“ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්නෙ කොහොමද’’ බොහෝ දෙනකු මේ අවස්ථාවේදී සිය වගකීම ඉටු නොකිරීම ගැටළුවක් බවත් සමහරුන් ඩොක්ටර්ස්ලා බව හඟවන බෝඩ් වාහනවල ප්‍රදර්ශනය කර එහෙ මෙහෙ ගමන් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය . 25 May 2021
දොස්තර ලාංඡනය අවභාවිතා කළ තිදෙනකු අල්ලයි වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් මෝටර් රථ පැදවූ තිදෙනකු කොළඹ ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි 25 May 2021
ලංගම සේවකයන් 135කට කොරෝනා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් 135 දෙනකු මේ වන විට කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇතැයි එහි සභාපති කිංස්ලි රණවක මහතා පවසයි. 25 May 2021
පී.සී.ආර් සහ රැපිට් ඇන්ටිජන් පරීක්ෂණවලින් හෙද නිලධාරීන් ඉවත් වෙයි හෙද සේවයේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබීම නිසා පී.සී.ආර් පරික්ෂණ සහ රැපිට් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා නිදර්ශන ලබා ගැනීමේ ක්‍රියාවලියෙන් සමස්ත හෙද නිලධාරීන් ඉවත් වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. 25 May 2021
වෙරළාසන්න පදිංචිකරුවන්ට ධීවර දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් කොළඹ වරාය ආසන්නයේ ගිනිගැනීමට ලක්වූ නෞකාවෙන් ඉවත විසිවූ බහාලූමක් දුටුවහොත් වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙස ධීවරයන්ට සහ වෙරළාසන්න පදිංචිකරුවන්ට ධීවර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. 25 May 2021
’’ජනතාවගේ හැසිරීම හොඳ නෑ’’ සංචරණ සීමා ලිහිල් කෙරුණු අද (25) දිනයේදී බොහෝ පිරිස් හැසුරුණු ආකාරය සතුටු විය නොහැකි හෙයින් ඉදිරියේදී වෙළඳ සල් විවෘත කිරීම වෙනුවට වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයකට යොමුවීමට සිදුවන බව කොවිඩ් පාලනය කිරීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 25 May 2021
බඩු ගන්න මහ පෝලිම් ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා සංචරණ සීමා ලිහිල් කළ අද (25) උදෑසන සිට විශාල ජනතාවක් නගරවලට පැමිණ සිටියහ. 25 May 2021
සිනමා නිළි සබීතාගේ සැමියා ව්‍යායාම කරද්දී ඇද වැටී රෝහල් ගත කරයි මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මහතා ශරීර සුවතාව සඳහා ඇවිද යමින් සිටියදී මහා මාර්ගයේ ඇද වැටීමෙන් රෝහල් ගත කරනු ලැබ ඇත. 25 May 2021
නැවේ පිපිරීමක් වුවහොත් වරාය සූදානමින් කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන පිපිරීමකට ලක්වූ රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විශාල හානියක් සිදුවුවහොත් එය වැලැක්වීම සඳහා අවශ්‍ය හදිසි ආරක්ෂක පියවර ගැනීමේ සියලූම උපකරණ වරාය තුළ ස්ථානගත කළ බව සමුද්‍රීය පිරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසන්නීය. 25 May 2021
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ බිරිඳට කොරෝනා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳ කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇත 25 May 2021
කොරෝනාවට පෙම් බැඳි 745ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 745 ඉකුත් දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 25 May 2021
රත්නපුරයට ගංවතුර තත්ත්වයක් රත්නපුර මුවගම ජල මාපකයේ කලුගඟේ ජල මට්ම 25 අලුයම 50.30 වනවිට මීටර් 07.7 දක්වා ( අඩි 25 අඟල් 03 ) දක්වා ඉහළ ගොස් සුලු ගංවතුර තත්ත්වයක් ඇතිබී තිබේ. 25 May 2021
‘යාස්’ සුළි කුණාටුව චණ්ඩ වේ:රටපුරා මහ වැසි ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘යාස්’ සුළි කුණාටුවේ සහ නිරිත දිග මෝසම් තත්වයේ බලපෑමෙන් අද (25) දිනයේත් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල තද වැසි සහ සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 May 2021
කොරෝනා එන්නත් ගන්න ඩොලර් කෝටි 22 වෙන්කරයි චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් එක්කෝටි හතලිස් ලක්ෂයක් මිලදී ගැනිම සදහා ඇමරිකා ඩොලර් කෝටි විසිදෙකක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත . 25 May 2021
කොරෝනා මර්දනයට දායකවන නිලදරුවන්ට කඩිනමින් එන්නත් කොරෝනා මර්දන වැඩසටහනට ගම් මට්ටමින් දායකවන රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට කොරෝනා එන්නත ප්‍රමුඛත්වය දී ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත . 25 May 2021
