
(නිමල කොඩිතුවක්කු)
පොහොර තහනම ගෙන ඒමට ප්‍රථම ජනාධිපතිතුමා අවශ්‍ය උපදෙස් බුද්ධිමතුන්ගෙන් ලබා ගත්තේ නම් අද ඇතිවී ඇති මහා වියවුලට රට පත්නොවනු ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය.
රාජ්‍ය කරණයේ දී දුර දිග බලා සියලු පාර්ශව අගතියට පත් නොවන අයුරින් තීන්දු තීරණ ගැනීම ඉතා වැදගත් කරුණක් බව බලධාරීන් වටහා ගත යුත බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
“අද වනවිට රට ඉතාම අස්තාවර තත්ත්වයක පවතිනවා. මෙයට ප්‍රධාන හේතුව වශයෙන් අපි දකින්නේ කළමණාකාරීත්වයේ ඇති අඩුපාඩු හා තීරණ විටින් විට වෙනස් කිරීමයි. මෙය නිවැරදි කිරීමට බලධාරීන් පියවර ගත යුතුයි.
පොහොර නොමැතිකම නිසා බොහෝ ගොවියන් ගොවිතැන අතහැර තිබෙනවා. මේ නිසා නිෂ්පාදනයේ විශාල ලෙස පහළට වැටෙනු ඇති බව විෂේශඥයන් මත පළ කර තිබෙනවා. පිටරටින් හාල් ගෙන්වීම මෙයට විසඳුමක් ලෙස අපි දකින්නේ නැහැ.
ජන ජීවිතයට අවශ්‍ය බේත් හේත්, කිරිපිටි හා සීනි ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අවශ්‍ය මුදල් නොමැති අපට හාල් පිටරටින් ගෙන්වීමට විදේශ විනිමය නාස්ති කළ හැකිද යන්න මෙතනදි මතුවෙනවා. මීට අමතරව වරායේ ආහාර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් 1000ක් පමණ ඩොලර් නොමැති කමෙන් හිර වී ඇති බව අපි වටහා ගත යුතුයි. කළමනාකාරිත්වය ශක්තිමත් කළ යුත්තේ එවැනි අවස්ථාවලයි.
මේ හේතුවෙන් විශාල ආහාර හිඟයකට අසරණ ජනතාව මුහුණ දී ඇති අතර ජීවන වියදම ද ඉතාමත් අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. තුන්වේල ආහාර ගැනීමට නොහැකි විශාල ජනතාවක් රටේ සිටින බව සත්‍යයක් බවට අද වනවිට පත්ව තිබෙනවා’ යැයිද ඔහු එහිදි සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපදෙස් ගත්තා ඒ ලත්තේ විද්වතුන්ගෙන් ඒකයි කතාව