
(යොහාන් භාසුර)
මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්තරන් තොගයක් ගොඩගැනීමට උත්සහ කළ ඇමැති ලේකම්වරුන් දෙදෙනක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය වළදමා ඇතැයි කියන මෙම රත්තරන් තොගය කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකුගේ කාර්යමණ්ඩල ලේකම්වරු දෙදෙනක් නීති විරෝධී ලෙස ලබාගැනීමට උත්සහ කර ඇති බවත් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අනුව එම රත්තරන් තොගය මේ මස 25 වැනිදා ගොඩගැනීමට සැලසුම් කර තිබූ බවත් වාර්තා වේ.
අදාල ලේකම්වරුන් දෙදෙනාගේ මෙම නීති විරෝධී සූදානම සම්බන්ධයෙන් මුලතිව් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලැබුණු තොරතුරු අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට පැමැණීලි කර තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා කළ දැනුම්දීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්‍ෂණය ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුත් කලබල වෙන්න එපා. ඔය රත්තරං ටික රාජපක්ෂ ගිණුමට බැරවෙනව. චූදිතයො නිදොස් කොට නිදහස් වෙනව.
ලේකම් ගියේ කාගේ උපදෙස් මතද ?ගත්තා නම් බෙදිලා යන්නේ මොන මට්ටමේ අත් වලද?ලේකම්ටත් ආයුධ පෙන්නන්න යන්න වෙයිද මන්දා
ඔය ලේකම්ලාගේ නම්ගම් හෙළි කරන්න...
ඔය හොරුන්ට කිසිම කරදරයක් වෙන්නෙ නැහැ. අනිවාර් යෙන්ම ඔය යක්කු ගිහින් තිබෙන්නේ ඇමතියාගේ අනුදැනුම ඇතිව,