(ඩි.ජී.සුගතපාල)
ගාල්ල මහින්ද විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් 21,56,200 කූඨ ලේඛන සකස් කර වංචා කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මහින්ද විදුහලේ හිටපු විදුහල්පතිවරයා සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ ලිපිකාරිනිය 16 වන දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද සවස නියෝග කළේය.
අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සංවර්ධන නිලධාරිණිය වන හසිනි මනෝජි අලහකෝන් සහ හිටපු විදුහල්පති පහලමැද ගමගේ ගාමිණි ජයවර්ධන දෙදෙනා එසේ රිමාන්ඩ් ගත කළේය.
විදුහලේ වත්මන් විදුහල්පතිවරයා ඉකුත් ඔක්තෝබර් මස 26වැනි දින ගාල්ල පොලිසියේ විශේෂ වංචා විමර්ශණ අංශයට කළ පැමිණිල්ලක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගාරික ,හිටපු විදුහල්පතිවරුන් දෙදෙනෙකු, පාසලේ නඩත්තු කටයුතු භාර පුද්ගලයාගෙන් මේ වන විට,ප්‍රකාශ ලබාගත් අතර ගිණුම පවත්වාගෙන යන ගාල්ල කොටුව මහජන බැංකු ශාඛාවෙන් මෙම වංචා කිරිමට අදාල චෙක් පත් 33ක්ද ලබාගෙන විමර්ශන පැවැත්වු බව අධිකරණයේදී කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවටද මේ මිනිස්සු? "විදුහල්පති වරුනුත් හොරකම් කරනවා නම්" රට් කොහේටද යන්නේ? එක්කෝ මේ විදුහල්පතිනිය ෂුවර් එකටම, උගත්කමක් නැතුව ගත්තු "දේශපාලන පත්වීමක් කියලා නම් ෂුවර්" පොහොට්ටුවේ ගෝලයෙක් වගෙයි..