(නිමන්ති රණසිංහ)

පළමු අවස්ථාවෙන්ම කොරෝනා මර්දන ‘බූස්ටර් එන්නත’ ලබා ගන්නැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාද්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

වයිරසය සෑදීම වළක්වා ගැනීම සහ මරණය වළක්වා ගැනීමට නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත යුතුව ඇති අතර, ප්‍රතිශක්තීකරණය වැඩිදුරටත් රඳවා තබාගැනීම සඳහා මෙන්ම ප්‍රතිදේහ වැඩිකර ගැනීම සදහා බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් විශේෂිත රැකවරණයක් හිමිවන බවද ආචාර්ය ජීවන්දර මහතා සදහන් කළේය.

පූර්ණ එන්නත්කරණයෙන් ඉහළින්ම සිටින රටවල් අතර ශ්‍රී ලංකාව සාපේක්ෂ වශයෙන් ඉදිරියෙන්ම සිටින බවත් ප්‍රතිශක්තීකරණය රදවා ගැනීම තුළින් කිසිදු කොවඩ් ප්‍රභේදයකට බිය විය යුතු නැතැයි ද ජීවන්දර මහතා සඳහන් කළේය.

ඒ හේතුවෙන් සුදුසුකම් ලැබූ වහාම බූස්ටර් එන්නත ලබා ගෙන ශරීරයේ ප්‍රතිශක්තීකරණය පවත්වාගැනීම තුළින් ඔම්ක්‍රෝන් ප්‍රභේදයට මුහුණදිමේ හැකියාව ලැබෙනු ඇතැයි ද ජීවන්දර මහතා පැවසීය.