මුල්ලේරියාව රෝහලේ කොරෝනා රෝගීන්ට අලුත් වාට්ටු දෙකක් මුල්ලේරියාව රෝහල් භූමියේ ඉදි කෙරුණු ඇඳන් 352 යුත් කොරෝනා රෝගීන් සඳහා ඉදිකළ වාට්ටු දෙකක් වෙසක් පොහෝ දින අද දින (26) මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් විවෘත කර එම රෝහල වෙත භාරදෙනු ලැබීය 26 May 2021
වේයන්ගොඩ ප්‍රදේශ රැසක විදුලිය ඇනහිටී වේයන්ගොඩ සහ වඳුරව දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය හරහා අධි ධාරිතාවෙන් යුතු විදුලි රැහැන්වල ආරක්ෂාව සදහා ඇද තිබු විශාල දැළක් දුම්රිය හරස් මාර්ගට කඩා වැටි ඇතැයි වේයන්ගොඩ විදුලි ඉංජිනේරු කාර්යාලය කියයි. 26 May 2021
ගම්පහ රෝහලේ අධි ප්‍රතිකාර ඒකකය වෙසක්දා විවෘත කෙරේ ගම්පහ රෝහල අලුතින් ස්ථාපිත කළ අධි ප්‍රතිකාර ඒකකය වෙසක් පුන් පොහොය යෙදුනු අද (26) ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අතින් විවෘත කෙරිණ. 26 May 2021
‘සයිනොවැක් ‘එන්නත නිෂ්පාදනය ශ්‍රී ලංකාවේදී චීනයේ සයිනොවැක් කොරෝනා එන්නත ඉදිරි මාස දෙකේදී මෙරටදීම නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 26 May 2021
“කොවිඩ් එන්නත දෙන්නම් වර්ජනය අතහරින්න’’ රටපුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලවලට, ග්‍රාම නිලධාරීවරුන් සංවර්ධන නිලධාරීන්ට මීළඟ අදියරේදී කොරෝනා මර්ධන එන්නත් ලබාදීමට පියවර ගන්නා බව ස්වදේශ කටයුතු කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතා පැවසී ය. 26 May 2021
රට පුරා ග්‍රාම නිලධාරීහු වර්ජනයක ග්‍රාම නිලධාරීවරුන්ට කොවිඩ් වර්ධන එන්නත් ලබා නොදීමට විරෝධය දැක්වීම සඳහා රට පුරා සියලු ග්‍රාම නිලධාරිවරු අද (26) සංකේත වැඩ වර්ජනයක නිරත වූහ. 26 May 2021
නිවසේම මිය ගිය දෙදෙනකුට කොරෝනා වතුපිටිවල මූලික රෝහලට අද (26) රැගෙන ආ පිරිමි මළ සිරුරු දෙකක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට භාජනය කිරීමේදී කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 26 May 2021
ජනපතිගෙන් සෞඛ්‍ය ප්‍රධානීන්ට නියෝගයක් චීන රජය මෙරටට පරිත්‍යාග කළ සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහ රට පුරා ජනතාවට වහාම ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට අද (26) උපදෙස් දුන්නේය. 26 May 2021
රැදවියන් 260 දෙනකුට ජනපති සමාව ජාතික වෙසක් දිනය නිමිත්තෙන් සිරකරුවන් 260 දෙනකුට ජනපති සමාවෙන් නිදහස ලබා දී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසිය. 26 May 2021
නැවෙන් එන රසායන ද්‍රව්‍යයෙන් ජනතාව රකින්න නාවික හමුදාවෙන් ආරක්ෂක වැටක් කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ ගිනිගෙන දැවෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙන් මුහුදට වැටෙන බහාලුම් සහ විවිධ කොටස් වෙරළ තීරයට පැමිණෙමින් ඇති නිසා දික්ඔවිට සිට හලාවත දක්වා වෙරළ තීරය ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි නාවික හමුදාව පවසයි. 26 May 2021
පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ ලේකම්වරියක ඇතුළු දහයකට කොරෝනා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ ලේකම්වරියක ඇතුළු සේවකයන් දස දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය. 26 May 2021
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ශ්‍රී ලංකාවට චීන රජය රජය පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ පහක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළට ඊයේ (26) අලුයම පැමිණියේය. 26 May 2021
කොරෝනා ආසාදිතව සිටි මුජිබර් සුවය ලබා ගෙදර එයි කොරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සුවය ලබා සිය නිවෙසට ඊයේ (25) දහවල් පැමිණියේය. 26 May 2021
රංගන ශිල්පිනී සුරේනි සෙනරත් දිවි රඟමඩලෙන් බැසයයි ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියන් වූ සුරේනි සෙනරත් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය 26 May 2021
‘කොරෝනා පරාජයට තුන්වැනි එන්නතක් ඕනෑ ‘ කොරෝනා මර්දන එන්නතකින් පුද්ගලයකුට රැකවරණය සැලසෙන්නේ වසරක පමණ කාලයකට පමණකැයි වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙන බව වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලංකාදීපයට පැවැසීය. 26 May 2021
කොත්මලේ ජලාශයේ වේල්ල ආසන්නයේ ගිලා බැසීමක් කොත්මලේ ජලාශයේ ප්‍රධාන වේල්ල ආසන්නයේ මාර්ගයේ විශාල ගිලා බැසීමක් සිදුව ඇතැයි කොත්මලේ ජලාශයේ කාර්ය බාර ඉංජිනේරු ආර්.එම්.වත්සල මහතා පවසයි. 26 May 2021
නැවේ ගින්න තවත් පැතිරෙයි කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නට ළගාවීමට නොහැකි තත්වයයක පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි. 26 May 2021
නිරෝධායන නීති කැඩූ 686 අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 686 දෙනකු ඉකුත් පැය 24ක දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 26 May 2021
සංචරණය ලිහිල් කළ කාලය වූ අනතුරුවලින් හතක් මරුට සංචරණ සීමා ලිහිල් කළ ඊයේ දිනය තුළ දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් හත් දෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 26 May 2021
වෙන දා සුදුවතින් බැබළුණු වෙහෙර විහාර අද පාළුවට යයි සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට (26) යෙදී ඇත. මෙවර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බොදු ජනතාවට වෙසක් දිනය සැමරීමට සිදුව ඇත්තේ නිවෙස්වල සිටය. 26 May 2021
‘යාස්’ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘යාස්’ චණ්ඩ සුළි කුණාටුවක් වීමේ සහ නිරිත දිග මෝසම් තත්වයේ බලපෑමෙන් අද (26) දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 May 2021
කෝවිඩ් -19 මරණ තවත් 28ක් කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 28ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (25) තහවුරු කළේය. 26 May 2021
බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක අතමාරුවක් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ශ්‍රී ලංකාවට ලබා දීමට බංග්ලාදේශයේ බැංකු මණ්ඩලය අනුමත කර ඇතැයි එරට පළවන නිව් ඒජ් පුවත්සේවය වාර්තා කර ඇත. 25 May 2021
කොවිඩ් 19 වයිරස ආසාදිතයෝ තවත් 1808ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1808 දෙනකු ඊයේ (25) වාර්තාවිය. 25 May 2021
ගංඟා පහක් පිටාර මට්ටමේ තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගංගා පහක් ආශ්‍රිතව ගං වතුර අවදානමක් මතුව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 25 May 2021
නැවේ ගින්න නිවන්න ඉන්දියාවත් එයි කොළඹට නුදුරින් ඈත මුහුදේ ගින් ගන්නා එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ වෛභව් නෞකාව සහ අයි.සී.ජී. ඩෝනියර් ගුවන් යානය සහ වෝටර් ලිලී බෝට්ටුව පිටත් කර එවා ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 25 May 2021
විල් බැරක්කෙන් නගරයට සංචරණ සීමා ලිහිල්කළ අද දින අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදි ගැනීම සඳහා රටපුරා ජනතාව නගරවලට සහ කඩසාප්පුවලට ඇදී ආහ. 25 May 2021
මැතිසබයේ ඡන්ද මැසිමේ දෝෂ හෙළිවෙයි මැතිසබයේ සවි කර ඇති ඡන්දය ගණනය කරන ඉලෙක්ට්‍රොනික පද්ධතියේ දෝෂ සහ අඩුපාඩු කිහිපයක් එම පද්ධතිය පරීක්ෂා කළ තාක්ෂණික විශේෂඥයන් සහ ඉංජිනේරුවන් සොයාගෙන ඇත . 25 May 2021
කොරෝනා මරණ අවම කර ගැනීමට තිස්ස විතාරණගෙන් යෝජනාවක් කොරෝනා මරණ අවම කිරීමට මේ මොහොතේදී අනුගමනය කළ හැකි සුදුසුම උපක්‍රමය වන්නේ නිදන්ගත රෝගවලින් පෙළෙන මෙරට අධි අවදානම් කණ්ඩායම්වලට කොරෝනා මර්දන එන්නත කඩිනමින් ලබාදීම බව වයිරස වේදය පිලිබද ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලංකාදීපයට පැවැසීය. 25 May 2021
කොරෝනා රෝග ලක්ෂණ මර්දනයට පොල්තෙල් පිරිසුදු පොල්තෙල්වලින් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇති වන රෝග ලක්ෂණ මර්දනය කළ හැකි යැයි පිලිපීනයේ ප්‍රධාන පෙළේ රසායනික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු උපුටා දක්වමින් ‘සී.එන්.එන්. පිලිපීන්ස්’ පුවත් සේවය වාර්තා කර ඇත. 25 May 2021
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026