
(ඩයනා උදයංගනී)
ජනප්‍රිය තීන්දු වෙනුවට අමාරු හා අසීරු තීන්දු ගැනීමට සිදුවන යුගයකට වත්මන් ආණ්ඩුව එළඹ ඇති බවත්, එම තීරණ ගැනීමට සිදුවන්නේ දේශපාලන අනාගතය උකස් කරමින් බවත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එසේ වුවත් රට හා රටේ අනාගතය වෙනුවෙන් ඒ අමාරු තීන්දු ගැනීමට රජය සූදානම් බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
රජය එවැනි තීන්දු ගන්නා විට මාධ්‍යයන් ද රට වෙනුවෙන් ඉතා වගකීමෙන් කටයුතු කරනු ඇතැයි සිතන බව අග්‍රාමාත්‍යවරයා කීවේය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ජනමාධ්‍යවේදීන් සඳහා හඳුන්වා දුන් ‘ඇසිදිසි මාධ්‍ය රක්ෂණාවරණය’ ව්‍යාපෘතිය යටතේ මාධ්‍යවේදීන් හට රක්ෂණ ඔප්පු ප්රදානය කිරීම සඳහා අරලියගහ මන්දිරයේදී අද (2) පැවති උත්සවයට එක්වෙමිනි.
මාධ්‍යයට ආණ්ඩු බලයට ගෙන්නට මෙන්ම, ආණ්ඩු පෙරළන්නත් හැකි බව කී අගමැතිවරයා එසේ වුවත් මාධ්‍යයට ආණ්ඩු රකින්නට නොහැකි බව කීවේය.
ආණ්ඩුව රැකගත හැක්කේ ආණ්ඩුව කරන අයට පමණක් බව කී මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යය විසින් ආණ්ඩුව රකින්නට ගියොත් ඔවුන්ට මීට වඩා ලොකු රක්ෂණයක්දීමට සිදුවන බව ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකට කියනවද අප්පොච්චියෙ එ ගැන
තව මොන දේශපාලන අනාගතයද. අනාගත්ත රජුගේ පාලනය ඉවරවෙනකොට ඔක්කොම ඉවරවෙලා තියේවි.
පව් සමාකරගන්න බොරු කියලා බැරි බව දන්නේ නැද්ද? ණය ගත්තේ කොමිස් බරටයි. ඉන්පසු ඒවාගෙන් වරායවල්, හිස් ගුවන්තොටුපොලවල්, නෙලුන් කනු හැදුවා. දන් ඉතින් කරන්න තියෙන්නේ සදුන් වනේ සුවද විදිමින් නෙලුන් කුළුණ දිහා බලන් වරාය නගරේ පස් කනඑක විතරයි.
අනේද කියන්නේ? කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියලා ආප්තෝපදේශයකුත් තියෙන්නේ
ඔය තේරිලා තියෙන්නේ... ඔච්චරයි අපිට ඕන කලේ... ඒ කියන්නේ මෙච්චර කල් තීරණ අරන් තියෙන්නේ රට ගැන නොහිතා දේශපාලන අනාගතය ගැන හිතලා... යසයි වැඩේ.!!!
ඒක එහෙමයි කියලා අපිට හොඳටම තේරෙනවා. ඇඟටත් දැනෙනවා...
රට උගස් තියලා තමුන්ගේ බඩ රැකගෙන දැන් එනවා බයිලා කියන්නත්... ආයෙත් ඉක්මණටම ජනේලේ එල්ලෙන්න බලාගෙන ඉන්න.
දේශපාලන අනාගතය? අනේ පව්... රටම උගස් කරලා දේශපාලන වාසිගන්න පොරක් කියලා කවුද නොදන්නේ? පුදුම බොරුකාරයින් තමයි...
මොන බොරුද? රෝහිත, දහම් ඔවුන් කවදාවත් රස්සාවක් කළාද? ඔය මාලිගාවල වෙසෙන්නේ කොහොමද? රටේ අනාගතය නම් උකස් කළා විතරක් නෙවෙයි විකුණලාත් ඉවරයි...
ඒ කියන්නේ තව ටික දිනකින් හොඳ කප්පාදුවක් දෙන්න යන්නේ රටවැසියන්ට...
එ්ත් අපි කල්පනා කළා ඇයි වැලයන අතට මැස්ස ගහන්නේ නැතුව තමන්ගේ දේශපාලන අනාගත විනාශ කරගන්නේ කියලා. ගයිපෝසයිට් වල්නාශක හැටියට නොවෙයි ගෙදර තියාගෙන බිව්වත්, රසායනික පොහොර වලින් වකුගඩු නොවෙයි පිළිකා හැදුණත් ඔබලා ගණන් ගන්නේ ඇයි? මිනිස්සුන්ට ඕනේ විෂවර්ග නම් වීපීපි මගින් හෝ ගෙන්වා දෙන්න. අනික් ආණ්ඩු කලේ එහෙමයි. විවෘත ආර්ථිකය අැතිකළ ගමන් රටට ආවේ ප්ලාස්ටික් මල් වැල්, තොරෝම්බෝල් බඩු... ජේආර් කිව්වේ වෙළෙන්දෝ ඒවා ගෙන්වන්නේ මිනිස්සුන්ට ඕනේ නිසා කියලා. ඒ නිසා අපේ ඩොලර්වලට හානියක් නොවෙන ඕනෑම වසවිසක් ගෙන්වා දෙන්න. ඒ නිසා හැදෙන ලෙඩ රෝග ගැන හිතන්න එපා පැනඩෝල් දෙන්න...