(ඩයනා උදයංගනී)

විදුලි සැපයුම හෙට (8) සිට අඛණ්ඩව පවත්වාගෙන යා හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

දිවයින පුරා ඉකුත් 3 වැනිදා විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳ වැටුණු අතර එය යථා තත්ත්වයට පත්කරන තෙක් ‍ඇතැම් ප්‍රදේශවල විදුලි කප්පාදුවක් සිදු කිරීමට එම මණ්ඩලය තීරණය කර තිබිණි.

ඒ අනුව දිනපතා පස්වරු 6.00ත් 9.00ත් අතර කාලයේදී අවම වශයෙන් පැයක කාලයක් විදුලිය කප්පාදුවක් ඇතැම් පුදේශවල සිදුවිය.

 එය හෙටින් පසු නවත්වා සාමාන්‍ය පරිදි අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදෙන බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.