කොරෝනා වයිරසයෙන් බැටකන අය ගසා කයි කොරෝනා වයිරසය ආසාදනය වි දුර මධ්‍යස්ථානයක ප්‍රතිකාරගෙන සුවය ලබා නැවත පැමිණෙන පුද්ගලයන්ගෙන් මහා පරිමාණ මුදල් ගසා කෑමක් කර ගෙන යන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමයේ උප සභාපති ඇස් ඒ යූ ටී කුලතිලක මහතා පවසයි. 23 May 2021
සංචරණ සීමා 25 ඉවත් කළත් සුරාසල් අරින්න බෑ දිවයිනටම බල පැවැත්වෙන පරිදි දැනට පනවා ඇති සංචරණය සීමා ලබන 25 වැනි දා අලුයම 4.00 ලිහිල් කළ ද සියලු සුරාසල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 23 May 2021
‘‘ජනාධිපතිට නොකියා මාධ්‍යයට කීම ප්‍රහේලිකාවක්‘‘ රට තව සති දෙකක් වසා දමන්නැයි මාධ්‍ය ඉදිරියට ගොස් ඉල්ලීම් කරන ඇතැම් වෛද්‍ය සංගම් කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේදී ඒ ගැන කතා නොකළේ මන්දැයි ප්‍රහේලිකාවක් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 23 May 2021
කොරෝනා ගැන සොයන පෞද්ගලික රෝහල්වලට මාර්ගෝපදේශ මාලාවක් පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන පෞද්ගලික රෝහල් සඳහා මාර්ගෝපදේශ කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇත. 22 May 2021
මැතිවරණ ක්රමයේ වෙනස් විය යුතු තැන් ගැන පැෆරල් අසයි මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීතිවල සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව සොයා බැලීම සඳහා පත්කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබන මස 19 වැනිදා දක්වා මහජන අදහස් විමසීමට තීන්දු කර ඇති බැවින් ඊට අදාල යෝජනා සහ අදහස් ලබා දීමට කටයුතු කරන්නැයි පැෆරල් සංවිධානය, මැතිවරණ ක්රමයේ සාධනීය වෙනසක් අපේක්ෂා කරන පුරවැසියන්ගෙන් සහ සංවිධානවලින් ඉල්ලීමක් කරයි. 22 May 2021
වතුකරයෙන් තවත් කොරෝනා පොකුරක් තලවකැලේ- ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ඩයගම ටර්බට්ෆාම් සත්ත්ව ගොවිපල ආශ්‍රිතව කොවිඩ් වයිරසය ආසාදිත පුද්ගලයන් 37 දෙනකු අද (22) දින වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති. 22 May 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 2145 ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 2145 දෙනකු අද (22) දිනයේ වාර්තා විය. 22 May 2021
වේල්ලවීදිය පොලිසිය යාචකයන්ගේ බඩ පුරවයි කොළඹ කොටුව අවට ජිවත් වන යාචකයන්ට ආහාර නොමැතිව සිටියදී වේල්ල විදිය පොලිස්යේ නිලධාරීහු එක්ව යාචකයන්ට දිවා ආහාර ලබා දීමට කටයුතු කළහ. 22 May 2021
කාන්තා එස්.අයි නෝනාගේ මාලය පිටකොටුවේදි මහ දවල් කඩයි කොළඹ හදිසි ඇමතුම් අංශයට අනුයුක්ත කාන්තා උප පොලිස් පරීක්ෂකවරියගේ රුපියල් එක්ලක්ෂ අසූ දහසක් පමණ වටිනා ගෙල බැඳි රන්මාලය පිටකොටුවේ දී කොල්ලකා ඇතැයි පිටකොටුව පොලීසිය කියයි. 22 May 2021
දෝෂය නිවැරදි කරන්නැයි අලි සබ්රි කතානායකගෙන් ඉල්ලයි කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන අවස්ථාවේදී සිදු වූ දෝෂය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඡන්දය ප්‍රකාශ වූ නිවැරදි ආකාරය ගැන ජනතාව දැනුවත් කරන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි . 22 May 2021
වරාය පනතට අත ඉස්සූ බදියුදීන්ගේ දෙදෙනකුට පක්ෂයේ දොර වහයි කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ රිෂාඩ් බදියුදීන්ගේ මහතා නායකත්වය දරන සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉෂාක් රහුමාන් සහ අලි සබ්රි රහීම් යන මහත්වරුන් ගේ පක්ෂ සාමාජිකත්වය එම පක්ෂ නායකයින් විසින් අත්හිටුවනු ලැබ ඇත. 22 May 2021
නව නීතිපති ලබන සතියේ දී වැඩ බාර ගනී නව නීතිපතිවරයා වශයෙන් පත්ව සිටින ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා ලබන සතියේදී එම ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතව ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි . 22 May 2021
වසංගතය පැතිරීමට ඉඩ හැරියැයි ඇඟලුම්හලේ කළමනාකරු රිමාන්ඩ් නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පළමු පෙළ ආශ්‍රිතයින්ගේ තොරතුරු නිවරදි ලෙස ලබානොදි රෝග බෝවිමට ඉඩ හැරිම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් කළමනාකරුවකු 31වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිම ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය. 22 May 2021
