(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බණ්ඩාරගම මස්විල ප්‍රදේශයේ  නිවසක් නවීකරණය කරමින් සිටියදී කොන්ක්‍රීට් කණුවක් හිස මත වැටීමෙන් ප්‍රධාන පෙදරේරුවා  මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගිරාදුරුකෝට්ටේ බැරියර් හන්දියේ පදිංචිව සිටි   ප්‍රියන්ත අතාවුද නැමැති  44 හැවිරිදි තිදරු පියෙකි 

නිවස ඉදිරිපිට පෝටිකෝව සඳහා අවශ්‍ය අඩි නවයක්ය පමණ  කොන්ක්‍රීට් කණුවක් ලණුවකින් බැඳ  බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ඔසවමින් සිටියදී ලණුව කැඩී ඒ ආසන්නයේ   සිටි ප්‍රධාන පෙදරේරු වගේ හිස මත කොන්ක්‍රීට් කණුව වැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි 

අනතුර වන අවස්ථාවේදී පෙදරේරු වගේ අත් උදව්කරුවන් දෙදෙනා ද එම ස්ථානයේ සිට ඇතැයි පොලිසිය කියයි 

හිසට බරපතළ තුවාල ලද එම පුද්ගලයාව බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය

මියගිය පුද්ගලයාගේ මෘත දේහය හොරණ මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර අද දින පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය