
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාසල්වල පහසුකම් හා සේවා ගාස්තු අය කිරීම නැවැත්වීම සම්බන්ධයෙන් තමා මැදිහත් වන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මේ කාරණය ගැන පෙන්වා දීම ගැන විපක්ෂනායකවරයාට තමා ස්තූතිවන්ත වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම ප්‍රශ්නය මතු කරමින් රටේ බොහෝ පාසල් පහසුකම් හා සේවා ගාස්තු අය කිරීමට පටන් ගෙන ඇති හෙයින් රටේ ලොකු ආර්ථික ප්‍රශ්නයක් පවතින අවස්ථාවක මවුපියන් මත මේ ආකාරයට බර පැටවීම අසාධාරණ බව ප්‍රකාශ කළේය.
සමහර පාසල් පහසුකම් ගාස්තු සහ සේවා ගාස්තු සමග දරුවන් රැගෙන එන ලෙස දැනුම් දී ඇතැයිද ඔහු සඳහන් කළේය.
දරුවන්ගෙන් මෙලෙස මුදල් අයකිරීම කන්නන්ගර ප්‍රතිපත්තියට එකඟ දැයි ප්‍රශ්න කළ විපක්ෂනායකවරයා මෙලෙස මුදල් අයකිරීම අය කිරීම නවත්වන ලෙස දැනුම් දෙමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන්නැයි තමා අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියන්ට දරාගන්න අමාරුයි. එක ළමයෙකුගෙන් 4500ට වැඩි මුදලක් ගෙවන්න ඕනෑ.
මගේ දුව ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ... මෙවර ශිෂ්‍යත්වයට මුහුණ දෙනවා. පහසුකම් ගාස්තු වසර 2ම පන්දහස් ගණනක් ගෙවන්න කිව්වා. නැත්නම් විභාගයට අත්සන් කරන්න දෙන්නේ නෑ කිව්වා. අමාරුවෙන් ගෙවලා දැම්මා. නමුත් කිසිම පහසුකමක් නෑ. වැසිකිළි වල වතුර නෑ. මේවා බලන්න කවුරුත් නෑ...
පාසල් ගාස්තු ගෙවන ලෙස දන්වා දරුවන් මගින් පණිවිඩ පාසලෙන් අපවෙත එවයි. අපද මේ දිනවල ඉන්නේ බොහෝ දුෂ්කර තත්වයක් මත... ඇත්තටම පාසල් පහසුකම් ගාස්තුව. විතරක් නොව දැනට පාසල් සංවර්ධන ගාස්තුද අය නොකරන ලෙස දන්වමි. අපට විතරක් නොව මුලු රටටම බලපාන කරුණක් නිසා මෙය වහාම නතර කිරීමට රජය වගබලාගත යුතුයි.
පහසුකම් ගාස්තුව අයකිරීම වරදක් නොවේ. තම දරුවන්ට එවැනි ගෙවීමක්වත් කරන්න බැරි අය දෙමාපියන් විය යුතුද? දරුවන් පෝෂණය කරන්නත් රජයට කියයි. එතකොට තව තව දේත් ඉල්ලයිද?