
(යොහාන් භාසුර)
පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීම සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදනවලට ඇති ඉල්ලුම සැළකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව බේකරි හිමියෝ පවසති.
රෝස්පාන් සහ බනිස් ගෙඩියක් රුපියල් 30 ක්, බිත්තර පාන් ගෙඩියක් රුපියල් 60 ක් ලෙස සෙසු බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ යෑමෙන් සෙසු නිෂ්පාදන සඳහා ඉල්ලුම ද වැඩි ප්‍රතිශතයකින් පහළ ගොස් තිබේ.
පාන් මිල ඉහළ දැමීමට පෙර උදයවරුවේ පමණක් පාන් ගෙඩි 250 ක් පමණ අළෙවි කළ ද මේ වන විට අළෙවි වන පාන් ගෙඩි සංඛ්‍යාව 100 ක් පමණ වී ඇති බව බේකරි හිමියෙක් පැවසීය.
මෙම තත්වය මත සෙසු බේකරි නිෂ්පාදන ප්‍රමාණය අඩු කිරීමට පියවර ගත් බවත් බේකරි නිෂ්පාදකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථික විද්‍යාවේ මූලික සිද්ධාන්ත. විවෘත ආර්ථිකය තුළ බඩුමිල අනවශ්‍ය ලෙස වැඩි කරන්න බැරි මේ නිසා...
පාන්පිටි නිෂ්පාදන අඩුවෙන් පරිභෝජනය කළොත් බෝ නොවන රෝග හුඟක් අඩු කරගන්න පුළුවන්... හැබැයි සාධාරණ මිලකට හාල් ටික දෙන්න.
අන්න හොඳයි... තව 10ට වැඩි කරන්න... පිටි කෑම නිසා දරුවන් කී දෙනකු දියවැඩියාවට ගොදුරු වෙලාද?
ඔව්, ඔව් බේකරි හිමියෝ, බේකරි නිෂ්පාදන මිල වැඩි කළා කියලා මාධ්‍ය නිවේදනයකදී එයාලා පාරම් බෑවේ... මට නම් බේකරි නිෂ්පාදන කෑමත් එපා වුණා ... ඒ මාධ්‍ය නිවේදනය දැක්කාට පස්සේ...