‘ගෑස් ටොන්එකක මිල 2019ට සාපේක්ෂව සියයට 80කට වඩා වැඩිවෙලා‘ ලෝක වෙළෙඳපලේ ගෑස් ටොන් එකක මිල 2019 වසරට සාපේක්ෂව සියයට 80 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව සමූපකාර සේවාල අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියයි. 11 August 2021
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 2000ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 81,082 දෙනෙකු දක්වා ඉහළ යද්දී අද (11)උදෑසන වනවිට පැය 24 ක කාලය තුල ආසාදිතයින් 2000 ක් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි. 11 August 2021
‘කොරෝනාවෙන් මිය ගිය බොහෝ අය කිසිදු එන්නතක් ලබාගෙන නෑ' ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්’ ආසාදිතව මරණයට පත්වූ පුද්ගලයන්ගෙන් 5340 න් 5000 කට අධික සංඛ්‍යාවක් කිසිඳු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නොමැති අය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය. 11 August 2021
ඊ.පී.එෆ් මහජන සබඳතා කවුළු වසයි කොළඹ 01 සර් බාරොන් ජයතිලක මාවත, ලොයිඩ්ස් ගොඩනැගිල්ලේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ මහජන සබඳතා කවුළු අද (11) සිට ලබන 20 වැනිදා දක්වා වසා තැබෙන බව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 11 August 2021
ඉන්දියාවෙන් මෙරටට පැන්න පුද්ගලයෙක් අල්ලයි දකුණු ඉන්දියාවේ ඊච්චමලේ ප්‍රදේශයේ සිට ධීවර බෝට්ටුවකින් මෙරටට පැමිණ යාපනය ගුරු නගර ප්‍රදේශය නිවසක සැඟව සිටි (26) හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමුකළ බව යොමු කළ බව පොලිසිය කියයි 11 August 2021
නිරෝධායන නීති කැඩූ 138ක් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 138 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 11 August 2021
කොරෝනා අවදානමක් මැතිසබේ වෛද්‍ය මධ්‍යස්ථානයත් වසයි කොවිඩ් අවදානමක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමා ඇතැයි එහි ආරංචිමාර්ගවලින් පැවසේ. 11 August 2021
අද කාලගුණ තත්ත්වය බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 August 2021
ස්පුට්නික් එන්නත් 15,000ක් කටුනායකට ශ්‍රී ලංකාව රුසියාවේන් මිලට ගත් ’’ ස්පුට්නික් - V ’’ එන්නතේ තවත් මාත්‍රා 15,000 ක් අද අලුයම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පවසයි. 11 August 2021
දක්ෂිණ අධිවේගයේ වෑන් රථයක් ගිනි ගනියි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් අද රාත්‍රී 9 .15 ට පමණ කොට්ටාව කිලෝමීටර් 3 කණුව අසලදී හදිසියේ ගිනි ගැනීමට ලක් වීමෙන් සම්පූර්ණම විනාශ වි ඇතැයි අධිවේගී මාර්ග රථවාහන පොලිසිය කියයි 10 August 2021
කොවිඩ් මරණ 118ක් කොවිඩ් ආසාදිතවූ තවත් 118 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය. 10 August 2021
බසයේ ගමන් ගත් කතක් හිටිහැටියේ මරුට හොරණ සිට පානදුර බස් රථයක ගමන් ගත් කාන්තාවක වාඩිවී සිටි අසුනේමෙ මියගොස් ඇතැයි පානදුර දකුණු පොලිසිය කියයි. 10 August 2021
කොරෝනා රෝගීන් 7003ක් ගම්පහ නිවෙස්වල කොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන ඇති එහෙත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන 7003 දෙනකු ගම්පහ දිස්ත්‍රික්කය තුළ නිවෙස්වල රැදී සිටින බව අද පැවති දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේදී ප්‍රකාශ විය. 10 August 2021
කොරෝනා ආසාදිතයන් 1992ක් වාර්තා වෙයි කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,992 දෙනකු අද (10) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 10 August 2021
බේරුවල ධීවරයෝ විරෝධතාවක බේරුවල ධීවර වරායෙන් ඈත දියඹට යන ධීවර කම්කරුවන් පිරිසක් අද උදෑසන බේරුවල ධීවරවරාය පරිශ්‍රයේ දී විවිධ පුවරු අතැතිව වෙරළාරක්ෂක බලකා නිලධාරීන්ට විරෝධය පා නිහඬ විරෝධතාවයක් පැවැත්විණ . 10 August 2021
දුමින්ද සිල්වා වැඩ බාරගනී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් අද පෙරවරුවේදී වැඩ භාර ගත්තේය. 10 August 2021
කොවිඩ් අවදානමක්:රජයේ මුද්‍රණාලයේ අංශ පහක් වහයි කොවිඩ් අවදානම හේතුවෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අංශ 5ක් වසා දමා ඇතැයි රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය. 10 August 2021
මුදල් ඇමැති හා පසුපෙළ මන්ත්‍රීන් අතර හමුවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වේ . 10 August 2021
මහනුවර දළදා පෙරහරටත් බැතිමතුන් නෑ මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ගේ උපදෙස් පරිදි ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා පෙරහර මහජන සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට තීරණය කළ බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. 10 August 2021
මංගල උත්සව - පළාත් අතර හුවමාරුවට නැවත සීමා ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වයිරසය පාලනය කිරීමේ පියවරක් ලෙස ,පළාත් අතර සංචරණ සිමා රජය විසින් අද (10) යළි පනවනු ලැබීය . 10 August 2021
ගලිගමුව ප්‍රා.සෞඛ්‍ය නිළධාරී කොරෝනා වෙන් මරුට ගලිගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රනත් පත්ම ශාන්ත මහතා කෝවිඩ් - 19 වයිරසය ආසාදනය වී පේරාදෙණිය මහ රෝහලේ දී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 10 August 2021
ගම්මන්පිලගෙන් වසන්තට අභියෝගයක් ත්‍රිකුණාමල තෙල් ටැංකි හා අක්කර 33000 ක් ඇමරිකාවට බදුදීමට තමන් කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් නොකළ බවත් එසේ ඉදිරිපත් කළේ නම් එහි පිටපතක් ඉදිරිපත් කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාට අද භියෝග කළේය. 10 August 2021
අගමැතිවරයාට හා රටට සෙත්පතා ඉන්දියාවේදී ආශීර්වාද පූජාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් මහ මැතිවරණයෙන් පසු එම ධූරයට පත්වී වසරක් පිරීම නිමිත්තෙන් සහ ශ්‍රී ලාංකික ජනතාවගේ නීරෝගීභාවය සහ සුබසිද්ධිය ප්‍රාර්ථනා කරමින් ඉන්දියාවේ මහා බෝධි සංගමය සංවිධානය කළ විශේෂ ආශිර්වාද පූජාවක් සාරානාත් හි පූජනීය මූලගන්ධකුටි විහාරයේදී ඊයේ (9) පැවැත්විණි. 10 August 2021
විකල්පයක් නැත්නම් රට වහනවා කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරිනීතිය පැනවීමේ තීන්දුවක් ගන්නේ ඒ සඳහා අත්‍යාවශ්‍යම තත්වයක් ඇතිවුවහොත් පමණක් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (10) පැවසීය. 10 August 2021
විදුලි උඳුනෙන් ආ මාරයාට මාස නවයේ දරුවා බිලි ආහාර පිසීම සඳහා යොදාගත් විදුලි උදුනකින් විදුලිය කාන්දු වීමෙන් එය ඇල්ලූ මාස නවයක සිඟිත්තකු විදුලිසැර වැදී මිය ගොස් ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි. 10 August 2021
අකීකරු හෝටල් සේවකයන් දෙදෙනා රිමාන්ඩ් පොලිසිය දෙවතාවක්ම කළ අවවාද නොසළකා හැර නිරෝධායන සෞඛ්‍ය නිති රිති උල්ලංඝණය කරමින් මුව ආවරණ සහ අත් වැසුම් නොමැතිව කෙටි ආහාර පිළියෙළ කළ හෝටල් සේවකයන් දෙදෙනකු 19 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනී පතිරණ මහත්මිය ඊයේ (10) නියෝග කළාය. 10 August 2021
විභාග දෙපාර්තමේන්තු සේවා සීමා වෙයි රට තුළ පවතින කොවිඞ් අවදානම් තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු සපයන සේවාවන් සීමා කිරීමට පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි. 10 August 2021
නඩු විභාගය අවසන් වන තෙක් රිෂාඩ් රිමාන්ඩ් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ සියලු වියදම් දරා ඇත්තේ සිනමන් ග්රෑන්ඞ් බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාව අයත් ‘කොලෝසිියස් සමාගමේ” ආදායමෙන් බව විමර්ශනවලින් හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා ඉදිරියේ අද කරුණු වාර්තා කළේය. 10 August 2021
නාවික හමුදා දින 2ට පුද්ගලයන් 13822ට එන්නත් කරලා කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ නාවික හමුදාව ගත වු 8 -9 යන දින දෙක තුළදී පමණක් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් 13822 ක් සඳහා “සයිනොෆාම්” එන්නතෙහි පළමු සහ දෙවන මාත්රාමවන් ලබා දුන් බව නාවික හමුදාව පවසයි. 10 August 2021
තුනකට පහරදුන් ආවා කල්ලි සාමාජිකයා පොලිස් දැලේ යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේදී පුද්ගලයන් තිදෙනකුට තියුණු ආයුදවලින් පහරදී බරපතල තුවාල සිදුකල ආවා කල්ලි ප්‍රභලයකු අද (10) දින කඩුත් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 10 August 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026