හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කර, නිවාස අඩස්සියට පත් කෙරුණු මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ට, සිවු වසරක සිර දඬුවමක් ලබා දීමට මියන්මාර විශේෂ අධිකරණයක් අද (6) නියෝග කළේය.
සූ කීට චෝදනා රැසක් යටතේ නඩු 12 ක් පවරා ඇති අතර, අද (6) ලබා දුන්නේ පළමු නඩුවේ තීන්දුව යැයි මියන්මාර මාධ්‍ය වාර්තා පැහැදිලි කරයි.
ජනතාව නොසන්සුන් කිරීම සහ 'කොවිඩ්19' වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශ පැනැවූ නීති උල්ලංඝනය කිරීම යන චෝදනාවලට සූ කී වරදකාරිය විය.
ඊට අමතරව, රාජ්‍ය රහස් සම්බන්ධ පනතක් උල්ලංඝනය, දූෂණ චෝදනා ආදිය ද නායිකා සූ කී ට එල්ල වී ඇති අතර, ඒ සියලු චෝදනාවලට ඇය වරදකාරිය වුවහොත් ඇයට ජීවිතාන්තය තෙක් සිර දඩුවම් විදීමට සිදුවනු ඇති බව පැවැසෙයි.
තමන්ට එල්ල වන සියලු චෝදනා සූ කී ප්‍රතික්ෂේප කර ඇත.
76 හැවිරිදි නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබ සිටින සූ කී බලයෙන් නෙරපා දමමින් හමුදාව එරට බලය අල්ලා ගත්තේ මෙම වසරේ පෙබරවාරි පළමු වැනිදාය.
මියන්මාර මහ මැතිවරණය පසුගිය වසරේ පැවැත්විණි. එයින් ද පහසු විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සූ කී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත් විය. පරාජය වූයේ මියන්මාර හමුදාවට සහාය දක්වන දේශපාලන කණ්ඩායම්ය.
එම දේශපාලන කණ්ඩායම් දිගින් දිගටම චෝදනා කරන්න වූයේ මහ මැතිවරණය දූෂිත බවට ය. හමුදා කුමන්ත්‍රණයක් තෙක් එම චෝදනා දුරදිග ගියේ ඉන්පසුවය.
හමුදා සොල්දාදුවන් අවුන් සාන් සූ කී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇගේ යැංගොන් නුවර නිවසේ තිබී වෝකිටෝකි ඇතුළු සන්නිවේදන උපකරණ හමුවිය. ඒවා සම්බන්ධයෙන් බලපත්‍ර නොතිබුණු බව ද පැවැසිණි.
(රොයිටර්)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සූ කී වසර 4 ක් හිරේ
jagath Monday, 06 December 2021 02:10 PM
මෙතුමිය නිදහස් විය යුතුයි.
gagana Monday, 06 December 2021 02:40 PM
කරුම රටක ඉපදුනු ඇය දැන් කුමක් කරන්නද.
SUNIL MILANO Monday, 06 December 2021 08:17 PM
ලෝක බලවතුන් මෙයට විරුද්ධව නැගීසිටිය යුතුයි. මෙතුමිය දැන් තනිවෙලා.. බලවත් යයි කියාගන්නා රටවල්. මෙතුමියට සිදුවූ අසාධාරණය ඉදිරියේ... මුනිවත රැකී..