සේවක අර්ථසාධක අරමුදල් සේවා ගන්න මහ බැංකුවට යන්න ඕනේ නෑ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙන් ඉටු කරගත යුතු සේවා තැපෑලෙන්, විද්‍යුත් තැපෑලෙන් (ඊමේල්), අන්තර්ජාලය මගින් හෝ වාණිජ බැංකු ශාඛාවකින් කරගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 25 May 2021
විපක්ෂනායකට ළංවූ මන්ත්‍රීවරුන් පහළොවකට රතු නිවේදනයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශ්රිත වූ බවට හඳුනා ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකුට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගවලට යොමුවන්නැයි දැනුම් දුන් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. 25 May 2021
කොරෝනා ආසාදිත මරණ 33ක් හඳුනා ගනියි කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 33ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (24) තහවුරු කළේය. 25 May 2021
රට රටවල කොරෝනා තත්ත්වය ලොවපුරා රට රටවලින් කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා කටයුතු කළේය. 25 May 2021
වාහන ආනයනය සම්පූර්ණ අත්හිටුවයි වාහන සීමිත සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය අද රාත්‍රියේ තීරණය කර ඇත. 24 May 2021
කොරෝනා නසන්න ඕස්ට්‍රෙිලියානු ඩොලර් ලක්ෂ 55ක් ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 මර්දන වැඩසටහනට ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 55ක මුදලක් පිරිනමන බව ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මරිස් පෙයින් ප්‍රකාශ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලය කියයි. 24 May 2021
සංචරණ සීමා කඩකරන්නන් සොයා ඩ්‍රෝන මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මක වන සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයන් සෙවීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව ඩ්‍රෝන යානා ද උපයෝ්ගී කරගනිමින් ආරම්භ කර තිබේ. 24 May 2021
උප පොලිස් පරීක්ෂගේ පහරදීමෙන් අයිතිවාසිකම් කඩ වෙලා බහු විවාහ චෝදනා මත අත්අඩංගුවට ගත් විදේශීය සමාගමක මෙරට කළමනාකරුවකුට පහරදීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය පහර කෑ එම තැනැත්තාට රුපියල් එක් ලක්ෂ පනස් දහසක වන්දි මුදලක් හා ඊට අමතරව නඩු ගාස්තු ලෙස රුපියල් 25, 000 ක්ද ගෙවන්නැයි ගල්කිස්ස පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට නියෝගය කළේය. 24 May 2021
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 4ක් සංකේත වැඩ වර්ජනයක රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට පමණක් කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගත් තීරණයට විරෝධය දැක්වීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති හතරක සේවකයෝ හෙට (25) බස්නාහිර පළාත තුළ සංකේත වැඩ වර්ජනයක නිරත වෙති. 24 May 2021
සතොස තෙදිනක් විවෘතව තබයි සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලගැනීම සඳහා සියලූම සතොස අළෙවිසල් තෙදිනක් විවෘතව තබන ලෙස වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල මහතා උපදෙස් දී තිබේ. 24 May 2021
කළු ගඟේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළට රත්නපුර දිස්ත්‍රික්කයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් කලූ ගඟේ ජල මට්ටම අද සවස 06.00 වන විට ගංවතුර අවදානම් මට්ටම පසුකර ඇති බව රත්නපුර මුවගම පිහිටි ජල මාපකයේ දත්ත අනාවරණය කරයි. 24 May 2021
වකුගඩු රෝහලට විමල්ගෙන් රුධිර පෙරණයක් හෝමගම මූලික රෝහලේ කොවිඩ් - 19 වයිරසය ආසාදිතව ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීම සඳහා වාට්ටුවලට සහ දැඩි සත්කාර ඒකකයට පහසුවෙන් ගෙන යා හැකි ලක්ෂ විසි දෙකක් වටිනා ඩයලිසිස් යන්ත්‍රයක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (24) පරිත්‍යාග කලේය. 24 May 2021
ගම් හයක් හුදකලා කරයි කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයිනේ තවත් දිස්ත්‍රික්ක 04 ක ග්‍රාම නිලධාරී වසම් 06ක් හෙට උදෑසන 6 සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කරන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 24 May 2021
නීතිපති දප්පුල අගමැති හමුවේ නීතිපති ධූරයෙන් විශ්‍රාම යන ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී අද (24) හමුවුණේය . 24 May 2021
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026