
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව - හලාවත මාර්ගයේ සංගට්ටිකුලම ප්‍රදේශයෙ දී යතුරු පැදි දෙකක් ගැටි ගිනි ගැනීමෙන් තිදරු පියකු පිළිස්සී මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ආණමඩුව මුදලක්කුලිය පදිංචි රාජකරුණා හේරත් මුදියන්සේලාගේ රංබංඩාර නැමති 60 හැවිරිදි තිදරු පියකු බව කියයි.
අනතුරින් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇත්තේ වන්නි රස්නායකපුර පදිංචි සදුන් සුරංග නැමති 21 හැවිරිදි තරුණයකු බව කියයි.
හලාවත දෙසින් පැමිනි යතුරු පැදියක් හා අතුරු මාර්ගයකින් එම මාර්ගයට දැමිමට ගිය යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටි එම ස්ථානයෙදීම ගිනි ගැනිම සිදුව ඇති බවයි.
අනතුරත් සමග තිදරු පියා ඉතාමත් අවාසනාවත් අයුරින් යතුරු පැදියට සිරවි ඇති අතර ක්ෂණිකය ඇතිවු ගිනි ගැනිමේන් ඔහු දැවි පිළිස්සි මරණයට පත්ව තිබු බව පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝටර් බයිසිකල් සඳහා නීතිය ක්රියාත්මක කරන්න පොලිසියට නොහැකි ඇයි? මෝටර් බයිසිකල් පදවන අය පාරට ආවම මෙලෝ සිහියක් නැහැ. හැම අස්සකින්ම රිංගන්න යනවා. ඔවුන්ට දැඩිව නීතිය ක්රියාත්මක කරන්න...