විනීතා එම් ගමගේ

වැවිලි බෝග අපනයන කටයුතුවලින් ඇමරිකානු ඩොලර් බිලියන 4ක ආදායමක් බලාපොරොත්තු වන බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කියයි.

තවත් දෙවසරක් යන විට ඇඟළුම් ආදායමට සමාන ආදායමක් වැවිලි අපනයනයෙන් ලබාගත  හැකි බවට අනාවැකි පළ කල හැකි යැයි වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 

අපනයන බෝගවලින් මේ වසරේ වැඩිම ආදායම ලබා ඇත්තේ රබර් අපනයෙන් බව කී ඔහු පොල් අපනයනයෙන් ඩොලර් මිලියන 9ක් ද උපයා ඇති අතර, කුරුඳු වලින් ඩොලර් මිලියන 450 ක ආදායම් ඉලක්කයක් ඇතැයි ද කියා සිටියේය. 

තේ වගාව සඳහා ඩොලමයිට් නොමිලේ දීමට බලාපොරොත්තු වන බවත් සෑඹ නිවසකටම ලබලුන වසරේ පොල් පැල දෙකක්, ගෙවතු මිශ්‍ර වගාව සඳහා කුරුඳු ගම්මිරිස්, පුවක් වැනි පැල වර්ග ද ලබා දීමට පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කලේය.