
(නිමල කොඩිතුවක්කු)
බස් ගාස්තු ඉහළ දැමීමක් මේ මොහොතේ සිදු කළ නොහැකි බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
ජනවාරි මාසයේ සිට බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව බස් සංගම් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ඇය මේ බව සඳහන් කළාය.
බඩු මිල ඉහළ ගොස් ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටියදී හදිසියේම බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බවත් ඇය පැවසුවාය.
බස් රථ සඳහා සහන ලබාදීම විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් ඒ අනුව විශේෂ සහන පැකේජයක් ඉදිරියේදී හදුන්වාදෙන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විස්කි සමග බිරියානි දෙමු වැඩේ ඉවරයි
බස්වලටත් මුට්ටි දාලා බලමු...!