
(ඩයනා උදයංගනී)
සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ ඌව පළාත්වල අද (3) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු සහ උතුරුමැද පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
බස්නාහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් පවතින බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය සුලි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බැවින් මධ්‍යම බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල නිරතවන්නන් විමසිලිමත් විය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd