(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දී ඔවුන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා වන කමිටුව වහා  ප්‍රකාශයට පත්කරන්නැයි පත් කළ මන්ත්‍රී හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.

තමාට  විපක්ෂය වෙනුවෙන් කතා කරන්න නොහැකි යැයිද  තමා විපක්ෂයේ නොවේ යැයිද කී හිටපු අග්‍රාමාත්‍යවරයා තමා පාර්ලිමේන්තු පක්ෂ නායක කමිටුවේත් නැතැයිද කීය.

සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

"එක මන්ත්‍රීවරයෙක් චෝදනා කරලා තිබෙනවා. ඔහුට හානියක් වුණා කියලා . ඒ ගැන කමිටුවක් පත් කරලා පක්ෂ නායකයින් කැඳවා සාකච්ඡාවක් කරන්න. මට පුළුවන් මා වෙනුවෙන් කතා කරන්න .වෙන කවුරුවත් නැහැ. අප කළ ඉල්ලීමට එකඟ වන්නේ නැතිනම් සාකච්ඡාවක් පවතින්නේ නැහැ

දැන් තිබෙන්නේ ඊළඟදවස් කිහිපය සඳහා විපක්ෂය ගෙනෙන්වා ගැනීමට කටයුතු කිරීමයි. ඒ නිසා අදාල කමිටුව නම් කරන්න. ඊට පසුව අප අප වැඩ කරමු .ඒ ඉල්ලීම ඉටු කර දෙන්න. අන්තිම දවස් තුනේ දී අපට සම්පූර්ණ සාකච්ඡාවක් ගෙනයා හැකියි යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා කීය.