( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල සමග ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩපිලිවෙලක් සැකසූ බව සංචාරක අමාත්‍යාංශය කියා සිටි. 

ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම වැඩසටහනේ අරමුණෙන් විදේශ කටයුතු අමාත්‍යංශය, විදේශ සබඳතා රාජ්‍ය අමාත්‍යංශය හා සංචාරක අමාත්‍යංශය ඒකාබද්ධව එය ක්‍රියාත්මක කරයි.

විදේශ කටයුතු අමාත්‍ය මහචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, විදේශ සබඳතා රාජ්‍ය අමාත්‍යතාරකා බාලසූරිය හා විදේශ කටයුතු,සංචාරක යන අමාත්‍යංශ ඉහලපෙලේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේදී  ඊයේ (01) පැවැති මෙම සාකච්ඡාවට සියලුම විදේශ රටවල ශ්‍රී ලංකා තානාපතිවරු සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූහ.

මෙම සාකච්ඡාවේදී ඒ ඒ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලට මේ මාසය තුල තමන් නියෝජනය කරන රටට ආවේණික පරිදි ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමට විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා උපදෙස් දුන්නේය.