
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය හා මහපොළ භාරකාර අරමුදල යටතට පත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කර තිබෙන පෙත්සම අගවිනිසුරුවරයා නොමැති විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සඳහා මාර්තු මස 21 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය,එල්.ටී.බී.දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී අගවිනිසුරුවරයා මහපොල භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන හෙයින් මෙම පෙත්සම සලකා බැලීම තමා නොමැති විනිසුරු මඩුල්ලක් හමුවට යොමු කරන බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා නියම කළා.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ගැරන්ටි සමාගම, අල්ලස් කොමිසම පොලිස්පතිවරයා නීතිපතිවරයා ඇතුළු 43 දෙනෙකු නම් කර සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd