වකුගඩු රෝහලට විමල්ගෙන් රුධිර පෙරණයක් හෝමගම මූලික රෝහලේ කොවිඩ් - 19 වයිරසය ආසාදිතව ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීම සඳහා වාට්ටුවලට සහ දැඩි සත්කාර ඒකකයට පහසුවෙන් ගෙන යා හැකි ලක්ෂ විසි දෙකක් වටිනා ඩයලිසිස් යන්ත්‍රයක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (24) පරිත්‍යාග කලේය. 24 May 2021
ගම් හයක් හුදකලා කරයි කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයිනේ තවත් දිස්ත්‍රික්ක 04 ක ග්‍රාම නිලධාරී වසම් 06ක් හෙට උදෑසන 6 සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කරන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 24 May 2021
නීතිපති දප්පුල අගමැති හමුවේ නීතිපති ධූරයෙන් විශ්‍රාම යන ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී අද (24) හමුවුණේය . 24 May 2021
වෙසක් පෝ දා ඡායා චන්ද්‍රග්‍රහණයක් වෙසක් පුර පසළොස්වක පොහොය යෙදෙන අනිද්දා (26) දිනයේදී ඡායා චන්ද්‍රග්‍රහණයක් දැකගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට උදාවන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. 24 May 2021
සංචරණ සීමා හෙට ලිහිල් වුවත් දුම්රිය නෑ කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා හෙට (25) දිනයේදී ලිහිල් කෙරුණත් කිසිඳු දුම්රියක් ධාවනය නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 24 May 2021
‘‘කොරෝනා පාලනය කරන්න දින 14ක් අඛණ්ඩව රට වහන්න‘‘ කොරෝනා වයිරසය පැතිරීම නතර කළ හැක්කේ මුළු දිවයිනම දින දා හතරක් අඛණ්ඩවම වසා දැමූව හොත් පමණකැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි. 24 May 2021
මැයි විශ්‍රාම වැටුප නොගත් අයට ගන්න හැටි තැපැල්පති කියයි හුදකලා කළ ප්‍රදේශවල තැපැල් කාර්යාලය වසා තැබීම හේතුවෙන් මැයි මස විශ්‍රාම වැටුප් ලබාගැනීමට නොහැකි වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අදාල තැපැල් කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධ කරගැනීමෙන් එම වැටුප ලබාගත හැකි යැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. 24 May 2021
බන්ධනාගාර, පොලිස් සිරමැදිරිවල ප්‍රමිතිය උසස් කිරීමට නව නීති බන්ධනාගාරවල සහ පොලිසිවල සිරමැදිරි නිසි ප්‍රමිතියට හා යථාවත්ව පවත්වාගෙන යෑමට අදාළ නීති රීති ඇතුළත් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ලංකාදීපයට පැවැසීය. 24 May 2021
වැඩිහිටි නිවාස වල සිටින 60 ට වැඩි අයට එන්නතේ දෙවැනි මාත්‍රාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටි නිවාස වල සිටින පිරිස් සඳහා ලබාදෙන අතර වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරී විසින් එන්නත් කරණය සිදු කරන අයුරු. 24 May 2021
සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කරයි දැනට පනවා ඇති සංචරණ සීමා ලබන ජූනි 7 වැනි දා තෙක් දීර්ඝ කිරීමට රජය තිරණය කළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 24 May 2021
අත්‍යාවශ්‍ය සේවාවලට ‘‘1965’’ අමතන්න අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ විමසීම් සඳහා ‘‘1965’’ අංක දරන විශේෂ දුරකතන අංකයක් රජය විසින් හදුන්වා දී ඇත. 24 May 2021
ජාතික රෝහලේ ඔක්සිජන් හොරු රෝහලේදීම අල්ලයි කොළඹ ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් සොරා ගැනීමේ ජාවාරමක නිරත වූ බව කියන එම රෝහලේ හෘද රෝග අංශයේ,දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්යය සහායකයකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි. 24 May 2021
කරාපිටිය රෝහලේ නවය වට්ටුවේ හෙදියන් පහකට කොරෝනා කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 09 සේවයේ නියුතු හෙද නිලධාරිනියන් පස්දෙනකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද (24) තහවුරු වූ බව රෝහල් අධ්යක්ෂ කාර්යාලය කියයි. 24 May 2021
විශ්ව විද්‍යාලවලට අයදුම් කිරීමේදී තමන් සතු තොරතුරු ප්‍රමාණවත් විශ්වවිද්‍යාවලට ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් කැඳවීම අන්තර්ජාලය ඔස්සේ මේ දිනවල සිදුකෙරෙන අතර සංචරණ සීමා පවතින කාලයේදී විදුහල්වලින් ලබාගන්නා සහතික ආදිය නොමැතිව තමන් සතුව පවතින තොරතුරු පමණක් අයදුම්පත්‍රයට ඇතුළත් කිරීම ප්‍රමාණවත් යැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. 24 May 2021
විපක්ෂ නායක කාර්යාලය තාවකාලිකව වහයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය අද (24) සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. 24 May 2021
වසංගත පාලනයේ වුවමනාවට එන්නත් දෙන්න වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට විශේෂත්වයක් ලෙස සලකා කොවිඩ් මර්ධන එන්නත් ලබාදීම දැඩි පිළිකුළෙන් යුතුව හෙලා දකින බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩල සඳහන් කරයි. 24 May 2021
ඉන්දීය වයිරස ප්‍රභේදයට ’ඉන්දීය ප්‍රභේදය’ කියන්න එපා නව කොවිඩ් -19 නව කොවිඩ් -19 වයිරස ප්‍රභේදය “ඉන්දියානු ප්‍රභේදය“ යනුවෙන් සඳහන් නොකරන ලෙස ඉන්දීය රජය දැනුම්දී තිබේ. 24 May 2021
ඔරුව පෙරලි සිසුවෙක් අතුරුදහන්:දෙදෙනෙක් ගොඩට පීනති ගාල්ල ධිවර වරාය ආසන්නයේදී අද (24) උදෑසන ඔරුවක් පෙරලියාමෙන් එහි සිටි පාසල් සිසුවෙක් අතුරුදහන්වි ඇති බවත් දෙදෙනෙකු දිවි බේරාගෙන ඇති බවත් ගාල්ල වරාය පොලිසිය පවසයි. 24 May 2021
මහ වැසි අනිද්දා තෙක් ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබීම සහ නිරිත දිග මෝසම් තත්වය ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් අනිද්දා (26) දක්වා ප්‍රදේශ රැසකට ඉතා තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 May 2021
බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ රැඳවියෝ 60 කොරෝනා බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ රැඳවියන් 60 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇතැයි බන්ධනාගාර අධිකාරි කාර්යාලය කියයි. 24 May 2021
පුත්තලම නගරාධිපතිගේ මරණයට තිදෙනෙක් අත්අඩංගුවට නියෝජ්‍ය ඇමතිවරයකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ පුත්තලම නගරාධිපතිව සිටි හදිසි අනතුරකින් මිය ගිය කේ.ඒ.බායිස් මහතාගේ මරණය සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගත් පුත්තලම පොලීසය කියයි. 24 May 2021
නිරෝධායන නීති කැඩු 636ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 636 ඉකුත් විසිහතර පැයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 24 May 2021
ලක්ෂ්මන් කිරිඇල්ල සහ රංජිත් මද්දුම බණ්ඩාර නිවෙස් නිරෝධායනයට කොරෝනා ආසාදිත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශ්රිතවු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු නිවෙස් නිරෝධායනයට යොමු වූහ. 24 May 2021
නවක මන්ත්‍රිවරුන්ට ගෙවීමේ පදනම මත අලුත් වාහන පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සඳහා මුදල් ගෙවීමේ පදනම යටතේ වාහන ආනයනය කර ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. 24 May 2021
පුත්තලමේ මන්ත්‍රීවරයෙක් සංචරණ සීමා කාලයේ ගමන් යන්න අවසර පත් දීලා සංචරණ සීමා පනවා ඇති කාලයේදී විවිධ පුද්ගලයන්ට ගමන් බිමන් යාම සඳහා පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්රි රහීම් මහතා සිය අත්සන යොදා අවසර පත් නිකුත් කර ඇතැයි වාර්තාවේ. 23 May 2021
මූලික පිරිවෙන් අවසන් විභාගයේ ප්‍රතිඵළ නිකුත් වෙයි මූලික පිරිවෙන් අවසන් විභාගයේ ප්‍රතිඵළ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 23 May 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් අනතුරු අඟවයි ජූනි මාසය තුළ කොරෝනා රෝගීන්ගේ දැඩි ව්‍යාප්තියක් ඇති විය හැකි හෙයින් සෞඛ්‍ය ධාරිතාවයට දරාගත නොහැකි තත්ත්වයක් හටගැනීමේ අවධානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. 23 May 2021
දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අනතුරු නිකුත් කරයි පවතින වැසි සහිත කාලගුණ තත්වය සමඟ දිස්ත්‍රික්ක පහක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 23 May 2021
කොවිඩ් ආසාදිතයෝ තවත් 2254ක් හඳුනා ගැනෙති කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 2254 දෙනකු ඊයේ (23) වාර්තාවිය. 23 May 2021
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026