද හමුදාව විසින් ඉදිකළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ නිරීක්ෂණයට කළේය. 18 May 2021
වරාය කෙටුම්පත සංශෝධනයට කැබිනට් අනුමැතිය කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිත ව සම්මත කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේය. 18 May 2021
රට රටවල කොරෝනා වාර්තා කෝවිඩ් - 19 වයිරසය ලොවපුරා රට රටවලින් වාර්තා වූ ආකාරය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා කටයුතු කළේය. 18 May 2021
කොරෝනා ආසාදිත ගර්භනී මවුවරු 184 රෝහල්වල කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන් 184 දෙනකු මේ වන විට රෝහල්ගතව සිටින බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසයි. 18 May 2021
කොරෝනා වයිරස ආසාදිතයන් 1,734 වාර්තා වෙයි කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,734 දෙනෙක් අද (18) දිනයේ වාර්තාවූහ. මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,46,936 ක් දක්වා ඉහළ ගොස් ඇත. 18 May 2021
ගැටුම් නවතා සාමය යළි පිහිටුවන ශ්‍රී ලංකාව ඊශ්‍රායලයේන් හා පලස්තීනයේන් ඉල්ලයි ඊශ්‍රායලයේ හා පලස්තීනයේ ප්රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 18 May 2021
සෞදියේ රැඳවුම් කඳවුරුවල සිටි 103ක් හෙට දිවයිනට සෞදි අරාබියේ රියාද් සහ ජෙඩා හි රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටි තවත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 103 දෙනෙකු හෙට (19) දිවයිනට පැමිණෙන බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. 18 May 2021
ක්‍රිකට් නිලවරණයෙන් තිදෙනෙක් ඉවත් වෙති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපති, උප සභාපති සහ ලේකම් ධූරවලට නාමයෝජනා බාරදී තිබූ නිශාන්ත රණතුංග, කේ. මතිවානන් සහ බන්දුල වර්ණපුර යන මහත්වරු ඔවුන්ගේ නාමයෝජනා ඉවත්කරගන්නා බව ක්‍රිකට් නිලවරණය කමිටුවට අද දැනුම්දී තිබේ. 18 May 2021
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026