කිසියම් අපහසුතාවක් ඇත්නම් රෝහල්ගත වන්න ‘කොවිඩ්’ ආසාදිතව නිවසේ සිටින රෝගියකුට කිසියම් අපහසුතාවක් ඇත්නම් රෝහල්ගත වීම අනිවාර්ය යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන, පුහුණු සහ පරීක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, ආපදා කළමනාකරණ සහ හදිසි ප්‍රතිකාර ඒකකය ප්‍රධානී විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. 22 May 2021
ලක්ෂ 60 උඳු රේගුවෙන් පන්නන්න බැරි වේ රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමින් යුත් ඉන්දියාවෙන් ආනයන කළ උඳු කිලෝ 15,060 ක් ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශය බාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසයි. 22 May 2021
‘‘වරාය කෙටුම්පත පිළිබඳ ඡන්ද ගණනයේදී වරදක් වීදැයි සොයනවා‘‘ කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේදී යම් අඩුපාඩුවක් සිදුවී ඇත්දැයි තමා සොයා බලන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 22 May 2021
වතුකරයේ දැඩි පොලිස් රැකවල් රජය විසින් පනවා ඇති සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේ අරමුණින් තලවකැලේ නගරය ඇතුළු උඩරට වතුකරය තුල දැඩි පොලිස් ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබිණි. 22 May 2021
කැලෑ කපනවැයි බොරු ප්‍රචාරය කළ රාජ්‍ය නිලධාරියට වැඩ වරදියි ෆේස්බුක් ගිණුම මගින් අසත්‍ය ප්‍රචාර පැතිර වූ බව කියන රාජ්‍ය නිලධාරියකු ගෙලිඔය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි 22 May 2021
‘‘සංචරණ සීමා සෞඛ්‍ය වර්තා අනුව‘‘ මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ වන විට පනවා ඇති සංචාර සීමා මැයි මස 25 දායින් පසුව දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 22 May 2021
දස හැවිරිදි දැරියගේ සිරුර පාළු ළිදෙන් හමුවෙයි අතුරුදන් වී සිටි බව කියන නවගත්තේගම අතුරුපලයාගම ප්‍රදේශයේ දසහැවිරිදි දැරියක සිරුර ගෙවත්තේම අනාරක්ෂිත ළිඳක් තුළ තිබී සොයා ගත් බව නවගත්තේගම පොලීසිය කියයි. 22 May 2021
කොරෝනා මරණ තවත් 44ක් ඉකුත් 24 පැය තුළ කොරෝනා ආසාදනය වී සිදු වූ මරණ 44ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත. 22 May 2021
නීතිය ගණන් නොගත් තවත් 423 අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 423 ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 22 May 2021
නිරිත දිග මෝසම් වැසි ඇරඹෙයි නිරිත දිග මෝසම් තත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත්, ඒ හේතුවෙන් ඉදිරි දිනවලදී ප්‍රදේශ රැසකට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 May 2021
කොරෝනා අස්සේ ඩෙංගුත් හිස ඔසවයි ’ඩෙංගු’ වයිරසය යළිත් හිස ඔසවීමේ දැඩි අවදානමක් තිබේ යැයි ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. 21 May 2021
‘‘සති දෙකක් රට වහන්න‘‘ වෛද්‍ය සංගම් හතරක් ඉල්ලයි කොරෝනා වයිරසය රටපුරා තදින් පැතිර යමින් තිබෙන නිසා එයට පාලනය කිරීමට නම් අඩුම තරමේ සති දෙකක්වත් මුළු රටම වසා තැබිය යුතු යැයි මෙරට ප්‍රධානතම වෛද්‍ය සම්ගම් හතරක් අවධාරණය කරයි. 21 May 2021
‘‘පිටකොටුව තොග වෙළෙඳපොළ හෙට සිට දින තුනක් විවෘතයි‘‘ පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානය තොග වෙළෙඳාම සඳහා පමණක් හෙට සිට 24 දක්වා දින තුනක් විවෘතව තැබෙන බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ තොග වෙළෙඳ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පවසයි. 21 May 2021
නැවේ ගින්න නිවන්න ගුවන් හමුදාවත් එයි කොළඹ වරායේ සිට නාවික සැතපුම් 10ක් පමණ දුරින් ගිනි ගැනීමකට ලක්වූ ’එක්ස්ප්‍රස් පර්ල්’’ භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද දායක විය. 21 May 2021
මුළු දිවයිනටම අද රත්‍රී11 සිට සංචරණ සීමා දිවයිනටම බල පැවැත්වෙන පරිදි සංචරණ සීමා අද මධ්‍යම රාතී‍්‍රයේ සිට පනවන අතර එම සංචරණ සීමා ලබන 25 වන අඟහරුවාදා අලූයම 4.00 දක්වා කි‍්‍රයාත්මක කෙරෙන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 21 May 2021
කොරෝනා ආසාදිතන් 2891ක් වර්තා වෙයි කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 2891 දෙනෙක් අද (21) දිනයේ වාර්තාවූහ. 21 May 2021
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026